දහඩිය පෙරාගෙන මහ දහවල ගින් නේවැලිබත් උයන අවදියෙ ගෙයි පිළිකන් නේමා ඈ දුටුව බව ඈ කොහොමද දන් නේහඳ වාගෙයි එදා ඈ බැබලුණ පින් නේ
ඇගෙ නෙත අහිංසක රසයට උල්පත යඇගෙ මොළකැටි ගතිය රැඳුණේ මල්වෙත යසඳ හිරු පළමු බැලුවේ ඇගෙ පැල්පත යඑහි හැම තැනම මිහිරිගෙ හුරතල් වත ය
ඇගෙ නෙත් පහර වැද නාදලු නිලට හැරේතොල් පැහැ පෙනේ ගම අහසෙහි බහින ඉරේපවතී මිහිරි බව ඇගෙ පරිසරය කෙරේඈ ඇති තැනදි වැඩි මී මැසි බඹර පොරේ
ඉන්පසු දුටිමි ඈ නව යොවුනෙහි වෙලුණුරන් තරුවක් වගෙයි කිරි මුහුදෙහි ගිලුණුඇගෙ යටි පතුලෙ වැද යන එන තැන තැලුණුවැලිකැට තිබේ හිරිගල් පාටට දිලුණු
ඇගෙ නෙත් කොණින් ආ මදලස වැද පිපුණුවනමල් ගැන කීහ ගම සමහර ගැහැණුඇගෙ කට හඬින් ඉපනැලි තුළ ගොනු ගැනුණුසුමිහිරි තාල කවදාවත් නැත නැසෙනු
පරිණත යොවුන් වයසේ විලිබරව සිටීඇය මම දිටිමි මුළු ගම බබලවන හැටීහැසිරෙනු දුටිමි රන් රස ආලයක ගැටීඇය දැන් තනිව විසු දවසට වැඩිය වටී
කලකට පසුව යළි මම ඇය දුටිමි එදාඇය ගැහැණියකි සිටි දරු සිව් දෙනෙකු හදාහළ මෙන් දුටිමි හැම සිරි ඇය වෙතට මුදාඈ සල් ගසක් මෙනි ඇති මල් පොකුරු දදා
අවසන් වරට මවිසින් ඇය දුටු දවසඇය පිරිවරා වැලපුණි හිතවත් පිරිසසුවසේ වෙසේවයි දුරුකරගෙන වෙහෙසසොහොනක් කළෙමි මගෙ හදවත ඇය පිණිස
-කේයස්-
No comments:
Post a Comment