Monday, August 20, 2012

ඇමෙරිකන් කල්ලන්ගේ ගැලවුම්කරුවා - ඒබ්‍රහම් ලින්කන් - Abraham Lincoln


ඒබ්‍රහම් ලින්කන් (1809-1865)ඇමෙරිකන් කල්ලන්ගේ ගැලවුම්කරුවා 

ස්ටෙෆාන් ඩග්ලස් (Stephen Douglas) පරදවමින් ඇමෙරිකා එක්සත් ජනපදයේ දහසය වැනි (16.) ජනපතිවරයා බවට; ඒබ්‍රහම් ලින්කන් පත්වුයේ 1861 දී ය.

ඔහු ජනපති වුයේ බෙදුණු රටක ය.ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය එක්සත් ජනපද සිවිල් යුද්ධයේ ගිනි පුපුරක් වැනි විය. දකුණු ප්‍රදේශය (Southern State;Confederated State)පාලනය කළ පුද්ගලයන්ට එකල ජනපදය පුරා දළු ලා වැදුණු "වහල් සේවය"' නැති කිරීමට උවමනාවක් නොතිබිණි.මන්ද යත් වහල් සේවය, වැවිලි කර්මාන්තය මත පදනම් වූ ඇමෙරිකානු ආර්ථිකය තුල විසල් රංගනයකට දායක වීම නිසාය.

වහල් සේවාව තුරන් කිරීම සඳහා මග දෙපස පිළියෙළ වුයේ උත්තර (Northern) ප්‍රදේශයෙනි.ලින්කන් ඊට අවැසි නීතිමය කටයුතු සැකසුවා පමණක් නොව තම මැතිවරණ ව්‍යාපාරයේ තේමා පාඨය කරගත්තේය.

1861 දී ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ (Democratic) අපේක්ෂකයා වූ ඩග්ලස් සහය දැක්වුයේ "වහල් සේවය තුරන් කරනවද නැද්ද යන්න එක් එක් ප්‍රාන්තයට ස්වාධීනව තීරණය කරගැනීමට ඉඩ දිය යුතුය" යන මතයටය.අනෙක් අතට ලින්කන් කීවේ වහල් සේවය නීතියෙන් සහමුලින්ම,මුළු රටටම බලපාන පරිදි ඉවත් කළ යුතු බවකි.

ඒබ්‍රහම් ලින්කන් 1809 පෙබරවාරි 12 වෙනිදා කෙන්ටකි (Kentucky) හිදී උපත ලද අතර ඔහුගේ දෙසියය (200) වැනි ජන්ම දිනය පසුගිය 2009 වසරේදී සමරන ලද්දේ වත්මන් එක්සත් ජනපද ජනපති බරක් ඔබාමා ගේ අනුග්‍රහය යටතේය.

විශේෂිතම කරුණු ලෙස සඳහන් කළ හැක්කේ ලින්කන් ඇමෙරිකාවේ ප්‍රධාන කොළණි දහතුනෙ (13)න් පිටත ප්‍රදේශයකින් බිහිවුන ප්‍රථම ජනාධිපතිවරයා වීමත් ඔහු උපත ලද දිනම ශ්‍රේෂ්ඨ ජීව විදුවර 'චාර්ල්ස් ඩාර්වින් (Charles Darwin)  ද එංගලන්තයේදී උපත ලැබීම යි.

ලින්කන් උගත් පුද්ගලයෙකු වුවද ඔහුගේ දෙමාපියෝ අකුරු උගත්තෝ නොවූ හා.ඔහු පසුව ප්‍රකාශ කළේ තමන්ට උවමනා වුයේ 'සීමා මායිම් නොදන්නා පුංචි යන්ත්‍රයක් වීම" බවය. (A little machine who knew no bounds) ඔහු නීතිවේදියෙකු හා දේශපාලකයෙකු ලෙස ඉතා වෙහෙස මහන්සි වී වැඩ කළේය.

වින්දනාත්මක කරුණක් ලෙස ලින්කන් ගැන කතා කළ හැක්කේ අරුමැසි යටි රැවුලක් සහිත පළමු ඇමෙරිකන් ජනාධිපති ඔහු වූ අතර එක්සත් ජනපදයෙන් බිහිවූ සිරුරෙන් උසම ජනාධිපතිවරයා ද ඔහු බව ය.
තවත් මතක තබා ගත යුතු කරුණක් වන්නේ;බෝට්ටු ඔසවා තබන උපකරණයක් සඳහා පේටන්ට් බලපත්‍රයක් (Patent for a device for lifting boats over shoals) ඔහුට හිමිවූ බවත්,පේටන්ට් බලපත්‍ර ධාරි එකම එක්සත් ජනපද ජනාධිපති , ඔහු වීම ත් ය.

ලින්කන්ගේ පදවි ප්‍රාප්තියෙන් දින තිස්නවයක් (39) ගිය තැන, එක්සත් ජනපදයේ සිවිල් යුද්ධය ඇරඹි සය ලක්ෂයකට (600,000) අධික පිරිසක් දිවි දුන් අතර සමස්ත ජනපදයෙන්ම වහල් සේවය තුරන් කළ යුතු යැයි ලින්කන් සිටි මතයේම නොසැලී සිටිය දීම 1865 මහා සිකුරාදා දිනෙක ලින්කන්ව වෙඩි තබා ඝාතනය කෙරිණි.සති හයක (06) ඇවෑමෙන් දක්ෂිණ ප්‍රාන්තයන් තම අදහස් අත් හැර දැමිය. සිවිල් යුද්ධය නිමාවට පත් විය.

ලින්කන් ඝාතනය 

1860 මැයි මස 08 වෙනිදා ලින්කන් ජනපති ලෙස නම් කළ දා චිකාගෝ වේ Maverick Theater හිදී රඟ දැක්වුණු නාට්‍යය වූ "OUR AMERICAN COUSIN"' නරඹමින් සිටියදීම 1865 අප්‍රේල් 15 වෙනි දා වොෂින්ටන් ඩි.සි. හි Ford Theater හිදී Booth විසින් ලින්කන් ව වෙඩි තබා මරා දැම්මේය.

ඒබ්‍රහම් ලින්කන් ජිවන තතු




  • උපත : 1809 පෙබරවාරි 12
  • විපත : 1865 අප්‍රේල් 15 (වයස අවුරුදු 56)
  • ජාතිය :ඇමෙරිකානු
  • දේශපාලන පක්ෂ : Whig (1832-1854), Republican (1854-1864), National Union (1864-1865)
  • බිරිඳ : Mary Todd Lincoln
  • දරුවන් : Robert, Edward, Willie,Tad
  • රැකියාව : නීතිවේදී

හිත-වත

කෙනෙකු පැවසුවොත් සංකල්පයක් "ශ්‍රේෂ්ඨ ඇමෙරිකන් ජනපති" නමින් ඔහු ය "ඒබ්‍රහම් ලින්කන්'.
නීතිවේදියෙකු,දේශපාලන චින්තකයෙකු,නීති සම්පාදකයෙකු එමතු ද නොව මහත් අභිරුචියෙන් පොත් කියවන්නෙකුද වුයේ..මනස සංවර්ධනය සඳහා ඔහුගේ ඇති කැමැත්ත ප්‍රකට කරවමිනි.

ඇෆ්රෝ-ඇමෙරිකන් කළු වහලුන්ට නිදහසේ නිවේදනය නිකුත් කළ සිවිල් අයිතිය පිටුපස සිටි විශිෂ්ඨ දේශපාලකයා ඔහු විය.ඔහු දුටු සිහිනයේ සැබෑ පල නෙලා ගත් දෙදෙනෙකි. ඒ මාටින් ලුතර් කිං සහ 2008 දී ජනපති ධුරයට පත්වූ ඇෆ්රෝ-ඇමෙරිකන් බරක් ඔබාමා ය.

ඔහු විශ්වාස කළේ එය සහමුලින්ම "කල්ලන්ගේ නිදහස' මිස අන් යමක් නොවිය යුතු බවයි.මේ කරුණ සම්බන්ධව ඔහුගේ ඒකායන මතය ඉමහත් උත්කෘෂ්ට වූ අතර,එය එක්සත් ජනපදයේ "උතුර-දකුණ" පුරා ගිගුම් දෙන සිතුවිල්ලක් වන වග ලින්කන් විශ්වාස කළේය.

තමන්ගේ "නිල ප්‍රතිෂ්ඨාපනය"(Inauguration) සේයා රූ ගත කළ පළමු ඇමෙරිකානු ජනපතිවරයා ද වූ ලින්කන්ගේ ඝාතකයා වන John Wilkes Booth ද එම සේයාරුවේ පසෙක දැකගන්නට ලැබීම දෛවයේ සරදමක් වැන්න..සිනමාවේ වැඩියෙන්ම පෙනී සිටි මේ ජනපතිවරයා ඝාතනයට ලක් කලේද නළුවෙකු විසිනි.


11 comments:

  1. නියමයි ලිපිය... මේ වගේ වටිනා ලිපි තවත් ලියන්න වරම් ලැබේවා !

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ධම්මික!

      Delete
  2. එල මචන්..පුලුවන්නම් මේ වගේ වෙනත් අංශවල අය ගැනත් දාපන්..නියමයි.

    ReplyDelete
    Replies
    1. තැන්කිව් මචං.ඔව් අනිවාර්යයෙන් ම දානවා!!

      Delete
  3. වෙලාවට සමහර වචනවල තේරුම කඩ්ඩෙන් දාලා තිබ්බෙ.... :D

    හොඳ ලිපියක්!

    ReplyDelete
  4. බුද්ධික රුද්‍රිගුAugust 19, 2012 at 7:37 PM

    මම වගේ ඉංගිරීසි බැරිවුන්ට මේ වැඩෙන් පට්ට සපෝට් එකක් ලැබෙනවා ලෝක ඉතිහාසය ඉගෙන ගන්න.. මීළඟ ලිපිය එනතුරු බලා සිටිමි.

    ReplyDelete
    Replies
    1. මම ත් ඉංග්‍රීසි දියුණු කරගන්න ඕන නිසා තමයි ලියන්න ගත්තේ බුද්ධික සහෝ.ස්තුතියි අගය කිරීම ට !

      Delete
  5. ලින්කන් එයාගෙ ළමයාගෙ ගුරුවරයට යවපු ලියුම ගැනත් සඳහනක් තියෙනව නං හොඳ නැද්ද

    ReplyDelete
    Replies
    1. හොයාගෙන ලියන්නම්! ස්තුතියි කිශාන්

      Delete
  6. අදමයි මේ පැත්තේ ආවේ. හොඳ උත්සහයක්. පුලුවන් නම් ලියපන්කො හිට්ලර් ගැන ලිපියක්....!

    ReplyDelete

Click & Earn

'සාර්ථක' මිනිහෙක්ට වාහනයක් තියෙන්නම ඕනද? (සාර්ථක මිනිහෙක්ගෙ කතාවක්)

අපේ ගමේ මීට අවුරුදු ගානකට කලින් අක්කර 35ක රබර් ඉඩමක් විකුණුව රබර් මිල වැටුණු කාලෙකදි. අවුරුද්දක් දෙකක් ගිහින් අපි දැක්ක ඒ හිස් ඉඩමෙ ටික ටික ...

Check it