Wednesday, February 21, 2018

ජනවාරි 8 විප්පලේ


අපි මෙහෙම පටන්ගමු.

විජය කුමාරයා ලංකාවට එනකොට අයතුල්ලා අල් කුවේණි, ටෙහෙරාන් නුවර කපු කටිමින් උන්නා.

අය තුල්ලා අල් කුවේණි

 "ශ්‍රී" ලංකාවෙන්  වෙච්ච කෙනිහිලිකම් එක්ක කුවේණි ව අතෑරපු විජය, චන්ද්‍රිකා එක්ක "මහජන"යා පැත්තට එකතුවුනා. 

කුවේණි ට දාව විජයට ලැබුණු දරු දෙන්නා තමයි චිත්තරාජ, කාලගෝල දෙන්නා.. අහලා ඇතිනේ..
සිංහලයා පැවැත එන්නේ විජයගෙන් කිව්වට ඇත්තටම විජයගෙන් පැවැත එන්නේ ඔය දරු දෙන්නා.

චිත්තරාජ
චන්ද්‍රිකා විජය යි , ඔය දරු දෙන්නයි මාළිගෙන් පැන්නුවට පස්සෙ විජය ජීවතුන් අතර ඉන්නකං දරුවො ගැන බැලුවා. ඉන් පස්සෙ ඔය දෙන්නා කැළේ වැදිලා වැදි පරපුර ආරම්බ උනාලු.

කාලය ගතවෙලා යද්දි කාලගෝල වැදි රජ්ජුරුවො තමන්ගෙ ප්‍රාණ සම මිත්‍ර මනමේ කුමරුන් එක්ක දඩයමේ යද්දි හරියට ම සීගිරිය ගාව ගල් ලෙනක රජකම් කරපු චම්පික, ගම්මන්පිල එපා කියද්දි ගල් ලෙන බිඳලා ලෙන් දොර ඇරගෙන එළියට ඇවිල්ලා කාලගෝල ,මනමේ දෙන්න එක්ක සාකච්චා කළේ ලක්දිව අග රජු බලයෙන් පහ කරන්න.

කාලගෝල
"උඩට යන්න බැරිවුණා" කියලා සිගිරිය ගාව අඩ අඩා හිටපු "ආචාර්ය විමල් වික්‍රමසිංහ" ත් ගම්මන්පිල එක්ක එකතුවෙලා රජ්ජුරුවන්නේ වරුණේ කියන්න තියාගත්තා.
ඉන් පස්සෙ තමයි පොළොන්නරුවෙ පරාක්‍රම සේනානායක සමුද්‍රය ළඟ තියෙන අරලිය මාළිගාවෙදි ගොවියා පුතු මෛත්‍රීපාල සේනානායක සිරිසේන රජ කරවීමේ රාජකීය කුමන්ත්‍රණය සිද්ධ වෙන්නෙ.
මේ කුමන්ත්‍රණයට එවකට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ නිත්‍ය නියෝජිත නවනීදන් වැල්ලගේ ත් සහභාගී වුනා කියලයි ආරංචිය ගියේ.
දුටුගැමුණු කුමාරයා මුලදී මේ කුමන්ත්‍රණයට එකතුවුනේ නෑ. නමුත් කඩුවෙල ජන පවුරක් හදාගෙන උන්නු වෛද්‍ය බුද්ධදාස ප්‍රාදේශීය රජතුමා නම් සහයෝගය දුන්නලු.
ඔය කුමන්ත්‍රණයේ මහ මොළකාරයා කියලා සැලකෙන්නේ විජය කුමාරයා යක්කු එක්ක සටන් කරද්දී පාන අල්ලපු චාතුර් සේනා මහා සෙනෙවිතුමා.
2015 ජනවාරි 8 වෙනිදා මේ කුමන්ත්‍රණය ජයගෙන ලක්දිව හිටපු අග රජ බලයෙන් පහවුනාම එක විප්ලවයක් කියලා අපිට හිතුනලු.

උදාර එස්. සි. විලත්ගමුව



Tuesday, February 20, 2018

විලත්ගමු පරපුර ( 01 කොටස)

කවුරුවත් කියන්න කළින් ...........


මේ විලත්ගමුව අතීත කතාව - 1

පෘතුගීසින් විසින් ලංකාවෙ මුහුදුබඩ ප්‍රදේශ අල්ලාගත්තා වගේම සීතාවක කැළණි ගං මිටියාවතට ලොකු ආගමික බලපෑමක් කළා.
පෘතුගීසින් ගොඩ බැසීම

ඉස්සර ඔය කැළණිගං මිටියාවත ටම කියපු නම තමයි නාස්ටගාම. එහි ගාමනී උනේ රාජපක්ෂ කියන ප්‍රාදේශීය පාලක පරපුර. නාස්ටගාමයට අයිති ව තිබුණු කොටසක් තමයි වෛලට්ට නැතහොත් අද වැලිවිට නමින් හඳුන්වන කොටස.

එදා පෘතුගීසි සෙනෙවියෙක් උනු ජෙරනිමෝ ද අසවේදු ගේ සෝවුරු ඩයින්මෝ ද අසුවේදෝ ගේ නායකත්වයෙන් පැමිණි නස්‍ටගාම ආක්‍රමණය පරදවන්නට රාජපක්ෂලාට හැකිවුනත් වෛලට්ට කියන කොටසෙ හිටපු පාවාදෙන්නො පිරිසක් නිසා ඒ කොටස පරංගින්ට නතුවුනා. පරංගින්ට කරපු උදව් නිසා ඒ පිරිස ට වෛලට්ටගාමනී කියන නම්බුනාමයත් ලැබුනා. ඔවුන් තමයි අද විලත්ගමුව නමින් ඉන්නෙ.

ජෙනරාල් ජෙරනි මෝ ද අසවේදු 
ඔයා රාජපක්ෂ පරපුර ගැන කිව්වොත් සුපිරිසිදු සිංහලබෞද්ධ පරපුරක්

මහින්ද මහත්තයා

මහින්ද මහත්තයා ඇඟිලිකන කිරිස්තියානි කතක් කසාද බැඳපු නිසා ඔහුව ඒ පරපුරෙන් ඈත්කරලා තිබ්බෙ රාජෆක්ස කියන නම පටබැඳලා. ඊට පස්සෙ එතුමා රට ජාතිය බේරගත්ත නිසා ආයෙමත් රට ජාතිය ට එතුමා ව ඇතුලත් කරගත්තා. අදත් නස්ටගාමනී රාජපක්ෂලා රට ජාතිය ගම රකිනවා.

ක්‍රිස්තියානියට හැරුණු දෝන කතිරිනා 

එදා පරංගි එක්ක ගිවිසුම් ගහපු විලත්ගමුවලා අදත් එක එක වේසයෙන් ඉන්නවා. උන් රට ජාතිය ගම ගැන හැඟීමක් නැති උන්. බෞද්ධ පිළිවෙත් නොද ම්න උන්. බෞද්ධ දර්සනේ හෝ දහමකියා දෙයක් ගැන කියන බුද්දාගංකාර විරෝධියො. 

ඔය උදාර ඇස් සී විලත්ගමුව කියන මං උනත් විස්වාස කරන්න එපා. බෞද්ධ දර්ශන ය හා දහම ගැන හිංගලබහුජ්ජ සමාවෙන්න සිංහල බෞද්ධකම ගැන ෆේස් බුක් එකේ කියෙව්වට රැවටෙන්න එපා.

බණ්ඩාරනායක මහත්තයා

මොකෝ එදා ටේල්කෝට් ටොප් හැට් ඇඳගෙන දුම් පයිප්පෙ උර උර හිටපු බණ්ඩාරනායක  කියන කිරිස්තියානිකාරයා රෙද්ද බැනියම ඇඳගෙන නස්ටගාමයේ රාජපක්ෂලා ඇතුලු සිංහල බෞද්ධයො රවටන්න ආ නිසා


 "දැන් ඉතිං කට්ටිය දැනගන්න ඇතිනෙ අපි මොනවගේ මිනිස්සුද කියලා " 😬

ඒ වගත් මෙසේමැ,

උදාර එස්. සී විලත්ගමුව

(නිර්මාණාත්මක සිතුවිල්ලකි.)

Sunday, February 18, 2018

සුරුට්ටුවක් වගේ වස්තුව

පසුගිය ඔක්තෝබර් 9 වෙනිදා Pan – STARRS අභ්‍යාවකාශ නිරීක්ෂණ වැඩසටහනට අපුරු අත්භූත ආකාශ වස්තුවක් හමුවුණා.

සුරුට්ටුවක හැඩයක් ගත්ත මේ ආකාශ වස්තුව නිතර පෘථිවිය පසු කරමින් යන අනෙකුත් උල්කාපාත හා ග්‍රාහක කැබලි වගේ රළු ගෝලාකාර හැඩයක් ගත්තේ නෑ. ඒ නිසා එය අභ්‍යාවකාශය තුල ස්වභාවිකව හැදිච්ච එකක් වෙන්න බෑ කියලයි විද්‍යාඥයින් කියන්නේ.


බොහෝ ග්‍රාහක මෙන්ම උල්කාපාත පෘථිවියට කඩා වැටෙනවා. එහෙමත් නැත්නම් පෘථිවිය පසු කරගෙන යනවා. මේවා යේ ප්‍රභවය වෙන්නේ බොහෝවිට පෘථිවි ග්‍රහ මණ්ඩලයේ තියෙන ග්‍රාහක වළල්ල, එහෙම නැත්නම් Oort  Cloud කියන,  ප්ලුටෝ ග්‍රහයාට ගොඩාක් දුරින් සුර්යයා වටා ගමන් කරන අයිස් කැට වලාවකින් ලු.


A/207 U කියන මේ අපුරු ග්‍රහ වස්තුව අපේ සෞර ග්‍රහ මණ්ඩලයට ඇවිල්ලා තියෙන්නේ වෙනත් තාරකා මණ්ඩලයකින් කියලා තමයි තාරකා විද්‍යාඥයින් කියන්නේ. ඒකෙ තේරුම මේ ග්‍රහ වස්තුව තමයි සෞරග්‍රහ මණ්ඩලයට ආපු පළවෙනි අන්තර්-තාරකා (Inter-Stellar) සංචාරකයා.

මෙහි මතුපිට ඇති රතු පැහැයට හුරු වර්ණය, තාරකා අතර ගමන් කිරීමේදී දැඩි කොස්මික් කිරණ වලට දිග කාලයක් අහුවෙලා තිබීම නිසා ඇති වූ දෙයක් බවයි ඔවුන්ගේ මතය.

වෙනත් ග්‍රාහක සහ උල්කාපාතවල වගේ මේකෙන් ගෑස් හා දුවිලි නිකුත් වෙන්නේ නෑ. මේ වගේ දුවිලි වලාවන් සුර්යයාට ලංවෙද්දි වල්ගා තරු වගේ පේන්න ගන්නවා. මේකේ එහෙම ගෑස් හා දුවිලි නිකුත් වීමක් නොවන්නේ මෙය ස්වභාවික වස්තුවක් නොවන, කෘත්‍රිම ව හදපු එකක් නිසා ලු.

තාරකා විද්‍යාඥයින් මේකට නමක් දාලා.
Oumuamua. ඒ කියන්නේ හවායි දුපතේ ස්වදේශිකයන්ගේ බසින් ඈත දුරක සිට පැමිණි අමුත්තා යන අරුතින්.

මෙය පිටසක්වල ජීවින් වර්ගයක් නිපදවපු දියුණු අන්තර් තාරකා අභ්‍යාවකාශ යානයක් වෙන්නත් පුළුවන් ලු.එහෙම කියන්නේ අධික වේගයෙන් යන අභ්‍යාවකාශ යානයකට සුදුසුම හැඩය සුරුට්ටුවක හෝ ඉඳි කට්ටක හැඩය නිසා.

වාතය නැති ශුන්‍යයක වුනත් අධික වේගයෙන් යන යානයකට අභ්‍යාවකාශයේ සුළුවෙන් තියෙන හයිඩ්‍රජන් අණු බාධකයක් වෙන්න පුළුවන්. මේ බාධකය බිඳින්න නම් අභ්‍යාවකාශ යානය ගුවන් යානයක වගේ හැඩයක් වෙන්න ඕන කියලයි කියවෙන්නේ.

මේ අභ්‍යාවකාශ වස්තුව තුල අනෙකුත් අභ්‍යාවකාශ යානයක වගේ එන්ජින් හෝ වෙනත් ප්‍රචාලක උපක්‍රමයක් දකින්නට නැහැ. ඒත් මේක සෞරග්‍රහ මණ්ඩලයට ඇතුළු වුණායින් පස්සේ තමන්ගේ එන්ජින් නිවලා දාලා හිරුගේ ගුරුත්වය උපයෝගී කරගෙන සෞරග්‍රහ මණ්ඩලය හරහා ගමන් කරනවා ඇති කියලා විද්‍යාඥයෝ කියනවා.

දිගින් දිගටම එන්ජින් දල්වාගෙන කිලෝ මීටර මිලියන ගණනක් දුවන්න ඉන්ධන අරගෙන යන්න බැරි නිසා, වෙනත් ග්‍රහලෝකවලට යවන යානා, සුර්යයාගේ ගුරුත්වයට අසුවෙන කක්ෂයකට යොමුකරලා, සුර්යයාගේ ගුරුත්වාකර්ෂණය භාවිතා කරගෙන අදාළ ග්‍රහලෝක වලට යවන එක තමයි පෘථිවියෙන් අඟහරු හා වෙනත් ග්‍රහලෝකවලට යවන ඔක්කොම යානා සඳහා භාවිත කරන උපක්‍රමය.

සමහර විද්‍යාඥයින් කියන විදියට මේක සුවිසල් පිටසක්වල යානයකින් අපේ සෞරග්‍රහ මණ්ඩලය නිරීක්ෂණය කරන්න එවපු උප යානයක්. අපේ සෞරග්‍රහ මණ්ඩලයෙන් ඉවත්වූ විගස මේ යානය නැවතත් තමන්ගේ මව් යානය වෙත යයි.

තව කට්ටියක් කියන්නේ මේක අබලන් වෙලා  අතරමග දාලා ගිය යානයක්, මේක පාලනයක් නැතුව ඔහේ ඉබාගාතේ යනවා කියලයි.


උදාර එස්.සී. විලත්ගමුව
අන්තර්ජාලය ඇසුරෙනි.


Saturday, February 17, 2018

අභිරහස් සිතියමින් මතුවන විස්මිත ඉතිහාස කතා

රුසියානු නාවික හමුදා අද්මිරාල් ෆේබියන් ගොත්ලෙබ් සහ අද්මිරාල් මිකයිල් ලසරෙෆ් විසින් ඇන්ටාක්ටිකාව සොයාගන්නේ   1920 දී පමණ.


විකිපීඩියා විශ්වකෝෂය පවසන තොරතුරු අනුව මුල්ම යුරෝපිය ජාතිය ලෙස රුසියානුවන් විසින් ඇන්ටාක්ටිකාව සොයාගත්තත් වසර දහස් ගණනක් ප්‍රචලිත පුරාවෘත්ත අනුව ඊට සමාන “ටෙරා  ඔස්ට්‍රාලිස් “ නම් විශාල භුමි ප්‍රදේශයක් තිබිලා තියෙනවා.



ටෙරා කියන්නේ භුමිය . ඔස්ට්‍රාලිස් කියන්නේ දකුණු එහෙම නැත්නම් දක්ෂිණ කියන එක.

පුරාවෘත්ත නම් ඕන තරම් තියෙන්න පුළුවන්. ඒවායේ ඇත්ත නැත්ත වෙන ම සලකා හොයා බැලිය යුතු කරුණක්. එත් මේ අපි කියන්න යන්නේ.. එකී පුරාවෘත්ත සනාථ කරන අභිරහස් සිතියම් කිහිපයක් ගැන.
සැතපුම් සිය ගණනක් දුරට මුහුද පවා අයිස් වලින් වැසුණු ඇන්ටාක්ටික් භුමිය නවීන රේඩාර් සිතියම් කරණයෙන් හැරෙන්න නියම විදියට සිතියම් ගත  කරන්න පුළුවන් වෙලා තිබුනා කියලා ඔබට සිතන්න පුලුවන්ද?

මේ තියෙන්නේ “පිරි රෙයිස් සිතියම “

16 වෙනි සියවසේ ඔටෝමාන් එහෙම නැත්නම් තුර්කි අධිරාජ්‍යයේ සුපතල දේශ ගවේෂකයෙක් වෙච්ච පිරි රෙයිස් නොහොත් අද්මිරාල් පිරි ඉමන් හාජි මෙමද් විසින් 1513 දී මේ සිතියම නිර්මාණය කරලා තියෙනවා.
මේක හම්බවුනේ 1929 දී තුර්කියේ ඉස්තාන්බුල් නුවර පැරණි රජ මාලිගයක තිබිලා.

සිතියමේ කොටසක් ඉරිලා විනාශ වෙලා තිබුනත්, ඉතිරියේ අප්‍රිකාව දකුණු ඇමරිකාව හා යුරෝපය නියම විදියට ස්ථානගත කරලා ඇඳලා තිබුනා.

මේ සිතියමෙන් ඇන්ටාක්ටිකාව කියන භුමිය නිශ්චිතව හඳුනාගන්න වසර 300කට විතර ඉස්සෙල්ලා එහි උතුරු දිග වෙරල පෙදෙස නිසි ලෙස  නිරුපනය කරලා තිබුණු බව විශේෂඥයන විස්මයෙන් කියා සිටිනවා.
පිරි රෙයිස් ගේ සිතියම් විස්තරය අනුව ඔහු මේ සඳහා උපයෝගී කරගෙන තියෙන්නේ ඔටෝමන් රාජකීය පුස්තකාලයේ තිබුණු ඉපැරණි සිතියම් සමුහයක්.

ඔහුගේ සිතියමට මහා ඇලෙක්සැන්ඩර් රජුගේ සමයේ සිතියමක් වගේම ක්‍රිස්ටෝපර් කොලොම්බස්ගේ සිතියමකුත් ප්‍රයෝජනයට ගත්ත කියලා ඔහු කියනවා. නමුත් ඒ සිතියම් දැනට අස්ථානගත වෙලා.
මේ සිතියම සර්ව සම්පුර්ණ එකක් නෙමෙයි.

එත් ඇන්ටාක්ටිකාව කියලා රටක් ගැන කවුරුවත් නොදන්නා කාලෙක මේක ඇඳපු එක වගේම
ඒ සඳහා ඊටත් වඩා ඉපැරණි සිතියම් ප්‍රයෝජනයට ගැනීම ත් ඉතා විස්මිතයි.

රෙයිස් ගේ සිතියමට එල්ලවන ප්‍රධාන විවේචනය

දකුණු ඇමරිකාව විශාලත්වයෙන් වැඩියි. එහි කෙලවර ඇන්ටාක්ටිකාව එක්ක යාවෙනව. ඒ විවේචන ලේසියෙන්ම බිඳින්න පුළුවන්.

රෙයිස් ම කියන විදියට මේක අඳින්න ඔහු උදව් කරගත්තේ ඉපැරණි සිතියම්.ගොඩක්විට ඒ සිතියම් වල ඇන්ටාක්ටිකාව ඇතුලත් කරගෙන නැතිව ඇති.

ඒ වගේම පිරි රෙයිස් ගේ සිතියමේ ඔහු නිවැරදිව යුරෝපය දකුණු ඇමරිකාව හා අප්‍රිකාවේ අක්සාංශ පෙන්වා තිබෙනවා. ඉපැරණි සිතියමවල ඒවා නිවැරදිව ඇඳ තිබුනා නම් ඇන්ටාක්ටිකාව පමණක් වැරදි වෙන්නට හේතුවක් නැහැ.

ඔරෝන්ටෙයස් ෆිනේයස් කියන්නේ ප්‍රංශ ජාතික සිතියම් ශිල්පියෙක් වගේම ගණිතඥයෙක්.
ඔහුගේ සිතියමෙත් ඇන්ටාක්ටිකාව පැහැදිලිව දක්වා තිබෙනවා.



එකේ තියෙන විශේෂත්වය තමයි ගංගා ඇලදොළ කඳුවැටි ආදිය මෙහි පැහැදිලිව සටහන් කරලා තිබීම. මේක පුරාවෘත්ත වල අහපු දක්ෂිණ දේශය හිතින් මවාගෙන ඇඳපු එකක් ද නැත්නම් හිමෙන් තොර අතීතයක ගස් වල කඳු වැටි සහිත ඇන්ටාක්ටිකාව සටහන් කරපු ඉපැරණි සිතියම් පාදක කරගෙන ඇඳපු එකක් ද කියන එක නම් ගැටළුවක්.

ෆිනේයස් මේ පෙන්වන්නේ ඇන්ටාක්ටිකාව නෙමෙයි ඔස්ට්‍රේලියාව කියලා සමහරු කියනවා. ඔහු ගණිතඥයෙක්. සැතපුම් 4000ක් දුරින් තියෙන ඔස්ට්‍රේලියාව දකුණු ඇමරිකාවට සැතපුම් 1000ක් වගේ ලඟින් ලකුණු කරලා තියෙන්නේ ඇයි? 

නාවික තරණයේදී මග කියන Maritime Navigation ගැන පොත් ගොඩක් ලියපු ගණිතය , තාරකා විද්‍යාව වගේ විෂයයන් ගැන පොත් ගොඩක් ලියපු සඳේ ආවාටයක් පවා ඔහු නමින් නම් කරවපු ෆිනේයස් ට මේ වගේ බරපතලා වැරද්දක් වෙන්න පුලුවන් කියලා හිතන්න පුලුවන්ද?


ගැස්ටාලිඩ් ගේ සිතියම

ගැස්ටාලිඩ් 1548 දී ඇඳපු සිතියම් පෙළ , ලෝකයේ එතෙක් නිර්මාණය කරපු නිවැරදිම සිතියම් පෙළ කියා හඳුන්වනවා.
ගැස්ටාලිඩ් ගේ සිතියම දිහා බලන්න. එකෙත් ඇන්ටාක්ටිකාව තියෙන්නේ දකුණු ඇමරිකාවට බොහොම ලඟින්.



ෆිනේයස් ට වගේම ඔහුටත් වැරදුනාද? නැත්නම් ඔහු ෆිනේයස්ගේ ආභාෂය ලැබුවද? එහෙමත් නැත්නම් ඔහුත් ඉපැරණි සිතියම් පාදක කර ගත්තද?

16 වන සියවසේ හිටපු ගැස්ටාලිඩ් 19 වන සියවසේ හොයාගත්ත ඇන්ටාක්ටිකාව මේ තරම් නිවැරදිව සටහන් කලේ කොහොමද?





අන්තර්ජාලය ඇසුරින් සකස් කලේ 

උදාර එස්. සී. විලත්ගමුව 

Thursday, February 15, 2018

Selfitis සෙල්ෆි උමතුව


සෙල්ෆි කියන්නේ උමතුවක් .
මෙහෙම පවසන්නේ මනෝ විද්‍යාඥයන් දෙදෙනෙක්.

“International Journal of Mental Health and Addiction" නම් වූ මනෝ විද්‍යාත්මක පර්යේෂණ සඟරාවට පර්යේෂණ පත්‍රිකාවක් සම්පාදනය කරන මොවුන්, උමතුවක් විදියට මෙහෙම සෙල්ෆි ගන්න  මිනිස්සු පෙළඹෙන්නේ ඇයි කියන එකට හේතු දක්වලා තියෙනවා.



ඒ පර්යේෂණ පත්‍රිකාව නම් කරලා තියෙන්නේ An Exploratory of ‘Selfitis’and the Development of theSelfitis Behavior Scale කියලා. තැනක් නිනව්වක් නැතිව සෙල්ෆි ගන්න එක , ඒවා ෆේස් බුක් ඉන්ස්ටග්රම් වගේ සමාජ ජාල වලට මුදා හරින එක කරන්නේ පහත දැක්වෙන හේතුන් නිසයි කියලා තමන්ගේ පර්යේෂණ පත්‍රිකාවෙන් ඔවුන් කියනවා.

පළවෙනි එක පරිසර සාධක. ඒ කියන්නේ සෙල්ෆි ගන්න අය හිතනවා තමන් දිවි ගෙවන පරිසරය තමන්ට ඉතා හොඳින් ග්‍රහණය කරගන්න සෙල්ෆිය කියන එක උදව් වෙනවා කියලා.
දෙක තමයි සමාජයේ තියෙන තරගකාරී බව. තම මිතුරු මිතුරියන්ට වඩා කැපී පෙනෙන්න උවමනා උනාම. අනිත් අයට ඉහලින් විරුද්ධ ලිංගිකයන් ආකර්ෂණය කරගන්න එහෙම ඕන උනාම , තමන්ගේ සමාජ තත්ත්වය වගේම සමාජ පිළිගැනීම ඉහළ නංවා ගෙන ප්‍රකට පුද්ගලයෙක් වීමේ අනවරත ආසාව.
ඊළඟට සෙල්ෆි අරගෙන බෙදා හැරලා අන් අයගේ අවධානය දිනාගැනීමේ දැඩි උවමනාව.
මුඩ් එක නැත්නම් තමන්ගේ මනෝභාවය වෙනස් කරගන්නත් සෙල්ෆි උපයෝගී කරගන්නවලු. ආතතිය අඩු කරගන්නවලු. මානසික සතුට වැඩි කරගෙන ස්වයං තෘප්තියක් ඇති කරගන්න සෙල්ෆි උදව් වෙනවා කියලා සමහරු විශ්වාස කරනවා.

තමන් තුල තියෙන කළකිරීම් , හීනමාන අඩු කරගෙන ස්වයං විශ්වාසය ගොඩනගා ගන්න සෙල්ෆි උදව් කරගන්න සමහරු තමන් ගන්න සෙල්ෆිය දිහා බලලා ධන සිතුවිලි වගා කරගන්න පුළුවන් කියලා අදහනවා.
මිනිස්සු කැමතියි කල්ලි ගැහෙන්න. එහෙම තමන්ගේම කියලා කණ්ඩායමක්, සම පදස්ථ කොට්ඨාශයක් එක්ක සෙල්ෆි අරගෙන එකී කල්ලිය තුල තමන් කෙරේ පිළිගැනීමක් ඇති කරගන්න සෙල්ෆි ගන්න අය කැමතියි කියලා මේ පර්යේෂණ පත්‍රිකාවෙන් තව දුරටත් කියනවා.
සෙල්ෆයිටිස් ආසාදිතයන්ගෙන් 34%ක් ම සාමාන්‍ය මට්ටමේ (Broaderline) සෙල්ෆි පිස්සන්. 40.5% ක් පුද්ගලයන් තදබල(Acute Selfitis)  විදියට මේ රෝගයෙන් පිඩා විඳිනවා. 25.5% දුස්සාධ්‍ය සෙල්ෆයිටිස් (Chornic) වලින් පිඩා විඳිනවා ලු.


උදාර එස්. සී. විලත්ගමුව 
අන්තර්ජාලය ඇසුරිනි.
2018.02.15






Click & Earn

'සාර්ථක' මිනිහෙක්ට වාහනයක් තියෙන්නම ඕනද? (සාර්ථක මිනිහෙක්ගෙ කතාවක්)

අපේ ගමේ මීට අවුරුදු ගානකට කලින් අක්කර 35ක රබර් ඉඩමක් විකුණුව රබර් මිල වැටුණු කාලෙකදි. අවුරුද්දක් දෙකක් ගිහින් අපි දැක්ක ඒ හිස් ඉඩමෙ ටික ටික ...

Check it