Tuesday, March 27, 2018

ඉගෙනුමෙන් සාර්ථක වීමට..............

අධ්‍යාපනය සඳහා ගත කරන කාලය වඩාත් අරුත්ගැන්විම සඳහා මෙන්ම ඉගෙනුමෙන් නිසි ඵල නෙලා ගැනුම උදෙසා සිසු දරුවන් මෙන්ම දෙමාපියන්ද සිහින මවති. ජිවිත සාර්ථකත්වය උදෙසා පාසල් අධ්‍යාපනය හෝ විභාග උසස් ලෙස සමත්වීම අත්‍යාවශ්‍ය කරුණක් නොවේ. එහෙත්, අධ්‍යාපනික ක්‍රියාවලිය විද්‍යාත්මකව කරන්නේ නම් ඒ වෙනුවෙන් වැය කරන කාලය හා ශ්‍රමයෙන් වඩාත් විශිෂ්ඨ ප්‍රතිඵල උදා කරගනිමින් උසස් ම ඵලදායිතාවක් කරා ළඟා විය හැකි ය.



බටහිර රටවල් මෙන්ම ජපානය, සිංගප්පුරුව, සහ ඉන්දියාව වැනි පෙරදිග රටවල පවා අධ්‍යාපන ක්‍රියාවලිය වඩාත් ක්‍රමවත් ව කිරීමේ නවීන ශිල්ප ක්‍රම භාවිත කිරීම සඳහා හුරු වී ඇත. බටහිර අධ්‍යාපන විශේෂඥයන් කතා කරන අලුත්ම ඉගෙනුම් සංකල්පයන් වන්නේ ක්‍රියාකාරකම් තුළින් අත්දැකීම් තුළින් ලබාගන්නා දැනුම ය. පාසලේදී සිදු වන ඉගෙනුම් ක්‍රියාවලියේ දී වඩා වැදගත් වන්නේ, කොපමණ තොරතුරු ප්‍රමාණයක් ඉගෙන ගන්නවාද යන්න නොව ජිවිතයේ තීරණ ගැනීමේ ක්‍රියාවලියේදී ඉගෙන ගත් දෙයින් කොපමණ දුරකට එය භාවිත වනවාද යන්නයි.




සිසු දරු දැරියන්ට වඩාත් ආශ්වාදජනක පාසල් වියක් ලබා දෙන්නට නම්, ළමා වියේදී තොරතුරු ඉගෙනගැනීම සහ මතක තබා ගැනීමට ගත කරන කාලය ඉතිරි කරගෙන ඒ ඉතිරිවන කාල සීමාව විනෝදජනක ක්‍රීඩා සඳහා යෙදවීම අත්‍යාවශ්‍ය වේ. දරුවන්ගේ ළමා වියේදී ක්‍රීඩා, කණ්ඩායම් ක්‍රියාකාරකම් මෙන්ම ඔවුන් ම මවාගන්නා ලෝකයේ කරනු ලබන නිර්මාණශීලි කටයුතු වලින් ලබන ඉගෙනුම සහ බුද්ධිය ඉතා වැදගත් ය.


aristotal සඳහා පින්තුර ප්‍රතිඵල
ඇරිස්ටෝටල්
දැනුම නිසා බලය ලබා ගැනීමේ ඉඩකඩ පවතින නමුත් බුද්ධිය යනු සැබෑ බලය යි. සමස්ථ ඉගෙනුම් ක්‍රියාවලියේ ප්‍රධාන පරමාර්ථය විය යුත්තේ දැනුම මෙන්ම බුද්ධිය වැඩි කරගන්නා ශිෂ්‍ය පරම්පරාවක් බිහි කර ගැනීම යි.

ඇරිස්ටෝටල් ගේ ලයිසියම් පාසල ක්‍රීඩාගාරයකි. ඇරිස්ටෝටල් තමන්ගේ අධ්‍යාපන ක්‍රමය මුළුමනින් ම සකස් කර තිබුනේ ක්‍රියාකාරකම් තුළින් ලබන්නාවූ අධ්‍යාපනයක් වෙනුවෙනි. පාසලේ දී පැවැත්වෙන විභාගයෙන් ලබාගන්නා ජය අධ්‍යාපනයේ එකම පරමාර්ථය නොවේ. සාමාන්‍ය පෙළ විභාගයේ දී මබ ලබා ගන්නා සාමාර්ථය උසස් පෙළ සඳහා සිසුවා යොමු විය යුතු විෂයය ධාරාව පිළිබඳ මග පෙන්වීමක් කරයි. උසස් පෙළ විභාගයෙන් ලබාගන්නා සමත්කම ඔබට විශ්ව විද්‍යාල ප්‍රවේශයේදී වැඩි දුර උගන්නා විෂය පථය පිළිබඳ මග පෙන්වීමක් කරයි. ඔබ විශ්ව විද්‍යාලයට තේරුනා යන්නෙන් සඳහන් වන්නේ ඔබේ ජිවිතයේ සියලු ඉලක්ක ජය ගන්නට අවස්ථාවක් ලැබුණා යන්න නොවේ.එමෙන්ම විශ්ව විද්‍යාල ප්‍රවේශය නොලැබුණා යනු, ඔබේ ජිවිතයේ සියලු දේ අසාර්ථක වූවා යන්නත් නොවේ.ඔබ රැකියාවක් සඳහා යොමු වන අවස්ථාවේ දී ඔබ විභාගයෙන් ලබා ගන්නේ විශිෂ්ඨ සාමාර්ථයක් ද සාමාන්‍ය සාමාර්ථයක් ද යන්න බලපායි. නමුත් ඒ තුළින් ඔබ ලබාගන්න කුසලතා සහ දියුණු කරගන්නා ආකල්ප රැකියා ලොව දිනන්නට ඔබට මහෝපකාරී වේ.

lyceum සඳහා පින්තුර ප්‍රතිඵල
ලයිසියම් පාසල



විභාගයක් සඳහා සැහැල්ලුවෙන් මුහුණ දෙන ඔබ මේ කරුණු ගැන වඩාත් සැළකිලිමත් වන්නේ නම් මැනවි.


1. සටහන් පොත් තබා ගැනීම


ක්‍රමානුකුලව තබාගන්නා පොත්පත් මගින් ඔබේ මතක ශක්තිය වැඩි දියුණු කරයි. විවිධ විෂයයන් සහ විවිධ මාතෘකාවලට අදාළ කරුණු මොළයේ විවිධ මතක ශෛලයන් හි තැන්පත් කරනු ලැබේ. ක්‍රමවත්ව තැන්පත් කළ කරුණු නැවත ආවර්ජනය කිරීම ඉතා පහසු කරුණකි. ඔබේ පොත් රාක්කයේ හෝ මේසය මත පොත් කොතරම් අවුල් සහගතව තිබුණත් ඔබට ඉතාමත් සුළු කාලයකින් නියමිත පොත්පත් පිළිවෙලට සකස් කිරීම පහසු වීමට නම් එක් එක විෂයයන් ට වෙන් කරගත් වර්ණයක් තබා ගැනීම උපකාරී වේ.මේ වර්ණ භාවිතය මගින් ඔබේ මනසට විෂයයන් වෙන් කොට හඳුනාගැනීමට පිටිවහලක් සලසා දෙයි. පොතේ ඇතුළත පළවෙනි පිටුව අධ්‍යාපනය පිළිබඳ ඔබේ විශ්වාසය වැඩි කරන වාක්‍යයක් සටහන් කර තබන්නට පුළුවන්.


2. පොතේ සියලු පිටු අංකනය කරන්න


පොතේ පළමු පිටුව, පොතේ පටුන ලෙස භාවිත කරන්න. විවිධ මාතෘකා සහ ඒ මාතෘකා පටන් ගන්නා පිටුව මේ පටුනේ හි සඳහන් කර තැබිය හැකිය. මෙය එක් එක් විෂයෙහි විවිධ මාතෘකාවලට අදාළ කරුණු ඔබේ මොළයේ වෙන වෙනම තැන්පත් කිරීමට ඔබේ සිතට මග පෙන්වීමක් කරයි.


3. රුපවාහිනිය ඉදිරියේ ගත කරන කාලය අඩු කරන්න


රුපවාහිනි වැඩසටහන් නැරඹීම තෝරාගත් වැඩසටහන් කිහිපයකට සිමා කරන්න. ඔබ සෘජු ව රුපවාහිනි වැඩසටහන් නැරඹුවේ නැතත් පවුලේ වෙනත් සාමාජිකයන් නරඹන වැඩසටහන් වල අක්‍රිය නරඹන්නෙකු ගේ තත්ත්වයට පත් වීමට ඔබට සිදු වේ නම්, ඒ පිළිබඳ ඔබේ පවුලේ සාමාජිකයන් සමග කතා කොට යම් වෙනස්කම් ඇති කර ගැනීමට පසු බට නොවන්න.


4. පිළිවෙල ආහාර පුරුදු ඇති කරගන්න.


සෑම ආහාර වේලක් ම ඔබ ගන්නා බව සහතික කර ගන්න. පැය ගණනාවක් නිරාහාරව ගත කර උදෑසන අවදි වූ පසු උදේ ආහාර වේල ප්‍රමාද කිරීම ඔබේ ඉගෙනීමේ ශක්තිය අඩාල කරයි. පාසලට පිටත් වීමට පෙර ගෙදර දී ඔබේ ප්‍රථම උදෑසන ආහාරය ගැනීම පුරුදු කර ගන්න. ස්වාභාවිකත්වයට ලංවූ පෝෂ්‍යදායි ආහාර වේලක් දිනපතා ගන්න.


5. නිසි ලෙස ජලය පානය කරන්න.


දිනපතා ලීටර් 4ක් වත් වතුර ලෙස ඔබ පානය කරන බව තහවුරු කරගන්න. වැඩි වැඩියෙන් වතුර බී වැඩියෙන් වැසිකිලි භාවිතය ඔබේ ගත ප්‍රාණවත් කරයි. දිවා කාලයේ ඔබට ඇති වන තෙහෙට්ටුව සහ හිසරදය මඟ හැරීමට මේ පුරුද්ද ඔබට මහත් සේ උපකාරී වේ.


6. සුවදායක ලෙස නිදා ගන්න.


වසරේ සෑම කාලයක ම ක්‍රමානුකුල ලෙස පාඩම් කිරීම විභාගය කිට්ටු වන විට අනවශ්‍ය ලෙස නිදි වර්ජිතව පාඩම් කිරීමේ අවශ්‍යතාව ඔබෙන් ඉවත් කරවයි. දිනකට අඩු ම තරමින් පැය 6ක් හෝ ඔබ නිදාගැනීම හොඳ සෞඛ්‍ය පුරුද්දකි. විභාග සඳහා සුදානම් වන දරුවන්ට මේ නින්දේ ඇති වැදගත්කම වන්නේ ඔබ ඉගෙන ගන්නා සියලු කරුණු ඔබේ මතක සෛලවල රාත්‍රී කාලයේ තැන්පත් වීම යි.

Click & Earn

'සාර්ථක' මිනිහෙක්ට වාහනයක් තියෙන්නම ඕනද? (සාර්ථක මිනිහෙක්ගෙ කතාවක්)

අපේ ගමේ මීට අවුරුදු ගානකට කලින් අක්කර 35ක රබර් ඉඩමක් විකුණුව රබර් මිල වැටුණු කාලෙකදි. අවුරුද්දක් දෙකක් ගිහින් අපි දැක්ක ඒ හිස් ඉඩමෙ ටික ටික ...

Check it