Friday, October 26, 2012

සමාජවාදය,ඒකාධිපතිවාදය හා නාසිවාදය සමග පොරබැදී ජනපති- ෆ්‍රැන්ක්ලින් රූස්වෙල්ට් Franklin Roosevelt(1882-1945)

1930 දශකයේදී අමෙරිකා එක්සත් ජනපදයට බලපෑ ප්‍රධාන ගැටළු දෙකක් විය.පළමුවැන්න 1929 දී ඇරඹි පරිහානිය වන අතර අනෙක පළමු ලෝක යුද්ධයෙන් පසු දිනාගත් "නොසන්සුන් සාමය" යි. එවක එක්සත් ජනපද ජනපති වූ හර්බට් හුවර් (Herbert Hoover) ට උක්ත ගැටළු විසඳුමට නුපුළුවන් විය.




1932 දී ඩිමෝක‍්‍රටික් පක්ෂය ජනාධිපතිවරණය සඳහා නම් කළේ ෆ්‍රැන්ක්ලින් ඩි.රූස්වෙල්ට් ව ය.එම මැතිවරණය සිහිකටයුතු ලෙස ජයගත් ඔහු;ගැටළු සමඟ පොර බදමින් අමෙරිකා එක්සත් ජනපදය අධිවේගයෙන් ලොව සුපිරි බලය කරා රැගෙන යාමට සමත් විය.

අමෙරිකා එක්සත් ජනපද ඉතිහාසයේ පිටපිට සිව් වතාවක්ම මැතිවරණ ජයගෙන ජනාධිපති පුටුවේ වාඩි වූ එකම පුද්ගලයා රූස්වෙල්ට් ය.ඔහු පිළිවෙලින් 1932,1936,1940 සහ 1944 ජනාධිපතිවරණ ජයගත්තේය.

රූස්වෙල්ට්,නිව් යෝර්ක් (New York) හි විශිෂ්ඨ පවුලකින් පැමිණියෙකු වූ අතර,1906 දී නොබෙල් සාම ත්‍යාගය දිනූ ඇමෙරිකන් ජනපතිවරයෙකු වූ තියඩෝර් රූස්වෙල්ට් (Theodore Roosevelt)ගේ නෑයෙක් ද විය.ඒ හේතුවෙන් රූස්වෙල්ට් පවුල නිව්යෝක් හි ඉහළ සමාජය තුළ ධනවත් හා පරසිඳු තැනෙක සිටියේය.ෆ්‍රැන්ක්ලින්, නිවසේදීම උගත් අතර පසුව ඔහු කොලොම්බියා සරසවිය (Colombia University)ට ඇතුලත්ව නීතිවේදියෙකු බවට පත්විය.ඔහු යම් දුරකට නීතිඥයෙක් ලෙස කටයුතු කළත්,ස්වභාවයෙන්ම ඇදීගියේ දේශපාලනය කරා ය.තමන් සේවය කළ නීති ආයතනයේ සගයින් සමඟ වරෙක ඔහු පවසා තිබුනේ තමන්ට උවමනා එක්සත් ජනපදයේ ජනාධිපති වීමට බවයි.

රූස්වෙල්ට් විශ්වාස කළේ පළමු ලෝක යුද්ධයෙන් ඇරඹි යුරෝපිය අර්බුදයෙන් මෙන්ම නාසි ජර්මනියේ අනතුර,අමෙරිකානුවන් විසින් අමතක නොකළ යුතු බවකි.

"පහුගිය අවුරුදු දෙකේ අත්දැකීම සැකයෙන් තොරවම ඔප්පු කරන්නේ කිසිම ජාතියකට,නාසීන් ව හුරතල් කරන්න බෑ කියලයි." 1940 දී ඔහු පැවසුවේය. "කිසිම මිනිහෙකුට බෑ කොටියෙකුව අතගාලා පූස් පැටියෙකුගේ තත්ත්වයට හිලෑ කරගන්න.ගිනි අවුළුවන බෝම්බයක් එක්ක කිසිම තර්කයක් තියෙන්න බෑ."

1941දෙසැම්බර් මස 7වැනිදා ජපනුන් පර්ල් වරාය (Perl Harbor)ට පහර දුන් අතර;එයින් පසු රූස්වෙල්ට්,ජපානයට එරෙහිව යුධ ප්‍රකාශ කෙළේය.මින් පසු රූස්වෙල්ට්,බ්‍රිතාන්‍ය අගමැති වින්ස්ටන් චර්චිල් (Winston Churchill)සමඟ සමීපව කටයුතු කරන්නට පටන් ගත්තේය.තම ජනපති ධුර කාල සීමාව තුළදී ඉතා ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළේය.

"We have nothing to fear except fear itself"

ජර්මනිය,ඉතාලිය,හා ජපානයේ බලයට පරාජය ගෙන දෙමින් දෙවැනි ලෝක යුද්ධය අවසානය කරා තීරණාත්මක කාරණය වුයේ;ස්ටාලින් හා චර්චිල් සමඟ රූස්වෙල්ට් ගොඩ නැගී සන්ධානයයි.යුද්ධයේ නිමාව ආසන්නයේදී අත්ලාන්තික් ප්‍රකාශ පත්‍රය (Atlantic Charter) යෝජනා කිරීමේදී උපකාරී සාධකය වුයේ රූස්වෙල්ට් ය.පසුවඑයඑක්සත් ජාතීන්ගේ ප්‍රධාන නිෂ්ඨාව (Corner Stone) බවට පත්විය.

යුරෝපිය අර්බුදය පමණක් නොව එක්සත් ජනපද ආර්ථිකයේ යෝධ කඩාවැටීමත් රූස්වෙල්ට් ට මහත් අභියෝගයක් විය.ඩොලරයේ අගය පහත හෙලීම සහ රැකියා වියුක්තිකයන් සඳහා ප්‍රතිලාභ පිහිටුවීමත් ඇතුලත්ව "නව ගනුදෙනු" (New Deals) නම් වූ අදහස් පෙළ කරළිය ට ගෙනාවේ රූස්වෙල්ට් ය.එකී අදහස්වල සාර්ථකත්වය ;මේ කරදරකාරී සමය අතරට උපකාරී වෙතැයි සිතූ බහුතර ඇමෙරිකානු දනා රූස්වෙල්ට් ට සහයෝගය පල කෙළේය.

රූස්වෙල්ට් ගේ බිරිය වූ Eleanorද සුප්‍රසිද්ධ සමාජ සේවිකාවක් වුවාය.යුවළ කරකාර බැන්දේ 1905දී ය.තවත් වැදගත් කරුණක් වන්නේ;ඔහුගේ ජිවිතයට  මහත් පිඩා ගෙන දුන් පෝලියෝ රෝගයෙන් 1921 සිට  විඳවන්නට ඔහුට සිදු වීමයි.කෙසේ වෙතත් ඉන් ඔහුගේ දිරිය සිඳුනේ වත්, දේශපාලනය කෙරේ වූ ඇල්ම අඩුවුණේ වත් නැත.

රූස්වෙල්ට් 1945 දී මියගිය අතර ඔහුගේ අනුප්‍රාප්තිකයා වුයේ එවක හිටපු උප ජනපති වූ හැරී ට්‍රුමන් (Harry Truman) ය.





හිත-වත

ෆ්‍රැන්ක්ලින් රූස්වෙල්ට් උද්යෝගිමත් මුද්දර එකතුකරන්නෙක් විය.බටහිර සැමෝවා හි මුද්දරයකට ඔහු පෙනී සිටියේ සිය මුද්දර එකතුවත් සමගිනි.මුද්දර එකතු කරන්නෙක්;මුද්දරයකට පෙනී සිටි අවස්ථාවකට එකම උදාහරණය මෙය මැ පමණකි.

වත-ගොත

උපත:1882 ජනවාරි මස 30 වැනිදා හයිඩ් පාක්,නිව් යෝක්
විපත:1945 අප්‍රේල් මස 12 වැනිදා (අවු.63)වෝම් ස්ප්‍රින්ග්,ජෝර්ජියා
උප්පැන්නේ නම:Franklin Delano Roosevelt
දේශපාලන පක්ෂය :ඩිමොක්‍රටික් පක්ෂය
සහකාරිය:Eleanor Roosevelt
දරුවන්: Anna, 
             Hals ted James  
             Franklin Delano(Jr.) I
             Elliot
             Franklin Delano(Jr.) II
             John Aspinwall




Sunday, October 14, 2012

අජාන් චා හිමි - දෙවන කොටස






අජාන් චා හිමියන්ගේ දහම් හා භාවනා පුහුණුවේ නිකැළැල් එළැඹුම සහ උන්වහන්සේගේ සරල, සෘජු ඉගැන්වීම් ශෛලිය හේතුවෙන් විශාල අනුගාමික භික්ෂු හා අනාගාරික පිරිසක් ආකර්ෂණය වීමට පටන් ගති. මෙසේ අජාන් චා හිමියන් වටා විසල් ආරාමයක් ගොඩ නැගී අතර වඩවඩාත් භික්ෂුන්,මෙහෙණින් හා අනාගාරික ජනයා උන්වහන්සේගේ ඉගැන්වීම් අසන්නට පැමිණියහ. උන්වහන්සේ සමඟ ප්‍රායෝගික පුහුණුවට එළඹියහ.

කෙටි කාලයක් තුල අජාන් චා හිමියන්ගේ සරළ නමුත් ගම්භිර ඉගැන්වීම් ශෛලිය සඳහා විශේෂ ඉල්ලීමක් බටහිරයන් කෙරෙන් පළවූ අතර, උන්වහන්සේගේ අධ්‍යයනය හා පුහුණුව සඳහා බොහෝ දනා පැමිණිය හ.

1966 දී පළමු බටහිරයා වූ පුජ්‍ය සුමේධ හිමියෝ;Wat Nong Pah Pong වෙත පැමිණ ලැගුම්ගත් හ.අලුත පැවිදි වූ සුමේධ හිමියෝ සිය පළමු වස් විසීම Laotian සීමාව අසබඩ අරමක ගැඹුරු භාවනාවෙහි නියුක්තව ගෙවා දැමුහ. තම උත්සාහයේ යම් ඵලයක් දුටද, ආරාමික ජිවිතයේ සියලු කාරනා පුහුණු කරවීමේ සමත් ගුරුවරයෙක් තමන්ට උවමනා බව සුමේධ හිමියෝ තේරුම් ගත්හ.වාසනාවකට අජාන් චා හිමියන්ගේ භික්ෂු පිරිසගෙන් ඉංග්‍රීසි බස උසුරුවීමට දත් එක් හිමි නමක් සුමේධ හිමියන් අරමෙහි වැඩ සිටිද්දී ආරාමයට පිවිසියේය. අජාන් චා හිමියන් ගැන දැනගත් විගස, තම ගුරුවරයාගෙන් නික්මෙන්නට අවසර පතා නැවත පැමිණ උඩ කි හිමිනම සමඟ Wat Nong Pah Pong වෙත වැඩියේය.

අජාන් චා හිමියන්, අලුත් සිසුවා ලෙන්ගතුව පිළිගත් නමුත් බටහිරයෙක් වූ පමණින් ඔහුට විශේෂ දීමනාවන් ලබා නුදුන්නේය.  Wat Nong Pah Pong හි අනෙක් හැම භික්ෂුවක් සිදුකරන ලෙසම පුහුණුවේද,සාමාන්‍ය සරල දාන වේලකින් යපෙන්නටද,සුමේධ හිමියන්ට සිදු විය.

පුහුණුව;මුළුමනින්ම රළු හා එපා කරවන සුළු වුයේය.අජාන් චා හිමියන් තම භික්ෂුන් තම සීමාවන් දෙසටම නිතරම තල්ලු කරන ලද්දේ,සන්සුන්ව දරා සිටීම හා අධිෂ්ඨානය ගොඩනංවා ගැනීමට හැකිවන පරිදි ඔවුනගේ ඉවසීමේ හැකියාව උරගා බැලීම සඳහා ය.ඔවුනගේ ශාන්ත බවට,අනුයුක්ත වීම (ඇලීම) වලක්වාලීම උදෙසා ධිර්ඝ හා බැලු බැල්මට අරමුණක් නැති වැඩ ව්‍යාපෘති සඳහා මුල පිරුහ.අවධාරණය නිතරම යටත් වුයේ සහ ඉමහත් වෙහෙස දැරූයේ දැඩි ස්ථිර “විනය” ප්‍රතිපදාව උදෙසාය.

අජාන් චා හිමියන් වෙත පැමිණි විදේශිකයන් ගණන ක්‍රමයෙන් වැඩිවී තිබිණ.මේ වන විට සුමේධ හිමියන් වස පහක භික්ෂු ජිවිතයක් ගෙවා තුබූ අතර උන්වහන්සේ ;ඉගැන්වීම සඳහා ප්‍රමාණවත් ලෙස නිපුණ බව අජාන් චා හිමියෝ තීරණය කළහ.මෙසේ පැමිණි නව භික්ෂුහු ද, මෙහි නැවතී පුහුණුවන්නට තීරණය කොට තිබුණා හ.

1977 ග්‍රීෂ්ම සෘතුවේදී,පුජ්‍ය සුමේධ හිමියන් හා අතලොස්සක් වූ බටහිර භික්ෂුන් පිරිසක් Wat Nong Pah Pong වලට නුදුරු වනයෙක යම් කාල සීමාවක් ගෙවා දමද්දී..ගම්වැසියන් පිරිසක් විසින් එහි නවතින්නට ඇරයුම් කෙරිණි.අජාන් චා හිමියෝ ඊට කැමැත්ත පළ කළහ. The Wat Pah Nanachat (ජාත්‍යන්තර වනගත ආශ්‍රමය)ඉංග්‍රීසි බස වහරන භික්ෂුන් විසින් ඉංග්‍රීසි වහරන භික්ෂුන් උදෙසා තායිලන්තයේ දී ආරම්භ වූ අතර, එහි පළමු ආශ්‍රමාධිපති  වුයේ සුමේධ හිමියන්ය.

1977 දී ස්වදේශික බෞද්ධ සංඝාවාසයක් බිහිකිරීමේ අරමුණ ඇති පුණ්‍යායතනයක් වූ එංගලන්ත සංඝ භාරකාර මණ්ඩලය  (English Sangha Trust) මගින් අජාන් චා හා අජාන් සුමේධ හිමිවරුන්ට ආරාධනාවක් ලැබිණි.එහි ඇති වැදගත්කම දුටු අජාන් චා හිමියෝ, අජාන් සුමේධ හිමියන් ඇතුළු තම බටහිර සිසුන් දෙදෙනෙකු ලන්ඩනයේ (London) Hampstead විහාරයේ නැවතුහ. භික්ෂුන් ලන්ඩනයෙන් Sussex හි Chithurst  බෞද්ධ ආරාමය ඇරඹීමට යද්දී 1979 දී උන්වහන්සේ නැවත බ්‍රිතාන්‍යයට වැඩම කළහ. ඉන්පසු ඇමෙරිකාවට හා කැනඩාවට වැඩියේ සංචාරය කරමින් දහම ඉගැන්වීමට ය.




1980 දී අතිපුජ්‍ය අජාන් චා හිමියන්ට,වසර කිහිපයක සිට නිරතුරුව පිඩා විඳි කරකැවිලි ගතිය හා මතකය අඩුවීම වඩාත් තදින් දැනෙන්නට විය.1980 හා 1981 කාලසීමාවේදී දියවැඩියා රෝගයේ දුබල කරවන බලපෑම හමුවේ උන්වහන්සේගේ සෞඛ්‍යය පිරිහෙමින් යද්දී Wat Nong Pah Pong වලින් ඈත්ව වස්විසිම සිදු කළේය.උන්වහන්සේගේ අසනීප ගතිය උග්‍ර වෙද්දී තම ශරීරය තම ඉගැන්වීම සඳහා භාවිතාකල අජාන් චා හිමියෝ ,සියලු දෙයෙහි අනියත බව ජීවමාන උදාහරණයක්‌ ලෙස තම සිරුර පෙන්වා දුන් හ.

තමන් වහන්සේට තව දිගු කලක ඉගැන්වීමෙහි යෙදෙන්නට නොවන බව දත් අජාන් චා හිමියෝ නිරතුරුවම මිනිසුනට මතක් කර දුන්නේ තමන් තුලින්ම සැබෑ රැකවරණයක් සොයාගන්නට තදබල උත්සාහයක් ගන්නා ලෙසය.1981 දී සැත්කමකට බඳුන් කල ද,එය අසාර්ථක වූ තැන උන්වහන්සේ සම්පුර්ණයෙන් ගිලන් වූ අතර,කතාකිරීමට පවා නොහැකි විය.මෙය උන්වහන්සේගේ ආරාමයෙහි පුහුණුවට පැමිණෙන භික්ෂු හා අනාගාරික  පිරිස අඩුකරන්නට සමත් නොවුයේ, අජාන් චා හිමියන්ගේ ඉගැන්වීම් ස්ථාවර මග පෙන්වීමක් හා අනුප්‍රාණයක් වූ බැවිනි.

ගිලන්ව , නිහඬව  පුදුමාකාර වසර දහයක කාලයක් තම සිසුන් වෙතින් උපස්ථාන ලද අජාන් චා හිමියෝ 1992 ජනවාරි මස 16 වැනි දා අපවත් වන්නේ වසර 74 ක් ආයු වළඳා ය.තායිලන්තයේ, එංගලන්තයේ, ස්විට්සර්ලන්තයේ, ඉතාලියේ, ප්‍රංශයේ, ඕස්ට්‍රේලියාවේ, නවසීලන්තයේ, කැනඩාවේ සහ අමෙරිකා එක්සත් ජනපදයේ ව්‍යාප්තව මේ ශ්‍රේෂ්ඨ භාවනා ගුරුතුමන් යටතේ බුද්ධ ඉගැන්වීම් පුහුණු වූ සුවහසක් සිසු පිරිස හැර දාය.

1992 අජාන් චා හිමියන් අපවත් වුව ද, උන්වහන්සේ ස්ථාපනය කළ පුහුණුව  Wat Nong Pah Pong හි අදත් ක්‍රියාත්මක වන අතර,එහි ශාඛාවන් 200 කට අධික ප්‍රමාණයක් තායිලන්තය තුල ක්‍රියාත්මක වේ.මෙහි..දැහැමි බව, භාවනාව, හා තේරුම්ගැනීම දක්ෂ ලෙස හා නිරතුරුවම වගා කෙරෙන, භේද නැති ලෙස ද, විධිමත්ව ද,හැසිරවෙන ප්‍රජාවක් තුළ කෙනෙකුට සරළ සහ අපිස් ජිවිතය මෙහෙයවන්නට ලැබේ.දැඩි විනයකින් යුතු වේ.සාමාන්‍යයෙන් කණ්ඩායම් භාවනා දවසට දෙවරක්  පැවැත්වෙන  අතර, ඇතැම් විට  දෙටු ගුරුවරයෙකුගේ දේශණයක් ද, පැවැත්වේ.නමුත් භාවනාවේ හදවත; ජිවිතයේ මාර්ගය යි.

භාවනානුයෝගී සියළු වැඩ සියතින් සිදු කර ගනිති. ස්වකීය කැමැත්තෙන්ම ආරාම ගොඩනැගිලි හා පිටිය නිසි ලෙස හසුරුවති. ඔවුහු අතිශය සරළ ජිවිතයක් ගෙවන්නේ තවුස් සංඥානනය ඔස්සේ දිනකට වරක් පාත්‍රයෙන් අහර ගනිමින්;අවශ්‍යතා සහ සිවුරු සීමා කර ගනිමින් ය.වනය පුරා විසිර පවත්නේ, තනි මඩු භික්ෂුන් හා මෙහෙණින් හුදෙකළාව දිවි ගෙවීම, බවුන් වැඩිම සඳහා වන අතර, එහි ඔවුන් සක්මන් භාවනාවේ යෙදෙන පැහැදිලි මං ගස් යට පිහිටා තිබේ.

ප්‍රඥාව ජිවිත පැවැත්මයි. වත්මනෙහි දහම පුහුණුවීම සහ ඉගෙනුම සඳහා සරළ ආරාමික ජිවිත සිරිත රකින්නට ප්‍රයත්න දැරුවෝ අජාන් චා හිමියෝ ය. අජාන් චා හිමියන්ගේ අරුම පුදුම සරළ ඉගැන්වීම් ශෛලිය වරදවන සුළු ලෙස පෙනී යා හැක. නිරන්තරයෙන්ම අප යමක කිහිප විටක් ඇසි විට එක්වරම අපේ මනස වැඩේ. කෙසේ වෙතත් මේ ඉගැන්වීම් ඉමහත් ගැඹුරක් පෙන්වයි. උන්වහන්සේගේ විස්තරාත්මක දහම් පහදා දීම් කාලයට,තැනට,හා ශ්‍රාවකයාගේ සංවේදීභාවයට හා තේරුම්ගැනීමට ගැලපෙන අයුරු බලා සිටීම විස්මය ජනක ය.සමහර විටෙක,පුවත්පතෙක වුව; වාර්තාවක විසංවාදී බවක් පාඨකයා තුළ ඇතිවනු ඇත.එවැනි අවස්ථාවක මේ වචන ජිවිත අත්දැකිමක වාර්තාකරණයක් බව පාඨකයා දනී. එලෙසම අජාන් චා හිමියන්ගේ දේශනා ඇතැම්විට විසංවාදී,සම්ප්‍රදායයෙන් පිට බවක් පෙන්වයි නම්; මතක තබා ගත යුතු කාරණාව වන්නේ, අතිපුජ්‍ය අජාන් චා හිමියන් නිරන්තරයෙන් තම හදවතින් කතා කළ බවත්, උන්වහන්සේගේ භාවනා අත්දැකීමේ ගැඹුරින් මේ වචන කතා කළ බවත් ය. 


අජාන් චා හිමි - පළමු කොටස



අතිපුජ්‍ය අජාන් චා හිමියන් 1918 ජුනි මස 18 වෙනිදා තායිලන්තයේ Ubon Rachathani  නම් පළාතේ පිටිසර බද ග්‍රාමයක උපත ලැබුහ. එතුමන් තම දිවියේ පළමු භාගය ගත කළේ පිටිසර තායිලන්තයේ හැම දරුවෙක් මෙන්ම, සිරිත් ප්‍රකාර ගම පෙදෙසේ පැවිදි අරමේ වසර තුනක කාලයක් සාමණේර පැවිද්ද ලබා ගනිමිනි. එහිදී හිමියෝ, ලියන්නට කියවන්නට ද, මුලික බුද්ධ ඉගැන්වීම් ද පුහුණු කළහ.මින් පසු නැවත ගිහි දිවියට බට අජාන් චා හිමියෝ තම දෙමාපියන්ට උදව් කිරීමේ සිතුමෙන් බැසගත් ගිහි දිවියට සමු දුන්නේ, අරම්ගත දිවියට ඇති ඇලුම නිසාවෙනි. 1939 අගෝස්තු මස 26 වෙනිදා තම දිවියෙහි විසි වෙනි විය එළඹෙද්දී එතුමෝ නැවතත් ආරාමගත ජිවිතයට පිවිසුණි.

තම පැවිදි දිවියේ මුල් වසර කිහිපය මුලික දහම,පාලි බස,හා දහම් පොත් අතර ගෙවා දැමෙද්දී තම පියාගේ වියෝවින් කම්පිතව ජිවිතයේ යථාවබෝධය වෙනුවෙන් සිත මෙහෙයවන්නට උන්වහන්සේ යොමු විය.උගත් පාලි බසෙහි විශාරදත්වයට පැමිණි තිබුන ද, ජිවිතයේ සැබෑ අරමුණ ගැන ගැඹුරින් සිතන්නට ඉන් පෙළඹුණු උන්වහන්සේ දුක කෙළවර කිරීමේ පෞද්ගලික අවබෝධයක ආසන්නයටම පැමිණ ඇති වගක් පෙනෙන්නට තිබිණ.මුලාවෙන් මිදීම ගැන හැඟුම් පළ කෙරිණ..බුදු රදුන්ගේ ඉගැන්වීම් හි සැබෑ සාරය සෙවීමේ කැමැත්තක් පැන නැගිණ.


අවසන දී (1946)සිය අධ්‍යාපන කටයුතු නවතා දමා පිණ්ඩපාත චාරිකාවේ වඩින්නට උන්වහන්සේ මඟට පිළිපන් සේක.මධ්‍යම තායිලන්තයේ කිලෝමීටර 400 ක පමණ දුරක පයින්ම වැඩම කළහ. වනයෙහි සැතපුණ හ. එමග ගමින් ගම ලත් දානයෙන් සැනසුණ හ.”ආරාමගත විනය(Monastic Discipline) ඉතා අවධානයෙන් අධ්‍යයනය කරමින්, පුහුණුවේ යෙදෙමින් ආරාමයක නවාතැන් ගත් අජාන් චා හිමියන්ට, අති පුජනිය බවුන් ගුරුවරයෙකු වු අජාන් මුන් භුරිදත්ත ( Rev.Ajan Mun Buridatto) හිමියන් පිළිබඳ අසන්නට ලැබිණි.එවන් නිපුණ ගුරුවරයෙකු සොයමින් පා ගමනින් ඉදිරියට උන්වහන්සේ වෙනත් ආරාම කරා වැඩම කළහ.මේ සියවසෙහි අනගිතම තායි වනගත බවුන් ගුරුවරයා වූ අතිපුජ්‍ය අජාන් මුන් හිමිපාණන් සමඟ කෙටි නමුත් ඉතා අවබෝධාත්මක කාල පරාසයක් ගෙවා දැමු එහිමියෝ එහිදී “ආරාමගත විනය” පිළිබඳ අති සවිස්තරාත්මකව උගත් හ.


මේ අවදිය වන විට ඉතා බැරෑරුම් ප්‍රශ්නකාරී ගැටුමකට මැදිව සිටි උන්වහන්සේ අකුරින් විගස ඉදිරිපත් කල හැකි ලෙස ද, වචනයෙන් විස්තර කල හැකි ලෙසද, සුචරිතය (ශිලය), භාවනාව, සහ සමාධිය පිළිබඳ ඉගැන්වීම් උගෙන තුබුන ද , ඒවා ප්‍රායෝගිකව ක්‍රියාවට නගන්නේ කෙසේ දැයි නොදත්හ.
මේ ඉගැන්වීම් අතිශය පෘථුල වුව ද,හදවත ඉතාම සරළ විය යුතු බව අජාන් මුන් හිමියන්ගේ අදහස විය.”සතිය”(සිහිය) පවත්වාගෙන යාම සමඟ සියළු දේ සිතින් පැනනගින බව දකිද්දී පුහුණුවේ නිවැරදි මඟ පෙනේ.මේ සංක්ෂිප්ත හා සෘජු ඉගැන්වීම්,අජාන් චා හිමියන්ට පිවිසුම් විවරයක් (a Revelation) විය. උන්වහන්සේගේ එළැඹීම, පුහුණුව ට පරිණාමය විය.මඟ හෙළි විය.


ඊළඟ සත්වස තුළ දී අජාන් චා හිමියෝ  තාපස වෘතයට පිවිස වනගත අපිස් (Austere) දිවියකට බට හ. තම කාලය වනයේ හි, ගල්ගුහාවන් හි,සොහොන් පිටි වල සහ භාවනා පුහුණුව ඔප් නංවා ගැනීමට උචිත තැන්වල ගෙවා දැමු හ.බවුන් පුහුණුවට ගැලපෙන නිස්කලංක තැන් සොය සොයා දනව් පුරා නිදහසේ සැරිසැරූ හ.ජිවිතයේ සැබෑ අරුත සඳහා මරණයේ පිළිඹිබුව විනිවිද යමින් කොටි වලසුන් හා සපුන් ගහන වනයේ කල් ගෙවූ හ.විටෙක මරණ බිය අභියෝගයට ලක්කොට,එයින් නික්මීම උදෙසා සොහොන් පිටියක බවුන් වැඩුම සිදු කළහ.වැහි කුනාටු අබිමුව ශීතලව,තෙතබරිතව වැඩ හිඳිම නිසා නිවෙසක් නැති,භික්ෂුවකගේ හුදෙකලාව ද, පරිපුර්ණ තනිකම ද විඳ  ගත්හ.

දිගු කාලයක් චාරිකාවේ,පුහුණුවේ යෙදෙමින් වැඩි උන්වහන්සේට තම උපන් ගම අසළ වන වදුලක ලැගුම් ගන්නට ඇරැයුම් ලැබිණ.විසිය නොහැකි,සර්පයන් කොටි වලසුන් හා අමනුස්ස බලවේග වලින් ගහන මේ වනය; එතුමෝ පැවසු ලෙසට; වනගත භික්ෂුවක් සඳහා ඉතා සතුටුදායක පිහිටීමක් විය.





Click & Earn

'සාර්ථක' මිනිහෙක්ට වාහනයක් තියෙන්නම ඕනද? (සාර්ථක මිනිහෙක්ගෙ කතාවක්)

අපේ ගමේ මීට අවුරුදු ගානකට කලින් අක්කර 35ක රබර් ඉඩමක් විකුණුව රබර් මිල වැටුණු කාලෙකදි. අවුරුද්දක් දෙකක් ගිහින් අපි දැක්ක ඒ හිස් ඉඩමෙ ටික ටික ...

Check it