Tuesday, August 21, 2012

ලින්කන් ගේ ලියුම

මේ ලියමන ඉතාම චිර ප්‍රසිද්ධියට පත් ලිපියක්.නොකියවූ අයගේ කියවීම සහ ඇගයීම වෙනුවෙනුත්,කියවූ අයට නැවත කියවීම හා වෙනස් කියවීමක් උදෙසාත් එකී ලිපිය මෙසේ සිංහලට නැගුවෙමි.


ම'පුතු අකුරට යන  මුල්ම දිනය අදයි.එය ඔහුට මොහොතකට අමුතු සහ අළුත් ම දෙයක් වේවි.ඔබ ඔහුට කාරුණිකව සළකනු ඇතැයි මා බලාපොරොත්තු වෙනවා.එය විශ්වය පුරා ඔහු ගෙන යන පෙර නොවූ විරූ අත්දැකීමක් ද වනු ඇති.නිසැකවම යුද්ධ,ශෝකාන්ත නාට්‍ය,කනස්සල්ලෙන් පිරි චාරිකාවක් වේවි.මේ ජීවිතය ජිවත් කරවන්නට විශ්වාසය,ආදරය, සහ දිරිය අවශ්‍ය වේවි.

ඉදින්..දයාබර ගුරුතුමනි,

ඔහුගේ අතින් අල්ලාගන්න.ඔහු දැනගතයුතු හැම දේ ඔහුට උගන්වන්න,ඔබට හැකි ලෙස කරුණාවෙන්..
හැම සතුරෙකු තුළ ම මිතුරෙක් ද සිටින බව ඔහුට කියා දෙන්න.ඔහු දැනගත යුතුයි, මිනිසුන් හුදෙක් සැබෑම මිනිසුන් නොවන වග.සෑම දුදනෙක් තුළම විරුවෙක් ද සිටින බව;හැම සටකපට දේශපාලකයෙකු තුළම ශුර නායකයෙකු සිටින වග.

ඩොලරයක් කොහෙන් හෝ හමුවුවාට වඩා තමන් විසින්ම ඉපයූ සත දහය ඉතා වටිනා බවත්;පාසලේ දී අසමත් වීම,වංචාවට වඩා ඉතා ගෞරවනීය බවත් වටිනා බව ඔහුට උගන්වන්න.ගෞරවනීය ලෙස පරදින අයුරු..දිනු දින දිනුම තුටින් සමරන'යුරු ඔහුට උගන්වන්න.

ඔබට හැකිනම් ඔහුට  උගන්වන්න; මිනිසුනට කරුණාවන්ත වන්නට.තද මිනිසුන්ට තදින් සලකන්න.කුහකත්වයෙන් ඉවතට ඔහු රැගෙන යන්න සිනහමුසු මුහුණින්.

දුකේදී හිනැහෙන්නත්,කඳුළක් හෙලුමට ලජ්ජා නොවන්නටත්,ඔහුට උගන්වන්න.

උත්කර්ෂයක්,මහිමයක් වැරදීමක දොසක වුව තිබිය හැකි බවත්;සාර්ථකත්වය තුළ සැඟවුන අවාසනාවක් තිබිය හැකි බවත් ඔහුට උගන්වන්න.
නින්දාශිලින්ට සමච්චල් කරන්ටත්,සිමා රහිත මිහිරි බවින් පරිස්සම් වන්නටත් ඔහුට උගන්වන්න.

තමන් නිවැරදි යයි හඟින තැන සභා මැද ඒ වෙනුවෙන් මොර ගසන්නටත්,පෙනී සිටින්නටත්,සටන් වදින්නටත් ඔහුට උගන්වන්න.

ඔබට හැකිනම්,උගන්වන්න ඔහුට පොතපතෙහි පුදුම සහගත බව.එනමුත් ඔහුට ඉඩ දෙන්න අහසෙහි සරණ සියොතුන්ගේ , නිල් කඳු මුදුනත පිපි මලෙක සැඟවුණු අභිරහස සොයන්නට.

අන් සියළු දෙනා ඔහු වැරදි යයි කියද්දීත්,තමන්ගේ අදහස් ගැන විශ්වාසය තබා ගන්නට ඔහුට උගන්වන්න.සියළු දෙනා පිරිස් පසුපස හඹා යද්දී එසේ නොකරනු පිණිස මපුතුට ශක්තියක් වන්නට උත්සාහ කරන්න.ඔහුට උගන්වන්න සැමදෙනාටම සවන් දෙන්නට.නමුත් සත්‍යය රාමුව තුළ ඇසෙන දෙයින් හොඳ දේ පමණක් පෙරාගන්නට.

තමන්ගේ දක්ෂකම් හා නුවණ ඉහළම ලංසුවේ තබන නමුත් ,තම හදවත සහ ආත්මය මිල නොකරන්නටත් ඔහුට උගන්වන්න.
නොඉවසිලිමත් වන්නට ධෛර්යයත්,නිර්භීත වන්නට ඉවසීම ත් ඔහුට ලබාගන්නට ඉඩ දෙන්න.

තමන් පිළිබඳ අත්‍යුදාර විශ්වාසය තබාගන්නට ඔහුට උගන්වන්න.එවිට ඔහු සැමවිටම මිනිසුන් කෙරෙහි විශ්වාසවන්ත වනු ඇති.

මෙයයි ක්‍රියා පිළිවෙළ .ගුරුතුමනි,එහෙත් ඔබට හැකි පමණ මෙය සිදුකරන්න.
ඔහු සැබවින්ම ලස්සන පුංචි කොල්ලෙක්වගේම ඔහු මගේ පුතු!

ඒබ්‍රහම් ලින්කන්





6 comments:

  1. අද කාලේ දෙමව්පියෝ නම් ගුරුවරයෙක් ළමයෙක්ට දෙයක් කරන්න එපා කියල කිව්වත් ඉස්කෝලෙට ගිහින් ගුරුවරයාට ගහල බැනල එන අයනේ.

    ReplyDelete
  2. තමන්ගේ දක්ෂකම් හා නුවණ ඉහළම ලංසුවේ තබන නමුත් ,තම හදවත සහ ආත්මය මිල නොකරන්නටත් ඔහුට උගන්වන්න.
    නොඉවසිලිමත් වන්නට ධෛර්යයත්,නිර්භීත වන්නට ඉවසීම ත් ඔහුට ලබාගන්නට ඉඩ දෙන්න.
    mama aasamatika me

    ReplyDelete
  3. හොඳ පෝස්ට් වලටත් කමෙන්ට් නැත්තෙ ඇයි .? ගෑනු කරන බ්ලොග්ස් වල කිසි තේරුමක් නැති පෝස්ට් වලටත් අම්බානට ලයික් කොමෙන්ට් තියෙනවා

    ReplyDelete
    Replies
    1. ඒවා නම ඉතින් එහෙම තමයි සහෝ.....ස්තුතියි!

      Delete

Click & Earn

'සාර්ථක' මිනිහෙක්ට වාහනයක් තියෙන්නම ඕනද? (සාර්ථක මිනිහෙක්ගෙ කතාවක්)

අපේ ගමේ මීට අවුරුදු ගානකට කලින් අක්කර 35ක රබර් ඉඩමක් විකුණුව රබර් මිල වැටුණු කාලෙකදි. අවුරුද්දක් දෙකක් ගිහින් අපි දැක්ක ඒ හිස් ඉඩමෙ ටික ටික ...

Check it