පුංචිම කාලෙ තිබුන ලොකු ලොකු බලාපොරොත්තු
කෙමෙන් කාලය ගතවෙද්දි ඉටු කරගන්න
බැරිවෙනවා..ජීවිතේ කියන්නෙ මහම මහ පුදුමාකාර
දෙයක්......අපි බලාපොරොත්තු වෙන දේවල් ඉෂ්ඨ
වෙනවා කියලා ධනාත්මක චින්තනය කියනවා,ඒත් ඒක
කොයිතරම් ප්‍රායෝගිකව ඇත්ත වෙනවද කියලා මට
තේරෙන්නෙ නැ.....කවදාවත් පැවිදි වෙන්න තරම්
ජීවිතාවබෝධයක් ලබලා නැහැ......ඒත් කිසිම දේක
මෙලෝ රහක් නැ....කියලා සැහෙන කාලෙක ඉඳලා
හිතට දැනෙන්නෙ ඇයි ද කියලා මට තේරෙන්නෙ
නැ......බදා වැලඳගෙන ජීවිතේ විදින්න ඕන කියලා
හිතෙන්නෙම නැ.....ජංගියෙ චූ දාගත්ත කාලේ ජීවිතේ
මේ තරම් බර දෙයක් කියලා කොහොමටවත් හිතිලා
නැ.....ඕනම දෙයක් ඕනවට වඩා හිතන්න එපා කියලා
සමහරු කියනවා..ඒත් මෙහෙම ජීවත්වෙන එකේ තේරුම
මොකක්ද? ජීවිතේ මෙලෝ රහක් නැත්තෙ ඇයි? කියන
ප්‍රශ්නවලට නම් තාමත් උත්තරයක් නැ.....මේ අසුන්දර
ලොකෙ රස්තියාදු ගහන එක මට දැන් තිත්ත
වෙලා.......නැ..බැ...උදාරයගෙ කටේ තියෙන්නෙම ඕක
තමයි කියලා කට්ටිය කියයි......ඒත් එහෙම කියල මට
පුලුවන්ද බොරු කියන්න.....
ඇත්ත තිත්තයි...සීනි පැණි රහයි.
No comments:
Post a Comment