Sunday, September 16, 2012

ශ්‍රීමත් වින්ස්ටන් චර්චිල් (1874-1965) මහා බ්‍රිතාන්‍යයේ යුද නායකයා

Sir Winston Churchill (1874-1965)
"The War Time Leader of Great Britain"



"ඇඩොල්ෆ් හිට්ලරයන්ගේ (Adolf Hitler) මඟ පෙන්වීම යටතේ ලොව පාලක බලය තුල ජර්මනිය තිරිහන් වෙන බැව් දෙවැනි ලෝක යුද්ධය දුටුවේය.යුදයේ ඇරඹුම් තන්හි ජර්මනිය කෙරේ ප්‍රතිරෝධය දැක්වීමේ පුර්ණ තනි ව්‍යායාමය දරන්නට සිදුවුයේ මහා බ්‍රිතාන්‍යය ට ය.
ජර්මනියට එරෙහි සටන් ප්‍රයත්නය සියතට ගත් බ්‍රිතාන්‍ය දේශපාලනඥයා වුයේ..එවක බ්‍රිතාන්‍ය යුද පාලනාධිකාරියා වූ සර් වින්ස්ටන් චර්චිල් ය."


සර් වින්ස්ටන් චර්චිල්, මහා බ්‍රිතාන්‍යයෙන් බිහි වූ ශ්‍රේෂ්ඨතම අගමැතිවරුන් ගෙන් කෙනෙකි.ඉතා බල සම්පන්න පවුලකින් පැවැත ආ ඔහු, ප්‍රභාමත් කථිකයෙකු,ලේඛකයෙකු ඉතිහාසඥයෙකු හා චිත්‍ර ශිල්පියෙකුද විය.

දේශපාලකයෙකු කලාතුරකින් ළඟා කරගන්නා ජයග්‍රහණයක්‌ වූ නොබෙල් ත්‍යාගය "සාහිත්‍යය" සඳහා ඔහු දිනා ගත්තේ 1953 දී ය.

"I have nothing to offer but blood,toil,tears and sweat among others"
ලේ ,කඳුළු,ශ්‍රමය, හා දහදිය හැරෙන්නට අන්‍යයන්ට පිරිනමන්නට දෙයක් මා සතුව නැත.යන ජනකාන්ත කියමන ඔහු ගේ ය.

ලෝක යුද්ධය අතරතුර ජර්මනියට විරෝධය පාන්නට බ්‍රිතාන්‍ය ජනතාව පුබුදු කළ ,ඔවුනගේ හැඟුම් අවදි කළ අති දක්ෂ කථිකයා ඔහු විය.යුරෝපා ජාතීන්ගේ දේශපාලන අධිකාරිය තුල නැගෙනහිර හා බටහිර යුරෝපයේ වෙන්වීම ඇඟවූ "Iron Curtain"යන වදනේ නිර්මාණකරු ඔහු ය.



සර් වින්ස්ටන් ලෙනාඩ් ස්පෙන්සර් චර්චිල් (Sir Winston Leonard Spencer Churchill) උපත ලැබුයේ 1874 නොවැම්බර් මස 30 වැනිදා Blenheim Castle හි දිය.ඔහුගේ පියා වුයේ රැඩොල්ෆ් චර්චිල් සාමිවරයා ය.(Lord Randolph Churchill) මව අමෙරිකානු ජෙනී ජෙරොම් ය. (Jennie Jerome) ය.

1888 දී Harrow පාසල ට ඇතුල් වුවද ඉනික්බිති උසස් පාසලක ඉගෙනුම් නොකළ චර්චිල්  පසුව රාජකීය යුද හමුදා පාසලෙන් උපාධිය සපුරා ගත්තේ ය.

ඉන්පසු ඔහු කියුබාවේදී ස්පාඥඥ හමුදා සමඟ යුද හමුදා සෙබළෙක් ලෙස කටයුතු කළේය.1897 දී ඉන්දියන් හමුදාවේ Malakand  ගවේෂණ චාරිකාවට ඔහු සම්බන්ධ විය.එමෙන්ම 1899 දී දකුණු අප්‍රිකාව ට ගිය චර්චිල් London Morning Post පුවත්පතේ යුද පුවත් වාර්තාකරු වුයේ Boer (ලන්දේසින්ගෙන් පැවතෙන දකුණු අප්‍රිකාණු වන්)යුද්ධයේ දි ය.අත් අඩංගුවට පත් හෙතෙම Pretoria හි සිරගත කෙරුණු අතර ඉන් මිදී පලායාමට ඔහු කළ වික්‍රමය නිසා ලෝක ප්‍රසිද්ධියට පත් වුයේය.

1901 ජනවාරි මස 23 වැනිදා Conservative පක්ෂය යටතේ Old-ham (Lancashire) හි පාර්ලිමේන්තු වට පත්වන චර්චිල් ; 1908 සිට 1910 දක්වා වෙළෙඳ මණ්ඩලයේ සභාපති ලෙසත්, 1910 සිට 1911 දක්වා බ්‍රිතාන්‍ය අභ්‍යන්තර ලේකම් ලෙසත් පත් විය.දෙවැනි ලෝක යුද ව්‍යවසන කාලයේදී ඔහු බ්‍රිතාන්‍යයේ ප්‍රථම හමුදා අධිකාරී බවට පත්වන්නේ 1911 සිට 1915 අතර දිය.එමෙන්ම Breaverbrooker සාමිවරයා සහ චර්චිල් ලෝක යුද සමයයන් දෙකෙහිදීම එක්සත් රාජධානි කැබිනට් මණ්ඩලයෙහි සාමාජිකයන් ව සිටීම විශේෂ සිද්ධියකි.




1940 මැයි මස 10 වැනි දින මහා බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය ධුරයට හා ආරක්ෂක අමාත්‍ය ධුරයට පත්වන වින්ස්ටන් චර්චිල් ජර්මනියට එරෙහි බ්‍රිතාන්‍ය යුද්ධයේ මූලිකයා (Spearhead - හෙළිතුඩ) බවට පත්වන්නේය.ඔහු නැවතත් 1951 දී අගමැති තනතුරට පත්වන නමුත් 1955 දී ඉන් ඉල්ලා අස්විය.කෙසේ වෙතත්, නැවත පත්වීමක් අපේක්ෂා නොකළ චර්චිල් ට 1964 මහා මැතිවරණය තෙක් අගමැති ධුරයේ රැඳී සිටින්නට සිදුවිය.


චර්චිල් ගේ සාහිත්‍යය වෘත්තීය ඇරැඹුණේ යුද මෙහෙයුම් වාර්තාකරණයන් වූ, 'The Story of the Malakand Field Force (1898) සහ The River War යන ලේඛණ සමඟ ය.ඉතිහාසයේ පසුකාලින ප්‍රබෝධය ගැන අපුර්ව බලාපොරොත්තු පලකළ Savrola නම් වූ ඔහුගේ එකම නවකතාව ප්‍රකාශයට පත් කෙළේ 1910 දී ය.පසුව තම පියා වූ Randolph Churchill ගේ සහ තම ශ්‍රේෂ්ඨ මුතුන් මිත්තෙකු වූ Marlborough හි ආදිපාදවරයා ගේ චරිතාපදාන ලියා පළකෙළේය.


චර්චිල් ගේ 'History of the first World War" (පළමු ලෝක යුදයෙහි ඉතිහාසය) වෙළුම් හතර(4)කින් යුතු වූ අතර, 'The World Crisis' නමින් පළවුයේ 1923-1929 කාලයේ දී ය.එලෙසම දෙවැනි ලෝක යුද්ධය ගැන ඔහුගේ මතකය වෙළුම් හය(6)කට දිව ගියේය.(1948-1954).පසුව ඔහු 'History of the English Speaking People'(ඉංග්‍රීසි බස වහරන මිනිසුන්ගේ ඉතිහාසය 1956-1958) ලිව්වේය.ඔහුගේ අසම සම කථා 'The Unrelenting Struggle' (අනුකම්පා රහිත සටන - 1942) , 'The Dawn of Liberation' (විමුක්තියේ අරුණෝදය - 1945) සහ 'Victory' (විජයග්‍රහණය - 1946) යන කෘතීන් හි වාර්තා වී ඇත.

1908 දී Clementine Hozier සමඟ විවාහ වූ චර්චිල්ට එක්(1) පුතෙක් සහ දුවරු සතර(4)දෙනෙක් විය.Clementine සමඟ ආලෙන් වෙලීම හා ඈ හා විවාහ වීම තම දිවියේ ලද විශිෂ්ඨ ජයග්‍රහණයන් ගෙන් එකක් බව  චර්චිල් වරෙක  පැවසුවේය.


1963 අප්‍රියෙල් මස 09 වැනිදා අමෙරිකානු කොංග්‍රසයේ  විශේෂ පනතක් මගින් පෙර නොවූ විරු ගෞරවයක් චර්චිල්ට හිමිවිණ.ඒ ජනපති කෙනඩි වෙතින් අමෙරිකාවේ ගරු පුරවැසි බව ලැබීම යි.

හිත-වත


චර්චිල් සමග වාද කරගත් අයද පාර්ලිමේන්තුවේ සිටියා.වෙසෙසින්ම Nancy Astor ආර්යාව ; පළමු බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සාමාජිකාවන්ගෙන් කෙනෙක්.

මේ ඇය හා චර්චිල් අතර ඇතිවූ සංවාද කිහිපයක්.

Lady Astor : "You are not handsome enough to have such fears."

(එච්චර බයවෙන්ඩ තරම් කඩවසම් කමක් ඔබේ නෑ...)

Sir Churchill : "Having a women in parliament was like having one intrude on me in the bathroom"

(පාර්ලිමේන්තුවේ කාන්තාවක් ඉන්නවා කියන්නේ මම බාත් රූම් එකේ ඉන්නකොට කෙනෙක් බලහත්කාරෙන් ඇතුළු උනා හා සමානයි....)


තවත් වෙලාවක අස්ටර් ආර්යාව ඇඳුම් එල්ලන බෝල කුඩුවක් චර්චිල්ට දුන්න.

Churchill: "What disguise you would recommend for me?"

(ඔබ මට මොනවගේ වෙස්වලා ගැනීමක් ද අනුමත කරන්නේ?)

Lady Astor:Why don't you come sober, Prime Minister?

(ඇයි ඔයාට බැරි නොබී එන්න ,අගමැති තුමනි?)



මේ තවත් කතා දෙකක්.

(1.) Lady Astor: "If you were my husband, I'd poison your tea."

(ඔයා මගේ සැමියා උනා නම් ඔයාගේ තේ එකට වහ දාන්න වෙනවා )

Churchill: "Madam, If you were my wife, I'd drink it."

(නෝනේ, ඔයා මගේ බිරිඳ උනා නම්, මට ඒ තේ එක බොන්න වෙනවා)



(2.) Lady Astor: "Mr.Churchill, you are drunk."

(චර්චිල් මහත්තයෝ..ඔයා බිලා....)

Churchill:"Yes, and you Madam, are ugly but tomorrow I shall be sober and you will still be ugly."

(ඔව්..ඒ වගේම නෝනේ....ඔයා වස කැතයි.හෙට මට නොබී ඉන්න පුළුවන්...එතකොටත් ඉතිං ඔයා කැතයි........)


ජිවන තතු 

(1.)සම්පුර්ණ නම :Sir Winston Spencer Leonard Churchill
(2.)උපත: 1874 නොවැම්බර් 30 Blenheim, Oxford-shire, England
(3.)විපත: 1965 ජනවාරි 24 (වයස අවුරුදු.90) Hyde Park, London,England
(4.)ජාතිකත්වය: බ්‍රිතාන්‍ය
(5.)දේශපාලන පක්ෂය : Conservative (1900-1904) (1924-1964), Liberal (1904-1924)
(6.)බිරිඳ:Clementine Churchill
(7.)දරුවන්:Diana,Randolph,Sarah,Marigold,Mary
(8.)නිවස:Chartwell
(9.)වෘත්තීය:පාර්ලිමේන්තු සාමාජික/සෙබළ/ලේඛක/ඉතිහාසඥ
(10.)ආගම:ඇන්ග්ලිකන් (Anglican)

චර්චිල් ගේ පරසිඳු කියමන්

1."A pessimist sees the difficulty in every opportunity, an optimist sees the opportunity in every difficulty."

අසුබවාදියා හැම අවස්ථාවක් තුලම වන අපහසුතාවය දකියි.සුබවාදියා හැම අපහසුතාවක් තුලම ඇති අවස්තාව දකියි.

2."Courage is going from failure to failure without losing enthusiasm."

දිරිය අසමත්කමෙන් අසමත්කමට නොසැලී ගමන්කරයි උද්යෝගයෙන්.

3."Courage is what it takes to stand up and speak: Courage is also what it takes to sit down and listen."

දිරිය ; සිටගෙන කතා කරද්දී මෙන්ම හිඳ සවන් දීමට ද 

________________THE END_______________
~~~~~~~~~~~~~~~~~~~නිමි~~~~~~~~~~~~~~~~~





  

Click & Earn

'සාර්ථක' මිනිහෙක්ට වාහනයක් තියෙන්නම ඕනද? (සාර්ථක මිනිහෙක්ගෙ කතාවක්)

අපේ ගමේ මීට අවුරුදු ගානකට කලින් අක්කර 35ක රබර් ඉඩමක් විකුණුව රබර් මිල වැටුණු කාලෙකදි. අවුරුද්දක් දෙකක් ගිහින් අපි දැක්ක ඒ හිස් ඉඩමෙ ටික ටික ...

Check it