කෙටි කාලයක් තුල අජාන්
චා හිමියන්ගේ සරළ නමුත් ගම්භිර ඉගැන්වීම් ශෛලිය සඳහා විශේෂ ඉල්ලීමක් බටහිරයන්
කෙරෙන් පළවූ අතර, උන්වහන්සේගේ අධ්‍යයනය හා පුහුණුව සඳහා බොහෝ දනා පැමිණිය හ.
1966 දී පළමු බටහිරයා වූ
පුජ්‍ය සුමේධ හිමියෝ;Wat Nong Pah Pong වෙත පැමිණ ලැගුම්ගත්
හ.අලුත පැවිදි වූ සුමේධ හිමියෝ සිය පළමු වස් විසීම Laotian සීමාව අසබඩ අරමක ගැඹුරු
භාවනාවෙහි නියුක්තව ගෙවා දැමුහ. තම උත්සාහයේ යම් ඵලයක් දුටද, ආරාමික ජිවිතයේ සියලු
කාරනා පුහුණු කරවීමේ සමත් ගුරුවරයෙක් තමන්ට උවමනා බව සුමේධ හිමියෝ තේරුම්
ගත්හ.වාසනාවකට අජාන් චා හිමියන්ගේ භික්ෂු පිරිසගෙන් ඉංග්‍රීසි බස උසුරුවීමට දත්
එක් හිමි නමක් සුමේධ හිමියන් අරමෙහි වැඩ සිටිද්දී ආරාමයට පිවිසියේය. අජාන් චා
හිමියන් ගැන දැනගත් විගස, තම ගුරුවරයාගෙන් නික්මෙන්නට අවසර පතා නැවත පැමිණ උඩ කි
හිමිනම සමඟ Wat Nong Pah Pong වෙත වැඩියේය.
අජාන් චා හිමියන්, අලුත්
සිසුවා ලෙන්ගතුව පිළිගත් නමුත් බටහිරයෙක් වූ පමණින් ඔහුට විශේෂ දීමනාවන් ලබා
නුදුන්නේය. Wat Nong Pah
Pong හි අනෙක් හැම භික්ෂුවක් සිදුකරන ලෙසම පුහුණුවේද,සාමාන්‍ය සරල දාන වේලකින්
යපෙන්නටද,සුමේධ හිමියන්ට සිදු විය.
පුහුණුව;මුළුමනින්ම රළු
හා එපා කරවන සුළු වුයේය.අජාන් චා හිමියන් තම භික්ෂුන් තම සීමාවන් දෙසටම නිතරම
තල්ලු කරන ලද්දේ,සන්සුන්ව දරා සිටීම හා අධිෂ්ඨානය ගොඩනංවා ගැනීමට හැකිවන පරිදි ඔවුනගේ
ඉවසීමේ හැකියාව උරගා බැලීම සඳහා ය.ඔවුනගේ ශාන්ත බවට,අනුයුක්ත වීම (ඇලීම) වලක්වාලීම
උදෙසා ධිර්ඝ හා බැලු බැල්මට අරමුණක් නැති වැඩ ව්‍යාපෘති සඳහා මුල පිරුහ.අවධාරණය
නිතරම යටත් වුයේ සහ ඉමහත් වෙහෙස දැරූයේ දැඩි ස්ථිර “විනය” ප්‍රතිපදාව උදෙසාය.
අජාන් චා හිමියන් වෙත
පැමිණි විදේශිකයන් ගණන ක්‍රමයෙන් වැඩිවී තිබිණ.මේ වන විට සුමේධ හිමියන් වස පහක
භික්ෂු ජිවිතයක් ගෙවා තුබූ අතර උන්වහන්සේ ;ඉගැන්වීම සඳහා ප්‍රමාණවත් ලෙස නිපුණ බව
අජාන් චා හිමියෝ තීරණය කළහ.මෙසේ පැමිණි නව භික්ෂුහු ද, මෙහි නැවතී පුහුණුවන්නට
තීරණය කොට තිබුණා හ.
1977 ග්‍රීෂ්ම සෘතුවේදී,පුජ්‍ය සුමේධ හිමියන් හා අතලොස්සක් වූ බටහිර භික්ෂුන් පිරිසක් Wat Nong Pah
Pong වලට නුදුරු වනයෙක යම් කාල සීමාවක් ගෙවා දමද්දී..ගම්වැසියන් පිරිසක් විසින්
එහි නවතින්නට ඇරයුම් කෙරිණි.අජාන් චා හිමියෝ ඊට කැමැත්ත පළ කළහ. The Wat Pah
Nanachat (ජාත්‍යන්තර වනගත ආශ්‍රමය)ඉංග්‍රීසි බස වහරන භික්ෂුන් විසින් ඉංග්‍රීසි වහරන භික්ෂුන් උදෙසා තායිලන්තයේ දී ආරම්භ වූ අතර, එහි පළමු ආශ්‍රමාධිපති වුයේ සුමේධ
හිමියන්ය.
1977 දී ස්වදේශික බෞද්ධ
සංඝාවාසයක් බිහිකිරීමේ අරමුණ ඇති පුණ්‍යායතනයක් වූ එංගලන්ත සංඝ භාරකාර මණ්ඩලය (English Sangha Trust) මගින් අජාන් චා හා
අජාන් සුමේධ හිමිවරුන්ට ආරාධනාවක් ලැබිණි.එහි ඇති වැදගත්කම දුටු අජාන් චා
හිමියෝ, අජාන් සුමේධ හිමියන් ඇතුළු තම බටහිර සිසුන් දෙදෙනෙකු ලන්ඩනයේ (London) Hampstead විහාරයේ
නැවතුහ. භික්ෂුන් ලන්ඩනයෙන් Sussex හි Chithurst බෞද්ධ ආරාමය ඇරඹීමට යද්දී 1979 දී
උන්වහන්සේ නැවත බ්‍රිතාන්‍යයට වැඩම කළහ. ඉන්පසු ඇමෙරිකාවට හා කැනඩාවට වැඩියේ සංචාරය
කරමින් දහම ඉගැන්වීමට ය.
1980 දී අතිපුජ්‍ය අජාන්
චා හිමියන්ට,වසර කිහිපයක සිට නිරතුරුව පිඩා විඳි කරකැවිලි ගතිය හා මතකය අඩුවීම
වඩාත් තදින් දැනෙන්නට විය.1980 හා 1981 කාලසීමාවේදී දියවැඩියා රෝගයේ දුබල කරවන
බලපෑම හමුවේ උන්වහන්සේගේ සෞඛ්‍යය පිරිහෙමින් යද්දී Wat Nong Pah Pong වලින්
ඈත්ව වස්විසිම සිදු කළේය.උන්වහන්සේගේ අසනීප ගතිය උග්‍ර වෙද්දී තම ශරීරය තම
ඉගැන්වීම සඳහා භාවිතාකල අජාන් චා හිමියෝ ,සියලු දෙයෙහි අනියත බව ජීවමාන උදාහරණයක්
ලෙස තම සිරුර පෙන්වා දුන් හ.
තමන් වහන්සේට තව දිගු
කලක ඉගැන්වීමෙහි යෙදෙන්නට නොවන බව දත් අජාන් චා හිමියෝ නිරතුරුවම මිනිසුනට මතක් කර
දුන්නේ තමන් තුලින්ම සැබෑ රැකවරණයක් සොයාගන්නට තදබල උත්සාහයක් ගන්නා ලෙසය.1981 දී
සැත්කමකට බඳුන් කල ද,එය අසාර්ථක වූ තැන උන්වහන්සේ සම්පුර්ණයෙන් ගිලන් වූ
අතර,කතාකිරීමට පවා නොහැකි විය.මෙය උන්වහන්සේගේ ආරාමයෙහි පුහුණුවට පැමිණෙන භික්ෂු
හා අනාගාරික පිරිස අඩුකරන්නට සමත් නොවුයේ,
අජාන් චා හිමියන්ගේ ඉගැන්වීම් ස්ථාවර මග පෙන්වීමක් හා අනුප්‍රාණයක් වූ බැවිනි.
ගිලන්ව , නිහඬව පුදුමාකාර වසර දහයක කාලයක් තම සිසුන් වෙතින්
උපස්ථාන ලද අජාන් චා හිමියෝ 1992 ජනවාරි මස 16 වැනි දා අපවත් වන්නේ වසර 74 ක් ආයු
වළඳා ය.තායිලන්තයේ, එංගලන්තයේ, ස්විට්සර්ලන්තයේ, ඉතාලියේ, ප්‍රංශයේ, ඕස්ට්‍රේලියාවේ,
නවසීලන්තයේ, කැනඩාවේ සහ අමෙරිකා එක්සත් ජනපදයේ ව්‍යාප්තව මේ ශ්‍රේෂ්ඨ භාවනා
ගුරුතුමන් යටතේ බුද්ධ ඉගැන්වීම් පුහුණු වූ සුවහසක් සිසු පිරිස හැර දාය.
1992 අජාන් චා හිමියන්
අපවත් වුව ද, උන්වහන්සේ ස්ථාපනය කළ පුහුණුව
Wat Nong Pah Pong හි අදත් ක්‍රියාත්මක වන අතර,එහි ශාඛාවන් 200 කට අධික ප්‍රමාණයක් තායිලන්තය
තුල ක්‍රියාත්මක වේ.මෙහි..දැහැමි බව, භාවනාව, හා තේරුම්ගැනීම දක්ෂ ලෙස හා
නිරතුරුවම වගා කෙරෙන, භේද නැති ලෙස ද, විධිමත්ව ද,හැසිරවෙන ප්‍රජාවක් තුළ කෙනෙකුට
සරළ සහ අපිස් ජිවිතය මෙහෙයවන්නට ලැබේ.දැඩි විනයකින් යුතු වේ.සාමාන්‍යයෙන් කණ්ඩායම්
භාවනා දවසට දෙවරක් පැවැත්වෙන අතර, ඇතැම් විට දෙටු ගුරුවරයෙකුගේ දේශණයක් ද, පැවැත්වේ.නමුත්
භාවනාවේ හදවත; ජිවිතයේ මාර්ගය යි.
භාවනානුයෝගී සියළු වැඩ
සියතින් සිදු කර ගනිති. ස්වකීය කැමැත්තෙන්ම ආරාම ගොඩනැගිලි හා පිටිය නිසි ලෙස
හසුරුවති. ඔවුහු අතිශය සරළ ජිවිතයක් ගෙවන්නේ තවුස් සංඥානනය ඔස්සේ දිනකට වරක් පාත්‍රයෙන්
අහර ගනිමින්;අවශ්‍යතා සහ සිවුරු සීමා කර ගනිමින් ය.වනය පුරා විසිර පවත්නේ, තනි මඩු
භික්ෂුන් හා මෙහෙණින් හුදෙකළාව දිවි ගෙවීම, බවුන් වැඩිම සඳහා වන අතර, එහි ඔවුන්
සක්මන් භාවනාවේ යෙදෙන පැහැදිලි මං ගස් යට පිහිටා තිබේ.
ප්‍රඥාව ජිවිත
පැවැත්මයි. වත්මනෙහි දහම පුහුණුවීම සහ ඉගෙනුම සඳහා සරළ ආරාමික ජිවිත සිරිත රකින්නට
ප්‍රයත්න දැරුවෝ අජාන් චා හිමියෝ ය. අජාන් චා හිමියන්ගේ අරුම පුදුම සරළ ඉගැන්වීම්
ශෛලිය වරදවන සුළු ලෙස පෙනී යා හැක. නිරන්තරයෙන්ම අප යමක කිහිප විටක් ඇසි විට එක්වරම
අපේ මනස වැඩේ. කෙසේ වෙතත් මේ ඉගැන්වීම් ඉමහත් ගැඹුරක් පෙන්වයි. උන්වහන්සේගේ
විස්තරාත්මක දහම් පහදා දීම් කාලයට,තැනට,හා ශ්‍රාවකයාගේ සංවේදීභාවයට හා
තේරුම්ගැනීමට ගැලපෙන අයුරු බලා සිටීම විස්මය ජනක ය.සමහර විටෙක,පුවත්පතෙක
වුව; වාර්තාවක විසංවාදී බවක් පාඨකයා තුළ ඇතිවනු ඇත.එවැනි අවස්ථාවක මේ වචන ජිවිත
අත්දැකිමක වාර්තාකරණයක් බව පාඨකයා දනී. එලෙසම අජාන් චා හිමියන්ගේ දේශනා ඇතැම්විට
විසංවාදී,සම්ප්‍රදායයෙන් පිට බවක් පෙන්වයි නම්; මතක තබා ගත යුතු කාරණාව වන්නේ,
අතිපුජ්‍ය අජාන් චා හිමියන් නිරන්තරයෙන් තම හදවතින් කතා කළ බවත්, උන්වහන්සේගේ භාවනා
අත්දැකීමේ ගැඹුරින් මේ වචන කතා කළ බවත් ය.
ස්තූතියි
ReplyDelete