Friday, December 30, 2011

සිංහල බෞද්ධ ජාතිකත්වය... By Ravipriya Thushara in ජාතිකත්වය







ජාතිකත්වය යනු කුමක්දැය් විමසා බලමු. මම මෙයට නිර්වචනයක් වෙනුවට මට හැඟෙනා ආකාරයට හැඳින්වීමක් දෙන්නට උත්සාහ කරමි.

පලමුවෙන්ම මම අපි ජාතිකත්වය ලෙස හදුන්වන දේ බටහිරයන් ජාතිකත්වය ලෙස හඳුන්වන දෙයින් වෙනස් බව කීමට කැමැත්තෙමි.තායි වැසියන්ට තවත් ජාතිකත්වයකුත්, චීනුන්ට තවත් ජාතිකත්වයකුත් තිබෙයි. එහෙත් තායි වැසියන් සහ අපි ජාතිකත්වය ලෙස හඳුන්වන දෙය බටහිරයන් ජාතිකත්වය ලෙස ගන්නා දෙයට වඩා සමීප වෙයි.එය මෙසේ පැහැදිලි කරමි.ජාතිකත්වය යනු මිනිස් මනසේ ඇති සිතුවිලි සමූහයකට, අදහස් සමූහයකට අපි විසින් දී ඇති නමකි. අපගේ සිතුවිලි බටහිරයන්ගේ සිතුවිලි වලට සමානද? මිනිසුන් දෙදෙනෙක් විසින් ගවයෙකු මරා මස් පිනිස සකස් කිරීම දැක්වෙන සල රූ දසුනක්(video) අපේ සිංහල ගැමියෙකුට(හෝ ඔබට) සහ ස්පාඥ්ඥයේ වෙසෙන වැසියෙක්ට පෙන්වුවායයි සිතමු. ඔවුන් දෙදෙනාටම  පහල වන්නේ එකම සිතුවිලිද?මිනිසුන් සිතනා ආකාරය ඔවුන්ගේ සංස්කෘතියට, සරල ලෙස කියන්නේ නම් ඔවුන් හැදුන වැඩුන පරිසරයට බොහෝ දුරට සාපේක්ශ වෙයි.සංසාර පුරුදු වැනි විශේෂ හේතු නිසා සංස්කෘතියට බොහෝ ලෙස අනුකූල නොවන ආකාරයෙන් සිතන මිනිසුන්ද සුළු වශයෙන් සිටිය හැක.එහෙත් සමස්ථයක් ලෙස ගත්කල මිනිසුන් සිතන ආකාරය ඔවුන් ජීවත් වන සංස්කෘතිය මත රඳා පවතියි.

බටහිරයන්ගේ සංස්කෘතිය අපට වඩා බොහෝ සෙයින් වෙනස්ය.තායි වරුන්ගේ සංස්කෘතිය අපිට වඩාත් සමීප වෙයි.දැන් ජාතිකත්වය යන්න විවිධ සංස්කෘතීන් ලෙස විවිධ ලෙස ගන්නා බව පැහැදිලිය.බටහිරයන්ට ජාතිකත්වය පිලිබඳ සංකල්ප ඇති වූයේද ඔවුන්ගේ වැඩවසම් යුගයත් සමඟ බව දැක්වෙයි. එහෙත් අපේ ජාතිකත්වයට, අනෙකුත් වැසියන්ගේ ජාතිකත්ව සංකල්ප වලට ඊට වඩා දිගු ඉතිහාසයක් වෙයි.

දැන් අපි අපගේ ජාතිකත්වය පිලිබඳ සලකා බලමු.අපේ කම,තමන්ගේ දේ ගැන ඇති කැක්කුම සහ සිංහලකම ආදී වචන ගැන සලකා බලන්න.ජාතිකත්වය, ජාතිකවාදය යන සංකල්ප එහි ගැබ් වී ඇතැයි මම සිතමි.ජාතිකත්වය යනු මිනිසුන්ගේ සිතෙහි ඇති හැඟීමයි. සිතෙහි ඇතිවෙන හැඟීමක් වචනයෙන් පැවසීම අපහසු බව ඔබ දනියි. නමුත් මෙය මඳක් දීර්ඝ ලෙස විස්තර කල යුතිය.

යමෙක් තමන්ගේ ජාතිය සුරැකීමට සහ එහි නැගීමට කටයුතු කරන්නේ ජාතිකත්වය නිසාවෙනි.ජාතිය පිලිබඳ හැඟීමක් ඇති නිසාවෙනි.නමුත් මෙහිදී තමන් තම ජාතිය පිලිබඳ ආත්මාර්ථකාමී ලෙස සිතමින් අසාධාරණ ලෙස කටයුතු කරන්නේ නම් එය ජාතිවාදයක් බවට පත්වෙයි.යමෙක් තම රට ජාතියට බාහිරින් එන සතුරු උවදුරු වලට තම ජාතිය ආරක්ශා කිරීමෙහි අරමුණෙන් එරෙහි වීම ජාතිකත්වයයි. යමෙක් තම ජාතිය නැංවීමට වෙනත් ජාතීන් සතු රටවල් ආක්‍රමණ්ය කිරීම ජාතිකත්වය නොවෙයි.තම ජාතිය අන් ජාතීන්ට වඩා උසස් ලෙස සැලකීමත් එසේය.වෙනත් රටකට තවත් රටක් විසින් අහේතුකව පහර දෙන්නේ නම් එයට විරුද්ධ වීම සහ පහරදීමට ලක්වන රටට පක්ශපාතී වීම ජාතිකත්වය නොවෙයි. එය අපි සාධාරණත්වය මත සිට කෙරෙන ක්‍රියාවකි. එහි කැක්කුමක්,හැඟීමක් නොමැත.ඕල්කට් තුමා අපේ රටට පැමිණ අපේ මිනිසුන්ට උදව් කරේ ඔහුට අපේකමක් ඇති නිසා නොවෙයි. ඉන්ගිරිසින්ගේ ක්‍රියා දුටු ඔහු සාධාරණත්වය උදෙසා ක්‍රියා කලේය.ටිබෙට් මහින්ද හිමි අපේ වැසියෙක් නොවුවත් ඔහු සිංහලකමක් ඇතුව අපේ ජාතියට වැඩ කළේය.එංගලන්තයට මහා පරිමානයෙන් මුස්ලිම් වරු සංක්‍රමණිකයන් ලෙස පිවිසී එම රට තුල පැතිරෙමින් පවතින ඉංගිරිසි සංස්කෘතිය වෙනස් කිරීමට උත්සාහ කරති. එංගලන්තයටම පිලිකාවක් ලෙස හැසිරෙයි.එයට විරුද්ධ වෙන ඉන්ගිරිසි වැසියන්ට අපි සහය පල කරන්නේ සාධාරණත්වය සලකාය.

අපගේ ජාතිකත්වයට අනුව අනෙකුත් ජනවර්ග පාගා දැමීම හෝ වෙන රටවල් වලට අසාධාරණ ලෙස බලපෑම් කිරීම වැනිදේ ඉතාම දුලබය.වසර 2500ක පමණ ඉතිහාසය තුල අපිට පැමිණි සතුරු ආක්‍රමණ අපි විනාශ කර දැමුහ.අපි අපේ දේ රැක ගන්නට පෙළ ගැසුනෙමු. නමුත් අපි හමුදා තනා වෙනත් රටක් ආක්‍රමණය කරන්නට නොගියහ. ඉතා විශිෂ්ඨ යුධ ශක්තියක් තිබූ පැරකුම් රජු පවා අහේතුකව වෙනත් රටවල් ආක්‍රමණය නොකලේය.ඔහු පාණ්ඩව දේශයේ කුමරෙක්ට ඔහුට පැමිණි සතුරු ආක්‍රමණ පලවා හැරීමට උදව් කල බව සදහන්ය.ඔහුට යුද්ධයෙන් උදව් කර රට නැවත ඔහුටම පවරාදෙන ලදියි.
අපේ රටේ වෙසෙන ජන කොටස් පාගා දැමීමද අපි නොකරන්නෙමු.ඔවුන් අප සමග සහජීවනයෙන් වෙසෙන තාක් ඔවුනට අපෙන් ප්‍රශ්නයක් වෙන්නේ නැත. අපි සහෝදරත්වයේ දෑත් දිගුකරන්නෙමු.එහෙත් අපිට විරුද්ධව කුමන්ත්‍රණ සහ සටකපටකම් ඉවසන්නේ නැත. අතීතයේ අප රටට සතුරු ආක්‍රමණ පැමිණි විට ඔවුන්ගේ හමුදා බිඳ දමා අපේ උරුමය නැවත ප්‍රතිස්ථාපනය කරන ලදියි. එහෙත් අපේ මුතුන් මිත්තෝ සතුරු හමුදා සමඟ පැමිණි සොළී ජනයා සමූලඝාතනය කල බවක් ඉතිහාසයෙ නොදැක්වෙයි.ඔවුන් අපේ මිනිසුන් සමඟ එක්වී අපගේ සංස්කෘතිය තුලට අවශෝශනය වී සිංහල බෞද්ධ බවට පත් වූහ.

අපගේ ජාතිකත්වය එතරම්ම නම්‍යශීලී සහ හිතවත්ය.පොළොන්නරු යුගයේ සඳකඩ පහනෙන් ගව රූපය ඉවත් වූයේ, පන්සල් සමඟ දේවාල තැනුනේ එම මිනිසුන්ට අපගේ සිංහල බෞද්ධ සංස්කෘතියට අවශෝෂණය වීම පහසු කරමිනි.අපි ගව රූපය එලෙසම තබාගැනීමට තරම් කුහක නොවූහ.එහෙත් ඔවුන් සිංහල බෞද්ධ ක්‍රමයට විරුද්ධ වී වෙනත් පාලනයක් හෝ සංස්කෘතික වෙනසක් සිදු කිරීමට උත්සාහ කරේ නම් ඔවුන්ට අපගේ මුතුන් මිත්තන්ගේ ප්‍රතිරෝධය නිතැතින්ම ලැබෙන්නට තිබුනහ.නමුත්  ස්වභාවික ලෙස අවශෝෂණයම සිදු විය.මම හෝ ඔබ පැවත එන්නේ එලෙස අපගේ සිංහල බෞද්ධ සංස්කෘතිය තුලට අවශොෂණය වූ සොළීන්ගෙන් විය හැකිය.එය අපට ගැටලුවක් නොමැත. අපගේ ජාතිකත්වය පදනම් වන්නේ ලේ නෑකම මත නොව සංස්කෘතිය මතයි.

අපගේ(සිංහල බෞද්ධයන්ගේ) ජාතිකත්වය කුමක්ද යන්න ඔබට පැහැදිලි ඇතැයි මම සිතමි.දැන් දේශපාලනය සහ ජාතිකත්වය පිලිබඳව සලකා බලමු.
දේශපාලනය යනු කුමක්ද...? මම දකිනා ලෙසට දේශපාලනය යනු බටහිර උගතුන් සමූහයක් විසින් ගොඩ නගන ලද දැනුම් සමූහයකි. සමහරෙක් එය දේශපාලන විද්‍යාව ලෙස හඳුන්වන නමුත් එහි ඇති විද්‍යාවක් නොමැත.එය දැනුම් සමූහයක් පමණි.එහි සමාජ සහ සමූහ පරිපාලනයට අදාල යම් යම් නියම සහ ප්‍රවාද පිලිබඳව දක්වා ඇත. එහෙත් ප්‍රායෝගික ලෝකයේ දේශපාලඥයන් ලෙස හඳුන්වන පුද්ගලයන් මෙම දේශපාලනයේ සඳහන් දැනුම අනුව කෙතරම් දුරට ක්‍රියා කරයිද?දේශපාලඥයන් සියලු දෙනා දේශපාලනය පිලිබඳ දැනුමෙන් යුක්තද? මෙම කරුණු පිලිබඳව සලකා බලන්න...දේශපාලනය යනු මහා විශාල විශය පථයක් යය් කියමින් කෙකරගාන්නන් හට මට කීමට ඇත්තේ දේශපාලනය යනු මහ ලොකු කජ්ජක් නොවන බවයි. එය තවත් එක්තර දැනුම් සමූහයක් සහ සිද්ධීන් විශ්ලේෂණයට ගත හැකි රාමුවකි.දේශපාලනය යන දැනුම් රාමුව බිහිවීමට පෙර ලෝකයේ ශ්‍රේෂ්ඨ, දක්ශ පාලකයො සිටියේ නැද්දැ?ඔවුන් දේශපාලන දැනුම නොමැති වුවත් සාර්ථක පාලකයන් වූවේ කෙසේද?බුද්ධිමත්, අවංක, රට දැය සමයට හිතැති නායකයන්ය ලෝකයට අවශ්‍ය. දක්ශ නායකයන් තම රට හෝ ප්‍රජාව පාලනය කිරීමට පවතින ක්‍රමය යොදාගැනීමද අවශ්‍ය නම් නව සංකල්ප බිහි කිරීමද කල යුතුය.

දැන් දේශපාලනය සහ ජාතිකත්වය බැඳෙන, ගැටෙන අයුරු බලමු.පැහැදිලි ලෙසම ජාතිකත්වයේ දේශපාලනයට වඩා යමක් ඇති බව ඔබට දැන් වැටහෙනු ඇතැයි සිතමු.ජාතිකත්වය දේශපාලන න්‍යායක සිර කිරීමට නොහැකිය.එය ජාතිකත්වයට කරන නිගරුවක් වන අතර කළ නොහැක්කක්ද වෙයි.දේශපාලනය යන වචනය අපේ මිනිසුන් අසන්නටද පෙර ඔවුන්ගේ හිත් තුල ජාතික හැඟීම පැවතින.එසේ නොමැති නම් ඉංගිරිසි කොඩිය බිමදමා පාගා නැවත අපේ සිංහල කොඩිය එසවූ හිමි නම දේශපාලනය හදාර එය අනුව ක්‍රියා කල කලෙහිද?හසලක ගාමිණී විරුවා දිවි පිදුවේ කවර දේශපාලන න්‍යාය උදෙසාද? කවර දේශපාලකයා සුරැකීමටද?

දේශපාලඥයන් යනු දේශපාලන දැනුමක් ඔවුනට තිබුනා හෝ නොතිබුනා හෝ වේවා කෙලෙස් සහිත, හැඟීමෙන් යුක්ත මිනිසුන්ය.ඔවුන්ගේ ජාතිකත්වය පිලිබඳ බැඳීම මෙලෙස වර්ග කිරීමට මම උත්සාහ කරමි.
1.ඇතමෙක්ට අවංක ලෙසම ජාතික හැඟීමක් පවතියි.ඒ අනුව ක්‍රියා කරයි.
2.තවත් සමහරෙක් ඔවුන් තුල එතරම් ජාතිකත්වයක් නැතත් ජාතික හැඟීම ඇති අයගේ මනාපය ගැනීමට ජාතිකත්වය සදහා පෙනී සිටියි.ජන ප්‍රසාදය තකා ඒ සදහා ක්‍රියා කරයි.
3.තවත් අය ජාතිකත්වය උදෙසා ක්‍රියා කරන බව පෙන්වා බලයට පැමිණ ඊට විරුද්ධ ලෙස හෝ ජාතිකත්වය නොසලකා හෝ ක්‍රියා කරයි.
4.තවත් සමහරෙක් ජාතිකත්වය යනු කුමක්ද වත් නොදැන ඊට ස්වායත්තව ක්‍රියා කරමින් විවිධ ක්‍රම මගින් බලයට පැමිණ දූශණ සහ වෙනත් අකටයුතු කම් කරමින් රට පිරිහවමින් තම බඩ වඩා ගැනීමට ක්‍රියා කරයි
5.තවත් අය තමන්ගේ රාමුවෙ හෝ දැනුමෙහි පටු බව නිසා යම් දෘශ්ටිවාදයක්(සමාජවාදය,ලිබරල්වාදය )අල්ලාගෙන, එය නිවැරදි යයි සිතමින් රට, ජාතිය, සංස්කෘතිය වැනි දේට වින කැටෙන වැඩ තම දෘෂ්ටිවාදය වෙනුවෙන් කරති.
6.තවත් සමහරෙක් මුදල්, බලය හෝ වෙනත් ලාභ ප්‍රයෝජන තකා සමාජවාදය, ලිබරල්වාදය හෝ මානවහිතවාදයක් බොරුවට මවාපාමින් එය ජාතිකත්වයට එරෙහිව අවියක් කරගනිමින් ක්‍රියා කිරීම.
පලමු වර්ගයේ අය දැන් කාලයේ අපේ රටේ ඉතාම අවම වෙයි.එහෙත් අපිට අවශ්‍යත් එවැනි පුද්ගලයන්ය.එවන්නන් අල්ප මෙවන් සමයක දෙවැන්නන්ට හෝ පක්ශපාතී වීම 5,6 වැන්නන් බලයට ඒමට ඉඩ දීමට වඩ නුවනට හුරුය.තෙවැන්නන් හෝ හතර වැනි වර්ගයේ අය සිටින විටදී අවධානම් ලෙස ඔවුනට විරුද්ධව යන්නට ගොස් 5 වැන්නන් හෝ 6 වැන්නන් බලයට ඒමට මං පාදනවාට වඩා 5 හෝ 6 වැන්නන්ගේ දුර්ගුණ සිහිකොට 1 හෝ 2 ගණයේ කෙනෙක් පහල වෙනතෙක් තිබෙන තත්වය ආරක්ශා කරමින් 5 සහ 6 වැන්නන් ප්‍රතික්ශේප කර සිටීම බුද්ධිමත් ක්‍රියාවකි.අපි විවිධ කාලයන්හිදී සහ විවිධ තත්වයන්හිදී පක්ශපාතී විය යුතු වන්නේ කවර වර්ගයේ දේශපාලකයන් හටද යන්න ඔබට වැටහෙනු ඇතැයි සිතමි.

Thursday, December 29, 2011

භික්ෂුත්වය











ප්‍රිය මිතුරනේ, අද කථා කරන්න බලාපොරොත්තු වන්නේ බොහොමත්ම වැදගත් කරැණක් සමිබන්ධයෙන් සංඝ සමාජය පිරිහිලාය, භික්ෂුව නිසි ලෙස මහණදමි පුරන්නේ නැතය කියා කථා බහ බොහෝ සෙයින් පැතිරී යන මෙන්නම දකින්නට ලැබෙන මෙවන් යුගයක මෙම ලිපිය සකස් කිරිම බොහොමත්ම කාලෝචිත යැයි මා සිත්විය.

මෙය ඇත්තක්ද?
සමාජය යන්න අපි කවුරැත් දන්නා දෙයක්, ආගම සමාජයේ වැදගත් අංගයක්, භෞතිකවාදීන්, අක්‍රීය වාදීන් ආදී පරළොව පිළිබඳ තැකීමක් නොකරන ඉතාමත් සුලු පිරිසක් හැරැණු විට අන් සෑම පුද්ගලයෙකුටම පාහේ ආගමක් හෝ දර්ශනයක් ඇත. බෞද්ධ දර්ශනය, හින්දු ආගම, ජෛන ආගම, මුස්ලිමි ආගම, කතෝලික ආගම හා එහි විභේධන, කොන්ෆියුසස් ධර්මය ආදිය ප්‍රකට ආගමි වශයෙන් හදුන්වා දිය හැකියි.මේ ආගමි මුලික විමෙන් සමාජය සකස් වි ඇත. ඒ ඒ ආගමි හා සමිබන්ධව ඒ ඒ ආගමි අනුව ධර්මය ගවේශනය කරන්නන් හා ඒ ආගමි වල අනුගාමිකයන් ඇත. ඔවුන් භික්ෂුන්, පාදිලි වරැ, සහෝදර වරැ, පුජකයින් ආදි නමි වලින් හදුන්වනු ලබන අතර ඒ සමහරක් ආගමි මගින් නියම කරනු ලබන රිති මාලාවන් සමහර විට ඔවුන් පිළිපදිනු ලබයි. මෙම රීති මාලාවන් පිළිපැදීම නිසිපරිදි නොවනා විට සමාජයෙන් මෙසේ කථා ඇසෙන්නට ලැබෙයි.

සමස්ථයක් වශයෙන් බහුතර ජනයා ආගමික පුජකවරැන්ට ගරැ කරන්නේ ඇයි?
ඔවුන් සාමාණ්‍ය ජනයාට වඩා යමි ගුණධර්ම රාශියකින් යුක්ත වේ යැයි සාමාණ්‍ය ජනයා විශ්වාස කරන නිසා. මුලිකම කරැණ වන්නේ එයයි. එහෙමත් නැතිනමි තමන්ගේ මෙළොව පරළොව සකස් කර ගැනිමට උන්වහන්සේලාගෙන් පිටුවහලක් ඇතැයි සිතන නිසා.මේ සඳහන් කරන්නට යෙදුනේ සාමාණ්‍යයෙන් අපි දන්නා දේ.

දැන් බුදු දහම දෙසට හැරෙමු. 
බුදු රජානන්වහන්සේ විසින් දැනට වසර 2600 කට මත්තෙන් සමිමා සමිබුද්ධත්වයෙන් පසු අප්‍රතිවර්ත වු දමිසක්පවැත්වු පසු ලොව මුල්ම රහතුන් 05 නම පහල විය. උන්වහන්සේලා එහු භික්ෂුභාවයෙන් පැවැදි කිරිමත් සමඟ මිනිසුන් අතර සංඝ රත්නයේ පහලවිම විය. පසුව බද්ධවග්ගිය කුමාරවරැ,පුරාණ ජටිල භික්ෂුන් ගෙන් ඇරඹී මෙසේ කාලයත් සමඟ සාසනය පතල විය. කල්යත්ම සසුන ව්‍යාප්ත වීම නිසා බුදුරජානන්වහන්සේ පනවන ලද විනය නීති අනුව සංඝයාවහන්සේටම අනිකුත් අය වෙත පැවිද්ද හා උපසමිපදාව ලබා දීමේ බලය ඇතිවිය. මෙසේ මෙම සංඝ පරමිපරාව අචිඡ්චින්නව අද දක්වා වසර 2600 ක් පැවත එනු ලැබෙයි. මෙම ලිපියෙන් මේ පිළිබඳ විශාල විස්තරයක් කිරිමට බලාපොරොත්තු නොවෙනුයේ මෙම ලිපියේ තේමාව වෙනෙකක් වන බැවිනි. මෙසේ බුදු රජානන්වහන්සේගේ සාසුනේ බ්‍රහ්මචර්‍යාව පිරිම සඳහා පැවදි වන කුල පුත්‍රයන් හික්මිය යුතු ආකාරය බුදුරජානන්වහන්සේ විසින්ම පනවා ඇත.එම රිති සමුහය හදුන්වන්නේ විනය නමින්. 

මෙම ලිපියෙන් මුලික වශයෙන් සාකඡ්චා කිරිමට බලාපොරොත්තු වන්නේ සුළු ශිලය, මැදුමි ශිලය හා මහ ශිලය ගැන. මේ කරැණු ගෙනහැර දක්වන්නේ සාමඤ්ඤ ඵල සුත්‍රය අනුසාරයෙන් මිට අමතරව බ්‍රහ්මජාල සුත්‍රය ඇතුලු සුත්‍ර ගනනාවකම මෙම සුලු ශිලය මහ ශිලය හා මැදුමි ශිලය අන්තර් ගතයි.

මොනවද මේ සුළු ශිලය, මැදුමි ශිලය හා මහ ශිලය?
මහරජ, අර්හත්වූ, සම්‍යක් සම්බුද්ධවූ, විදර්ශනා ඥානය ආදී විද්‍යා අට, සීල සංවරය ආදී හසුරුවන ධර්ම පහළොව අෂ්ඨ විද්‍යා පසළොස් චරණ ධර්මයන් ගෙන් යුක්තවූ, යහපත් ගති ඇත්තාවූ, සියඵ ලෝකයන් දන්නාවූ, ශ්‍රේෂ්ඨවූ, හික්මවිය යුතු පුර්ෂයන් දමනය කිරීමෙහි රියැදුරෙකු වැනිවූ, සත්‍යවූ උතුම් ධර්ම හතර වන චතුරාර්‍ය සත්‍ය අවබෝධ කළාවූ, තථාගත කෙනෙක් මෙලොව උපදනාහ. ඒ තථාගත තෙමේ දෙවියන් සහිතවූ, බ්‍රහ්මයන් සහිතවූ, මහණ බමුණන් සහිතවූ, රජුන් සහ මිනිසුන් සහිතවූ සත්ත්ව වර්ගයා ස්වකීය උසස් ඥානයෙන් දැක පැහැදිලි කොට ප්‍රකාශ කෙරේ ඒ තථාගතයන් වහන්සේ මුල යහපත්වූ, මැද යහපත්වූ, කෙළවර යහපත්වූ, අර්ථ සහිතවූ සියඵ ලෙසින් සම්පූර්ණවූ, පිරිසිදුවූ සියඵ ශාසන මාර්ග බ්‍රහ්මචර්යාව ගෙන හැර දක්වති.

ඒ ධර්මය ඇසූ අය ඒ දහම අසා තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති කෙරෙයි. ඔහු ඒ ශ්‍රද්ධාවෙන් යුක්ත වූයේ මෙසෙ සලකන්නේය. "ගෘහ වාසය පීඩා සහිතය. රාගාදී කෙලෙස් සහිත මාර්ගයකි. මහණකම වනාහි කිසිවක් නොමැති අවකාශය මෙන් නිදහස්ය. ගිහි ගෙය වහන්නහු විසින් සියලු ආකාරයෙන් සම්පූර්ණවූ, සියලු ආකාරයෙන් පිරිසිදුවූ ලියවූ හක් ගෙඩියක් මෙන් මෙම බ්‍රහ්ම චරියාවෙහි හැසිරෙන්නට නොහැක්කේය. මම කෙස් දැලි රැවුලු කපා දමා සිවුරැ හැද ගිහිගෙන් නික්ම සස්නෙහි මහණ වෙන්නෙම් නම් ඉතා යහපතැයි" කියායි.

ඔහු පසු කාලයක සම්පත් රාශියක් හැර, නෑ පිරිස් හැර කෙස් දැලි රැවුලු කපා දමා සිවුරැ හැද ගිහිගෙන් නික්ම සස්නෙහි මහණ වෙ. ඔහු ප්‍රධාන සංවර ශීලයෙන් යුක්තවූයේ, යහපත් හැසිරීමෙන් හා වරද නැති පැවැත්මෙන් යුක්ත වූයේ ස්වල්ප වූත් අකුසලයන්හි විශේෂයෙන් භය දක්නා ගති ඇත්තෙක් වූයේ, යහපත්වූ ශරීරයෙන්, වචනයෙන්, ක්‍රියාවෙන් යුක්තවූයේ, ශික්ෂාපද සමාදන්ව එහි මොනවට හික්මෙයි. පිරිසිදුවූ ජීවිත පැවත්ම ඇත්තේ වෙයි. ශීලයෙන් යුක්ත වූයේ වෙයි. ඉන්ද්‍රිය විෂයෙහි වැසූ දොරටු ඇත්තේ වෙයි. ආහාරයෙහි පමණ දන්නේ වෙයි. මනා සිහියෙන් හා හරි ප්‍රඥාවෙන් යුක්ත වූයේ වෙයි. සන්තෝෂයෙන් යුක්ත වෙයි".


"මහරජ, භික්‍ෂු නමක් කෙසේ නම් සීල සම්පන්න වේද? මහරජ, මේ සස්නෙහිවූ භික්‍ෂු නමක් ප්‍රාණ වධය හැර, ඉන් සම්පූර්ණයෙන් වැළැක්කේය. බහා තබන ලද දඩු ඇත්තේ මහා තබන ලද ආයුධ ඇත්තේ, පව් කිරීමෙහි ලජ්ජා ඇත්තේ කරුණාවන්ත වූයේ, සියඵ ප්‍රාණීන් කෙරෙහි හිත අනුකම්පාව ඇතුව වාසය කෙරෙයි."

"නොදුන් දෙය ගැනීමෙන් වෙන්ව, එයින් සම්පුර්ණයෙන් වැළැක්කේ දුන් දෙයම ගන්නේ, දුන් දෙයම කැමතිවන්නේ සොර නොවූ පිරිසිදුවූ සිතින් යුතුව වාසය කෙරේ"

"අබ්‍රහ්මචර්යාව හැර උතුම් පැවතුම් ඇත්තේ ස්ත්‍රී පුරුෂ සංසර්ගය නම්වූ ග්‍රාම ධර්මයෙන් වෙන් වූයේ බ්‍රහ්බචාරී වෙයි."

"බොරු කීමෙන් දුරුව, ඉන් සම්පූර්ණයෙන් වැළැක්කේ සැබෑ තෙපුල් කියන්නේ, සැබැවින් සැබව ගළපන ගති ඇතුව ස්ථිර කතා ඇත්තේ ඇදහිය යුතු වචන ඇත්තේ ලෝකයා අතර විරුද්ධ කතා ඇති නොකෙරේ"

"පිසිණු බස් හැර ඉන් සම්පූර්ණයෙන් වැළැක්කේ මෙතනින් අසා මොවුන් බිදවීම පිණිස මෙතැනින් නොකියන ගති ඇත්තේද, මෙසේ භෙදවූවන් ගළපන්නේ, සමගිවූවන්ගේ සමගිය තහවුරු කිරීමට අනුබල දෙන්නේ සමගියෙන් ඇලුම් බහුල කොට ඇත්තේ සමගි කම්හි ඇලුනේ සමගිකම්හි සතුටුවන ගති ඇත්තේ සමගිය ඇති කරන තෙපුල් කියන්නේය."

"පරුෂ වචනය, හැර සම්පූර්ණයෙන් වැළැක්කේ, යම් වචනයක් නිදොස් වේද, කණට සැපද, ප්‍රේමණීයද, සතුටු කරයිද, යහපත්ද, බොහෝ දෙනාට ප්‍රියද, බොහෝ දෙනාගේ සිත් ප්‍රිය කරන්නේද, එබදු වචනම කියන්නේවෙ"

"හිස්වූ ප්‍රලාප කථා හැර ඉන් සම්පූර්ණයෙන් වැළැක්කේ, කාලයට සුදුසු කථා කරන්නේ, සිදුවූ තෙපුල්ම කියන්නේ, අර්ථයෙන් යුක්තවූ ධර්මයෙන් යුක්තවූ විනය සම්බන්ධවූ තෙපුල් කියන්නේ, සුදුසු කල්හි, උප හා කරුණු සහිතවූ, සීමා ඇති අර්ථයෙන් යුත්, නිධානයක් මෙන් සිතෙහි තැබිය යුතු වචන කියන්නේ වෙ. මෙසේ ඒ හිස් වචනයෙන් වැළැක්මද, දියුණුවට හේතුවන වචන කීමද මේ ඔහුගේ සීලය වේ"

"තණ ගස්, වැල් සිදීම්, බිදීම් ආදියෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ, එක් වේලේ වළදන කෑම ඇත්තේ, රාත්‍රී කෑමෙන් හා අවේලෙහි කෑමෙන් සම්පූර්ණයෙන් වැළැක්කේය."

"මල්, ගද විලවුන් පැළදීම, ඉන් සැරසීම, අඩුතැන් පිරවීමෙන් අලංකාර කිරීම යන මෙයින් සම්පූර්ණයෙන් වැළැක්කේය."

"උස් අසුන් මහ අසුන් යන මෙයින් වැළැක්කේය."

"රන්රිදී මසුරන් පිළිගැන්මෙන් සම්පූර්ණයෙන් වැළැක්කේය."

"අමුවූ ධාන්‍ය වර්ග පිළිගැන්මෙන් සමිපූර්ණයෙන් තොර වූයේය."

'අමුමස් පිළිගැන්මෙන් සම්පූර්ණයෙන් තොරවූයේද, ස්ත්‍රීන් හා ගැහැනු ළමයින් පිළිගැන්මෙන් සම්පූර්ණයෙන් තොර වූයේද වේ. වැඩකරුවන් වැඩකාරියන් පිළිගැන්මෙන් සම්පූර්ණයෙන් තොර වූයේ කුකුළන්, හූරන්, ඇතුන්, ගවයන්, අසුන්, වෙළඹුන්, කෙත්, වත් යන මෙ පිළිගැන්මෙන්ද සමිපූර්ණයෙන් තොර වූයේය"

"ගිහියන්ගේ දූත මෙහෙවරය, ගෙන් ගෙට යන මහත් මෙහෙවරය යන මෙයින් සම්පූර්ණයෙන් තොර වූයේ වැළැක්කේය."

"ගනුදෙනු කිරීමය, තරාදි ආදියෙන් වංචා කිරීමය, රන් හා නොරන් මිශ්‍ර වංචා කිරීමය, වී ආදිය මැනීමෙන් වංචා කිරීමය, හිමියන් අහිමි කිරීම ආදිය සදහා අල්ලස් ගැනීමය, උපායෙන් අනුන් රැවටීමය, යකඩ ආදී ලෝහ රන් රිදීයයි අඟවා වංචා කිරීමය, නොයෙක් ආකාරවූ කුටිල ප්‍රයෝගය යන මෙයින් සමිපූර්ණයෙන් වැළැක්කේය.'

"කැපීමය, මැරීමය, බැදීමය, සැගවී සිට වස්ත්‍ර පැහැර ගැනීමය, ගම් නියම්ගම් ආදිය පැහැරීමය, බලහත්කාර කමින් වස්තු පැහැර ගැනීමය යන මෙයින්ද සම්පූර්ණයෙන් වැළැක්කේය, මේ ඔහුගේ සීල වේ."
සුලු සීලය නිමියේය


"සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා ගස් ආදිය වැවීමෙහි යෙදී වාසය කරත්. මෙබදුවූ බීජ ගාම භූත ගාමයන් සිදීම, බිදීම ආදියෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ වෙ නම් මෙයද ඔහුගේ එක් සීලයක් වේ"

"එසේම සමහර මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙනලද කෑම කා ආහාර වර්ග බීම වර්ග දෙවෙනි දිනට තබා ප්‍රයෝජන ගැන්මය, අයිතියට නොගත් සිවුරු ආදිය යාන නම් වහන් දෙකකින් වැඩි සයන, සුගන්ධයන්, තල සහල් ආදිය තැන්පත් කොට තබා ප්‍රයෝජන ගැන්මයයි කියන ලද පසුවට තබා ප්‍රයෝජන ගැන්මෙහි යෙදී වාසය කරත්. මෙබදුවූ සන්නිධිකාර පරිභෝගයන් වැළකී වෙසේ නම් එසේම මන්ත්‍ර පිරවීමෙන් නෘත්‍ය ආදී විසුඵ දැක්මෙන් සම්පූර්ණයෙන් වැළකේ නම් මෙයද ඔහුගේ සීලයක් වෙ. එසේම දූ කෙළියෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ නම් මෙයද ඔහුගේ එක් සීලයෙකි. උස් අසුන් මහ අසුන්හි හිදීම ආදියෙන් වැළැක්කේ නම් මෙයද ඔහුගේ එක් සීලයෙකි. සැරසීම් අලංකාර කිරීම් ආදියෙහි යෙදීමෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ නම් මෙයද ඔහුගේ එක් සීලයෙකි. පහත් කථාවෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ නම් මෙයද ඔහුගේ එක් සීලයෙකි. දෝෂාරෝපන කථාවෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ නම් මෙයද ඔහුගේ එක් සීලයෙකි. දූත භාවය, හසුන් ගෙනයාම යන මෙයින් වැළැක්කේ නම් මෙයද ඔහුගේ එක් සීලයෙකි. කුහක වංචා ප්‍රයෝග ආදියෙන් වැළැකීමක් වේ නම් මෙයද ඔහුගේ එක් සීලයෙකි."
මැදුම සිල් නිමියේය
"සමහර මහණ බමුණෝ මෙන් යාග හෝම ආදී හේතුවෙන් සාමුද්‍රිකා ශාස්ත්‍රය, නිමිති ශාස්ත්‍රය හේතුවෙන් කරන ලාමක ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ වෙද මෙයද ඔහුගේ එක් සීලයෙකි."

"සමහර මහණ බමුණෝ මෙන් ලක්‍ෂණ බැලීමෙන් කරන පහත් විද්‍යාවන් නිසා කරන වැරදි ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ නම් මෙයද ඔහුගේ එක් සීලයෙකි."

"සමහර පහත් බමුණෝ මෙන් රජුන්ගේ බැහැර යෑම ඒම ජය පරාජය ආදී පහත් විද්‍යා හේතුවෙන් කරන වැරදි ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ නම් මෙයද ඔහුගේ එක් සීලයෙකි."

"සමහර මහණ බමුණෝ මෙන් චන්‍ද්‍රග්‍රහණ, සූය්‍යග්‍රහණ යනාදියේ විපාක කීමෙ පහත් විද්‍යාවන් හේතුකොට ගෙන කරන ලාමක ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ නම් මෙයද ඔහුගේ එක් සීලයෙකි."

සමහර මහණ බමුණෝ මනා වැසි දැති වන්නේය, මනා වැසි නැති වන්නේය ආදී ලෝකයට සිදුවන දේ ගැන ශාස්ත්‍ර ඉගෙනීමයයි මෙසේ පහත් විද්‍යාවන් කරණ කොට වැරදි ජීවිකා කෙරෙත්. මෙසේවූ පහත් විද්‍යා හේතුවෙන් වන වැරදි ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ නම් මෙයද ඔහුගේ එක් සීලයෙකි."

'සමහර මහණ බමුණෝ ආවාහ කරවීමය, විවාහ කරවීමය, නූල් බැදීමය, මන්ත්‍ර ජප කිරීමය, කැඩපත්හි දේවතාරෝපණය කොට ප්‍රශ්න ඇසීමය, ගැහැනු දරුවන්ගේ ශරීරයෙහි දේවතාරෝපණය කොට ප්‍රශ්න ඇසීමය, කටින් ගිනිදැල් පිට කිරීමය, ශ්‍රී දේවිය කැදවීම ආදී පහත් ක්‍රියාවෙන් වැරදි ජීවිකා කෙරෙත්. මෙබදුවූ පහත් විජ්ජාවන් කරන වැරදි ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ නම් මෙයද ඔහුගේ එක් සීලයෙකි.'

"සමහර පින්වත් මහණ බමුණෝ ශාන්ති කිරීම, මන්ත්‍ර කිරීමය, භූරි කර්මය, පණ්ඩකයා පුරුෂයෙකු කිරීමය, පුරුෂයා පණ්ඩක කිරීමය ආදී මෙබදු පහත් විද්‍යා කරණ කොට වැරදි ජීවත් වීමෙන් ජීවිකා කෙරෙත්. මෙබදුවූ වැරදි ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ නම් මෙයද ඔහුගේ එක් සීලයෙකි."

"මහරජ, මෙසේ ශීල සම්පන්නවූ භික්‍ෂුහට භය කාරණයන් අතුරෙන් එකක් පමණකුදු ඔහුගේ ශීල සංවරය හේතුකොට ගෙන කිසිතැනකදී නොඋපදින්නේ කුමක් මෙන්ද යත්  මහරජ, ක්‍ෂත්‍රීයාභිෂෙකයෙන් මුදුනේ අභිෂේක ලද්දාවූ, සතුරන් නැති කළාවූ ක්‍ෂත්‍රීය රජෙක් කිසියම් සතුරෙක්ගෙන් කිසි භයක් නොදක්නේද, එපරිද්දෙන්ම, මහරජ, ශීල සම්පන්නවූ භික්‍ෂු තෙමෙ භය කාරණයන්

අතුරෙන් එකක් පමණකුදු ශීලසංවරය හේතුකොට කිසි තැනකදී නොදක්නේය. ආර්‍යවූ මෙ ශීල රාශියෙන් යුක්තවු ඒ භික්‍ෂු තෙම, තමන් තුල පිරිසිදුවූ කායික චෛතසික සැපය විදියි. මහරජ, මෙසේ දැක්වූ ශීලයෙන් යුක්තවූ භික්‍ෂුව ශීලසම්පන්න නම් වෙ"
මහ සිල් නිමියේය
ඉහතින් දක්වනු ලැබුයේ බෞද්ධ භික්ෂුවගේ ශිල සාරයයි. ඉදිරියට යෑමට පෙර තොරාගත යුතු කරැණු කිහිපයක් ඇත.

පහත් විද්‍යා, වැරදි ජීවිකා යනු මොනවාද?
එක්තරා විදියකට, අන් අයටත් සමාජයටත් හානියක් වන විදියට කරනු ලබන්නාවු ජීවිකා වැරදි ජිවිකා. විද්‍යාවන්, පහත් වන්නේ ඒ විද්‍යාවන්ගේ දෝශයක් නිසා නොවේ. පැවදි වන්නා පැවදි වනුයේ තමා පැවදි වීමේ අභිමතාර්ථය ඉටු කර ගැනිමට විනා ඉහතින් දක්වන ලද පරිදි විද්‍යාවන් දැක්විම සඳහා නොවේ. මෙම විද්‍යාවන් නිසා ඔහු පිරිමට යන බ්‍රහ්ම චර්‍යාවෙන් පහතට ඇද දමනා බැවින් හා ඔහු පිරිමට යන ජීවිකාවට අනුව එය වැරදි ජිවිකාවක් වන බැවින් එය පාදක වන විද්‍යාවද පහත් විද්‍යාවක් වන බව සැලකිය යුතුයි. පැවිද්දන් නොවන අය සමිබන්ධයෙන් මෙම ඉහතින් දක්වන ලද කරැණු අදාල නොවේ. ගිහිගෙය බ්‍රහ්ම චර්‍යාව පිරිමට නුසුදුසු ස්ථානයක් වි ඇත්තේ මෙම ඉහතින් සදහන් කල ක්‍රියාවන් මගින් මිනිසුන්ට ජීවිකාව පැවැත්විමට සිදුවිම නිසයි.

සුපටිපන්නෝ
මෙසේ බෞද්ධ භික්ෂුව තිර්ථකයන්ගේ තපස් මෙන් නිශ්පල ප්‍රතිපත්තියක් නොව නිර්වාණගාමි ප්‍රථිපත්තියක් පුරණ සේක. එනම් මෙසේ ඇතිකර ගන්නාවු ශිල සංවරයෙන් යුතුව එයින් උපන් විවේකය හා ප්‍රිතිය ඇතිව සමථ විදර්ශනා වඩා නිර්වා‍ණයට පැමිනෙති.

උජු පටිපන්නෝ.
එකිනෙකාට වුවමනා ප්‍රථිපත්තින් නොව බෞද්ධ භික්සුවක් නමි, ඔවුන් සියළු දෙනාම පුරනු ලබනුයේ සෘජුවු එකම  ප්‍රථිපත්තියක්. මෙම භික්ෂු විනය සංගෘහිත එකක්. ඒ කියන්නේ ඒය එකිනෙකාට ඕන පරිදි වෙනස් කර ගන්න පුළුවන් එකක් නෙමයි කියන දෙයයි. ඒ වගේම මෙම විනය පැවිද්දාව යොමු කරනුයේ නිර්වාණය දෙසටමයි. මෙම භික්ෂු විනයේ වැසිකිලිය භාවිතා කල යුතු ආකාරයේ සිට, ආහාරය වැළදිය යුතු ආකාරය දක්වාත්, වස්ත්‍ර, ආරාම, ආහාර, ගිලන්පස ආදිය පිළිගැනිමේ, පරිභෝගය  සිට නින්දට යෑම කලයුතු ආකාරය දක්වාත් සෑම කරැණක්ම අන්තර්ගතයි. මේ දැක්වුයේ සරල අදහසක් ගැනිමට එනමි මෙම විනය සර්ව සමිපුර්ණ බව පෙන්වා දිමට කරැනු කිහිපයක්.

ඤායපටිපන්නෝ
මෙම සංඝයා විසින් මෙසේ ක්‍රමානුකූල ප්‍රථිපදාවක් පුරනා සේක

සාමිචිපටිපන්නෝ
මෙසේ මෙම ශිලය පනවා ඇත්තේ හේතුන් ඇතිවය. ඒවා විනය පිටකයේ විස්තරාත්මකව සඳහන්.මෙසේ සාමාණ්‍ය ජනයාට වඩා උතුමිවුත් ගරැකල යුතු වුත්, ප්‍රශංශනිය වුත්, පිරිමට අපහසු වූත්, නිර්වාණගාමිවුත් ප්‍රථිපත්තියක් පුරනා බැවින් සංඝ රත්නය ගරැකල යුතු ප්‍රථිපත්තියක් පුරන්නේ යැයි කියනු ලබයි.

මෙසේ මෙම භ්‍රහ්මචර්‍යාව ඒ ඒ මටිටමෙන් සමිපුර්ණ කිරිම නිසා සොවාන්මාර්ගස්ථ,සොවාන් පලස්ථ සකෘදාගාමි මාර්ගස්ථ,ඵලස්ථ  නාගාමි මාර්ගස්ථ,අනාගාමි ඵලස්ථ හා රහත් මාර්ගස්ථ, ඵලස්ථ වු තථාගතයානන්වහන්සේගේ ආර්‍යසංඝරත්නයට 

බොහෝ දුර සිට වුවද දාන මාන ආදිය ගෙන විත් පිදිමට සුදුසු වන බැවින් ආහුනෙය්‍යනමි වන සේක.

ඤාතින් වෙනුවෙන් පිලියල කල ප්‍රිය බෝජනය පවා පිදිමට සුදුසු  වන බැවින්පාහුනෙය්‍ය වෙයි.

පරලොව පින් සලකා දෙනු ලබන දානය පිලිගැන්වීමට සුදුසු වන නිසා දක්ඛිනෙය්‍යවෙයි.

දොහොත් මුදුන් තබා වන්දනා කිරිමට සුදුසු වන බැවින් අංජලිකරණීය වෙයි.


ආගමික පුජකවරැන් යැපෙනුයේ සාමාණ්‍ය ජනයාගේ ඉපයිමෙන්,ඔවුන්ගේ අනුග්‍රහයෙන්, එසේ නැතිනමි වක්‍රව හෝ සාමාණ්‍ය ජනයාට පින් සිද්ධ වන්නටය. මෙසේ සාමාණ්‍ය ජනයා විසින් ලබා දෙන සිවිපසයෙන් යැපෙන භික්ෂුව විසින් කෙසේ හැසිරිය යුතුද යන්න බොහොම ක්‍රමානුකූලව ත්‍රිපිටකයේ සදහන්, එම ප්‍රථිපත්ති මාලාව පිරිම නිසා බොදු භික්ෂුව පුජනීයත්වයට සුදුස්සෝ වෙති. සාමාණ්‍ය ජනයා සැදැහෙන් පුදන සිවිපසට සුදුස්සෝ වෙති. මෙසේ අන් කිසිවක් නොකලද 
මෙම ශිල  ප්‍රතිපත්තිය පමණක් පුර්ණ කිරිම නිසාවුව ද බෞද්ධ භික්ෂුව අන්‍යආගමික පුජකයන්ට වඩා පුජනිය බව ඔබට පැහැදිලි වනවා ඇත.මෙ බව සාමඤ්ඤ ඵල සුත්‍රයේ ද සදහන්.


http://www.budurashmiya.net/2011/02/01.html

Saturday, December 24, 2011

විඡේවීර අළුවනු දැක සසර කලකිරුණු කනත්තේ මහත්තයා

මේ 2011.12.24දිවයින පත්තරේ පළවුන ලිපියක්...




හමන සිසිල් මඳනළ තුරුපත් අතර සිරි සිරි හඬ නංවමින් ඒ පුණ්‍ය භූමියේ නිසල බව මඳකට සසල කළේය. සියොතුන්ගේ ගී නද මිස වෙන කිසිදු හඬක්‌ හාත්පස පරිසරයෙන් නොනැඟේ. ඒ භූමිය ශාන්තය. පින්බරය.

මම හාත්පස පරිසරය දෑසින් විඳිමින් සෙමෙන් සෙමෙන් සාරානන්ද ස්‌වාමීන් වහන්සේ වැඩ සිටින කුටිය දෙසට ගමන් කළෙමි. ස්‌වාමීන් වහන්සේ සුදු වැලිතලාවේ තාලයකට මෙන් දෙපා තබමින් සක්‌මන් භාවනාවේ යෙදී සිටින බව අපි ඈතින් දුටිමු. මොහොතක්‌ අපි ඈතින් සිට උන්වහන්සේ සක්‌මන් කරන විලාසය වින්දෙමු. සක්‌මන් ගමන මඳකට නනර කළ උන්වහන්සේ අප දෙසට දෙනෙත් යොමු කළහ. අප උන්වහන්සේට ළං වී නමස්‌කාර කළෙමු.



"තෙරුවන් සරණයි"

"අවසරයි ස්‌වාමීන් වහන්ස අප අවේ ඔබ වහන්සේ මුණගැසෙන්නයි."

උන්වහන්සේ කිසිවක්‌ කතා නොකර කුටිය තුළට ගමන් කර එහි තිබූ අසුනකට බර දුන්නහ. මමත් උන්වහන්සේ අසලම කුඩා අසුනක හිඳ ගත්තෙමි.

ඇතුල්කෝට්‌ටේ සාරානන්ද ස්‌වාමීන් වහන්සේ පැවිදි ජීවිතයට ඇතුළු වන්නේ 2003 වර්ෂයේ මාර්තු විසිහත් වැනිදාය. උන්වහන්සේ ගිහි ජීවිතයේදී දරුවන් පස්‌ දෙදෙනකුගේ පියෙකි. එකල නම ගුණතිලකය. රැකියාව සුසාන භූමි පාලකවරයෙක්‌ ලෙසිනි. ගුණතිලක සුසාන භූමි කිහිපයකම පාලකවරයෙක්‌ ලෙස සේවය කළ ද ඔහුගේ රාජකාරි ජීවිතයේ බොහෝ කාලයක්‌ සේවය කළේ බොරැල්ල සුසාන භූමියේය. එකල භීෂණයේ ගිනිදැල් රට පුරා බුර බුරා නැඟෙමින් තිබිණි. බොරැල්ල කනත්තේදී මෙන්ම ඒ ආසන්නයේදී ඝාතනය වූ තරුණ ජීවිත ගණන මෙපණ යෑයි කිව නොහැකි තරම්ය. එදවස බොරැල්ල කනත්තේ සිදු වූ ඝාතන, රාත්‍රියට ආදාහනාගාරයේ දැවුණු තරුණයන් ගැන මෙන්ම සුසාන භූමිවලදී සිදුවන විවිධ අකටයුතුකම් ගැන ද හොඳින්ම දන්නේ ගුණතිලකය. එහෙත් ඔහු සමාජයත්, ජීවිතයත් දෙකම කෙරෙහි ඇතිවූ දැඩි කලකිරීම හෙයින් අරහත් ධජය පොරවාගෙන දකුණු පළාතේ නිසල වන සෙනසුනක ඇතුල්කොට්‌ටේ සාරානන්ද නමින් වැඩ සිටිති. අප පසුගිය දිනක ඒ වන සෙනසුනට ගොස්‌ උන්වහන්සේ බැහැ දැක්‌කේ උන්වහන්සේට ගිහි දිවිය කලකිරීමට හේතුව දැනගනු සිරියෙනි.

මේ සංසාර කතරෙහි දුර ඈත අතීතය තුළ මෙබඳු ජීවිත කොතෙක්‌ නම් ගත කරන්නට ඇත්ද? ඒ හැම ජීවිතයකටම උපතක්‌ සේම මරණයක්‌ද තිබුණේය. ඒ ආත්මයන් තුළ සැප සම්පත් ද දුක්‌දොම්නස්‌ ද කොතෙක්‌ නම් විඳින්නට ඇත්ද? වියපත් සාරානන්ද ස්‌වාමීන් වහන්සේ සියලු දේ මෙනෙහිකරමින් පැවිදිවන්නට පෙර ගත කළ ගිහි ජීවිතය ආවර්ජනය කළහ.

"මේ ශරීරය කියන්නේ මොකක්‌ද කියන එක මේ ජීවිතයේදී මම හොඳට තේරුම් ගත්තා. මම ජීවිතයෙන් අඩක්‌ම මරණත් එක්‌ක ජීවත් වුණු කෙනෙක්‌. මම ඉදිරියේ තරුණයෝ ඝාතනය වුණා. මගේ දැස්‌ ඉදිරිපිට නායකයෝ පිච්චුණා. ඡේවීපී නායක රෝහණ විඡේවීර මහත්තයා ආදාහනාගාරයට දාලා පිච්චුවේ මගේ මේ දෑස්‌ ඉදිරිපිට. ඒ ඝාතනය මගේ මතකයෙන් ඈත් කරන්න ගොඩක්‌ මහන්සි ගන්නවා. එදා ඒ සිදුවීම් පෙළ තවමත් මගේ මනසේ හෝල්මන් කරනවා."

ඒ රුදුරු සිදුවීම් සමුදාය මෙසේ විය.

මඳ සුළඟ නතර වී හිරු සෙමෙන් සෙමෙන් අවරට බැස ගියේ තවත් අඳුරු මූසල හැන්දෑවකට ඇරයුම් කරමිනි. ගුණතිලක බොරැල්ල කනත්තේ කාර්යාලයේ සිට රෑ අඳුර මැදින් තම නිල නිවස බලා පිටත් වුණේය. සියලුම කඩ සාප්පු වෙළෙඳසල් වැසී ගොස්‌ය. මඟ තොටේ වාහනයක ශබ්දයක්‌ නොඇසේ. නිවෙස්‌වලින් දිස්‌ වූයේ කලාමැදිරි ආලෝකයකි. එදවස රටේ සෑම අස්‌සක්‌ මුල්ලකම මිනිසුන්ගේ සිත් බිය, අඳුර සැකයෙන් පිරී ගොස්‌ය.

වෙනදා මෙන්ම එදා ද තම දරුවන් සෙනෙහසින් තුරුළු කර නින්දට වැටුණේ හෙට දිනක්‌ ගැන බලාපොරොත්තුවක්‌ නොමැතිව. එහෙත් ඔහුට ඒ රාත්‍රිය බෙහෙවින්ම දීර්ඝ එකක්‌ ලෙස හැඟුණි. විකාරරූපී සිහින ඔහු ඉදිරියේ මැවී පෙනේ. ඈතින් ඈතට වෙඩි හඬ දෝංකාර දෙයි. ඔහුට නින්දක්‌ අහලකටවත් නොයෙන සේය. යහනේ ඒ මේ අත පෙරළෙමින් සිටි ඔහුට නොසිතූ මොහොතක දොරට තට්‌ටු කරන ශබ්දයක්‌ ඇසුණි. මොහොතක්‌ ඒ ශබ්දයට කන් දුන් ඔහුට තවත් නිමේෂයකින් ඇසුනේ ගොරහැඩි කට හඬකි.

"අපි පොලිසියෙන් දොර අරින්න"

ගුණතිලකගේ සිත සැකයේ වළාවෙන් පිරී ගියේය. පාන්දර යාමයේ කවුද මේ ඇවිත් සිටින්නේ දෙගිඩියාවෙන් මෙන් ඔහු ජනෙල් රෙද්ද ඈත් කොට දැල් කවුළුවෙන් එළිය බැලුවේය. පොලිස්‌ ඇඳුම් ඇඟලාගත් කිහිපදෙනෙක්‌ද, සිවිල් ඇඳුම් ඇඟලාගත් කිහිප දෙනෙක්‌ද නිවස ඉදිරිපිට සිටින බව ඔහු අකාස එළියෙන් හඳුනා ගත්තේය. පසුව ඔහු වෙන දෙයක්‌ වෙන්නැයි කියා කමිසයක්‌ ඇඟලාගෙන දොර විවර කළේය.

"ගුණතිලක මහත්තයා බය වෙන්න එපාෘ අපි පොලිසියෙන්. මාව හඳුනනවද?"

ඒ පිරිස අතර තරු පැළඳ සිටි නිලධාරියකු ඉදිරියට පැමිණ ඔහුගෙන් එසේ විමසුවේය.

"මම තමයි රොනී ගුණසිංහ කියන්නේ. අපිට බොඩි දෙකක්‌ පුච්ච ගන්න තියෙනවා. අපිත් එක්‌ක කනත්තට යමුද?

ගුණතිලකගේ සිතේ ඇති වී තිබූ කුහුල තව තවත් වැඩි විය.

"මේ වේලාවට මෝලේ වැඩ කරන සේවකයෝ නැහැ. කොහොමද දැන් මිනී පුච්චන්නේ. උදේ පාන්දර හත වෙන කොට සේවකයෝ වැඩට එනවා. එතකොට බෝඩි දෙක පුච්චලා දාන්නම්." ගුණතිලක පොලිස්‌ නිලධාරීන්ට කීවේය.

"එහෙම කියලා බැහැ. මේක කරන්නම ඕනෙ. මේ දැන් ඒ බෝඩි දෙක පුච්චන්න ඕනා. කනත්ත කිට්‌ටුවම ඉන්න සේවකයාගේ ගේ තියෙන තැන කියන්න අපි ගිහින් එයාව අරන් එන්නම්." පොලිස්‌ නිලධාරියාගේ හඬ තරමක්‌ ආවේගාත්මක විය.

ආදාහනාගාරයේ වැඩ කරන කනත්ත ආසන්නයේම සිටින සේවකයාගේ නිවස පිහිටි ස්‌ථානය ඔහු පොලිස්‌ නිලධාරීන්ට දැනුම් දුන්නේය. නිවසට යන මාර්ගය ද පැහැදිලි කළේය. හාත්පස අඳුර තුනී වෙමින් රිදී පැහැ සඳ එළිය ගලමින් තිබිණි. සීතල සුළං තුරු පත් සෙල වුවද ඔහුගේ ගත නම් උණුසුම්ය. රාත්‍රිය පුරාවට ඇසුණු වෙඩි හඬ තවමත් ඈතින් ඈතට ඇසේ. ඊට නොදැවැනිව උලමෙකුගේ මූසල අඳෝනාවක්‌ ප්‍රදේශය පුරා රැව් පිළි රැව් දෙයි. ගත වූයේ විනාඩි දහයක්‌ පමණ කාලයකි. කනත්ත ආසන්නයේම සිටි සේවකයාගේ නිවසට ගිය පොලිස්‌ නිලධාරීන් කිහිප දෙනකු සේවකයා කැඳවාගෙන ආවේය. වේලාව පාන්දර තුනට ආසන්න වෙමින් තිබිණි. පසුව සියල්ලෝම කනත්ත දෙසට ගමන් කළෝය.

"හැන්දෑවට වැඩ අවසන් වුණාට පස්‌සේ කනත්තේ යතුරු සියල්ල කාර්යාලයට දාලා කාර්යාලයේ යතුර මම අරගෙන එන්න පුරුද්දක්‌ කරගෙන හිටියා. මම කාර්යාලයේ යතුර අරන් ගිහින් ඒක ඇරලා මෝලේ යතුරු සේරම අරගෙන මමත් මෝල පැත්තට ගියා. රොනී මහත්තයා කිව්වා මොඩ්ල් µdම් එක පැත්තේ ගේට්‌ටුව ඇරලා දෙන්න කියලා. අපේ සේවකයා ගිහින් ගේට්‌ටුව ඇරියා. එක වාහනයක්‌ මෝල ගාවටම රිවස්‌ කරලා බොඩි දෙකක්‌ මෝල ඉස්‌සරහා සිමෙන්ති පොළවට දැම්මා. තවත් වාහන පහක පමණ පොලිස්‌ නිලධාරීන් ඇවිත් සිටියා. මැරිලා හිටපු දෙන්නගේ කලිසම් විතරයි තිබුණේ උඩු කය මොනවත් නැහැ. එතකොටත් බොඩිස්‌ දෙකෙන් උණු ලේ බේරෙනවා. මට හිතුණු විදිහට එතැනට ගේන්න විනාඩි තිහකට විතර කලින් තමයි වෙඩි තියලා මරලා තිබුණේ.

රොනී ගුණසිංහ මහත්තයා මගෙන් ඇහුවා මේයා අඳුරනවද කියලා. මම කිව්වා හඳුනන්නේ නැහැයි කියලා. "මෙයා තමයි රෝහණ විඡේවීර කියන්නේ." අනිත් කෙනා හේරත් කියලා කෙනෙක්‌ කිව්වා. පොලිස්‌ නිලධාරීන් මළ මිනී දෙකේ කලිසම්වල සාක්‌කු පරීක්‍ෂා කළා. පින්තූර ගත්තා. රෝහණ විඡේවීර මහත්තයාගේ එක සාක්‌කුවක සල්ලි වගයක්‌ තිබුණා. ඒ සල්ලි අර ගෙන පොලිසියේ අය රොනී මහත්තයාට දුන්නා. එයා කිව්වා ඔය සල්ලි ගුණතිලකට දෙන්න කියලා. පස්‌සෙ මම කිව්වා මහන්සි වෙන කෙනාට ඔය සල්ලි දෙන්න කියලා. රොනී මහත්තයා කොටසක්‌ සේවකයාට දුන්නා. අනිත් කොටස මගේ සාක්‌කුවට දැම්මා. අසූ නවය ගණන් කියන්නේ රටේ නපුරුම කාලයක්‌. ඒ කාලේ අපිට කියන්න බැහැ මට සල්ලි එපා කියලා. එහෙම කිව්වොත් ඒ අපෙත් අවසන් දවස වෙන්න තිබුණා. ඒ නිසා දෙන දෙයක්‌ අරගෙන වෙන දේ බලාගෙන හිටියා. එහෙම හිටිය නිසා තමයි අදත් මෙහෙම ජීවත් වෙලා ඉන්නේ.

අපේ සේවකයා මෝල ඇරලා සියල්ල සූදානම් කර දුන්නට පස්‌සේ පොලිස්‌ නිලධාරීන් හතරදෙනෙක්‌ රෝහණ විඡේවීර මහත්තයගේ අත් දෙකෙනුයි කකුල් දෙකෙනුයි අල්ලා පද්දලා මෝලට වීසි කළා. ඒත් මෝලට වැටුණේ නැහැ. බිමටයි වැටුණේ. මළ මිනියක්‌ කියන්නේ හරියට වැළ මදුලක්‌ වගේ. දෙසැරයක්‌ විතර එහෙම කළා. බලන් ඉන්න බැරිම තැන මම කිව්වා පොඩ්ඩක්‌ ඔහොම ඉන්න. පැත්තකට දාලා තිබුණු ට්‍රොලියක්‌ ගෙනත් දීලා මේකෙ තියලා තල්ලු කරන්න කියලා මම කිව්වා. අපි කියපු විදිහට පොලිසියේ අය මිනි දෙකම ඒකෙ තියලා මෝල ඇතුළට දාලා පිච්චුවා.

සියලු දේ අවසන් වුණාට පස්‌සේ රොනී මහත්තයා මගෙ ළඟට ඇවිත් කිව්වා මෙතැන සිද්ධ වුණු කිසිම දෙයක්‌ කාටවත් දැනගන්න තියන්න එපා. අද රෑ පුවත්පත්වලට රජයෙන් ප්‍රකාශයක්‌ නිකුත් කරනකම් කාටවත් දැනගන්න බැහැ කිව්වා. එහෙම කව්රුහරි දැනගෙන තිබුණොත් තමුන් වගකියන්න ඕනා කියලාත් කිව්වා. මරණ සහතික පස්‌සේ ගෙනත් දෙන්න පොරොන්දු වුණා. මේ අළු කාටවත් දෙන්නත් එපා කිව්වා. පාන්දර තුනයි තිහ විතර වෙනකොට සිද්ධ වෙන්න ඕන සියලුම දේ සිද්ධ වුණා. " ගිහි ජීවිතයේ අඳුරු මතකය සාරානන්ද ස්‌වාමීන් වහන්සේගේ මුවින් මෙසේ ගලා ගියේය.

බොරැල්ල කනත්තේ දොර අගුලු ලෑ ගුණතිලක නැවත නිවසට පැමිණියේ අවුල් වූ මනසිsනි. අත පය සෝදා නැවත යහනට ගිය ඔහුට නින්දක්‌ නම් අහලකටවත් නොඑන සේය. මොහොතකට පෙර සිදු වූ සිදුවීම් පෙළ ඔහුගේ මනසේ හොල්මන් කරන්නට පටන් ගත්තේය. ආයාසයෙන් මෙන් දැස්‌ පියාගත් ඔහු මනෝ රාජ්‍යයේ ඈතින් ඈතට පාවී ගියේය. නැවත පියවි සිහියට පැමිණි ඔහුට පෙනුණේ ජනෙල් කවුළු තුළින් හිරු එබිකම් කරන බවකි. පෙරදා මෙන් පාන්දරින්ම ඇඟපත සෝදාගෙන වෙනදාටත් වඩා වේලාසනින් කනත්තේ කාර්යාලයට ගියේ හිමිදිරියේ ආදාහනාගාරයේ අළු බවට පත් වූයේ සැබැවින්ම රෝහණ විඡේවීර ද කියා සැක හැර දැනගැනීමේ අටියෙනි. මඟතොටේ කිසිදු වෙනස්‌ කතා බහක්‌ නැත. වෙනදා මෙන් දවස ගලා යයි. කනත්ත සේවකයෝ තුළ ද වෙනසක්‌ නැත.

"දවල් වෙන්නත් ආවා රෝහණ විඡේවීර අත්අඩංගුවට ගත්තා කියලා කිසිම ආරංචියක්‌ නැහැ. ඒත් කනත්ත ළඟ ගෙවල්වල මිනිස්‌සු කිව්වා ඊයේ රෑ පාර දිගටම පොලිසියෙන් හිටියා කියලා. කවුද කෙනෙක්‌ කිව්වා රන්ජන් විඡේරත්න මහත්තයත් පාරෙ හිටියා කියලා. මිනිස්‌සු එක එක කතා කියන්න පටන් ගත්තා. ගෝල්µa ක්‍රීඩා පිටිය ළඟ රේල් පාර අයිනේ පාන්දර වෙඩි සද්ද ඇහුණා කියලා මිනිස්‌සු කිව්වා. පස්‌සේ මමත් එතැනට ගිහින් බැලුවා. එතකොටත් ලේ එහෙම තිබුණා. එතැන හිටපු මනුෂ්‍යයෙක්‌ මට කිව්වා පාන්දර දෙකට විතර වෙඩි සද්දයක්‌ ඇහිලා ඇහැරිලා බලනකොට එක දිගටම වෙඩි වරුෂාවක්‌ වගේ ඇහුණා කියලා. පස්‌සෙයි අපි දැනගත්තේ රෝහණ විඡේවීර මහත්තයට වෙඩි තියලා මරලා තියෙන්නේ එතැනදී කියලා.

ඒ දවස්‌වල මිනිස්‌සු එක එක කට කතා පැතිරෙව්වා. රෝහණ විඡේවීර පණපිටින් බොරැල්ල කනත්තේ පිච්චුවා කිව්වා. එහෙම දෙයක්‌ වුණේ නැහැ. මම කියනවා එයාවත් වෙන තැනක මරලා මෙතැනට ගෙනැවිත් පිච්චුවා කියලා. ඔය කට කතා බොරු. සිද්ධිය දැක්‌කේ කිහිප දෙනයි. ඒ එක්‌කෙනෙක්‌ මම.

පස්‌සේ මගේ හිතවත්ම යාළුවකුට කතා කරලා මම ඇහුවා රෝහණ විඡේවීර අත්අඩංගුවට අරගෙනද කියලා. නෑ.. නෑ.. ගුණේ එහෙම ආරංචියක්‌ නැහැ කියලා එයා කිව්වා. පස්‌සේ මම කිව්වා නැහැ පාන්දර මරලා මෙහේ පිච්චුවා කියලා. ඒත් එයා පිළිගත්තේ නැහැ. මගේ යාළුවා හඳුනන මන්ත්‍රී කෙනකුට කතා කරලා අහලා තිබුණා රෝහණ විඡේවීර අත්අඩංගුවට ගත්තා ද කියලා. ඒ මන්ත්‍රීවරයාත් කියල තිබුණා එහෙම දෙයක්‌ නම් දන්නේ නැහැ කියලා. ඒ මන්ත්‍රීවරයා එවකට ඇමැතිවරයෙක්‌ගෙන් ඒ ආරංචිය ගැන අහලා තිබුණා. එයත් කියලා තිබුණා තවම නම් එහෙම ආරංචියක්‌ ලැබුණේ නැහැ කියලා. ඇත්තටම ඒ අයත් දැනගෙන ඉඳලා නැහැ. පස්‌සේ රාත්‍රි පුවත්වලට නිවේදනයක්‌ නිකුත් කළා රෝහණ විඡේවීර ඝාතනය කළා කියලා. හැබැයි එදා රූපවාහිනියෙන් දැකපු රෝහණ විඡේවීර නෙමෙයි මම කනත්තේදි දැක්‌කේ. රූපවාහිනියේ දැකපු රූපේ මුහුණ පුරා රැවුල වැවිලා තිබුණා. කනත්තෙ දැකපු රූපේ රැවුල කපලා බෙහෝම සුන්දර විදිහට හිටියේ.

හැමදාම අපි උදේට ආදාහනාගාරයේ අළු සුද්ද කරනවා. මේ මිනී දෙකම එකට දාපු නිසා මිනී දෙකේම අළු තිබුණේ එකට. ඉතිං අපි කොහොමද අළු වෙන් කරන්නේ. මම අළු ටික අරගෙන කළ ගෙඩියකට දාලා ලැකර්වලින් නම් දෙකත් ලියලා කළගෙඩිය රහස්‌ තැනක සඟවලා තිබ්බා. නමුත් ඒ අළු ටික ගෙනියන්න කවුරුවත් ආවේ නැහැ. ටික දිනක්‌ ගියාට පස්‌සේ මම තව සේවකයකු සම්බන්ධ කරගෙන කිසිම දවසක හෑරෙන්නෙ නැති තැනක අළු ටික කළගෙඩිය පිටින්ම වළලලා දැම්මා. ඒ තැන දැනගෙන හිටියේ අපි දෙන්න විතරයි.

මම ඡේවීපීකාරයෙක්‌ නෙමෙයි. නමුත් රෝහණ විඡේවීර කියන්නේ අපේ රටට කලාතුරකින් බිහි වන නිර්භීත නායකයෙක්‌. හොඳ සංවිධාන ශක්‌තියක්‌ තියෙන නායකයෙක්‌. ඔහුගෙන් රටට විශාල සේවයක්‌ ගන්න පුළුවන්කම තිබුණා. එහෙම නායකයකු ඒ විදිහට ඝාතනය කරපු එක ගැන එදා වගේම අදත් මම අනුමත කරන්නේ නැහැ. කා අතිනුත් වැරැදි සිදුවෙනවා. වැරැදි කළා කියලා මිනිස්‌සුන් මරන්න බැහැ. එදා නායකයෝ එයාට දඬුවමක්‌ දීලා තියාගත්තනම් අද එයා වැරැදි හදාගත්ත නායකයෙක්‌ වෙන්න තිබුණා." සාරානන්ද ස්‌වාමීන්වහන්සේගේ දයාලු හඬ තවමත් ගලා යයි.

එකල භීෂණ සමයේදී බොරැල්ල කනත්තට තරුණ කොලු ගැටයන් ගෙනැවිත් වෙඩි තබා ඝාතනය කරන අයුරු, ඒ සිරුරු ආදාහනාගාරයට විසි කරන අයුරු ද දැක ගුණතිලක මහතාගේ දෙනෙත් කඳුළින් පිරී ගියේය. සිත කලකිරිණි. ඔහුට ඈත අහසේ සඳ දෙස බලා සිටින්නට හැර වෙන කිසිවක්‌ කළ නොහැකි විය. එදා ඔහු අසරණය. ඔහුගේ රාජකාරියට වේලාවක්‌ ආවේලාවක්‌ තිබුණේ නැත. නීතිය රකින අය කතා කළ විට ඔහු රෑ ජාමේ වුව ද බොරැල්ල කනත්තේ දොරගුළු විවර කර දීමට යටහත් පහත්ව බැඳී සිටියේය.

"භීෂණ කාලේ තරුණ කොල්ලන්ව කනත්තට ගෙනත් මගේ ඉදිරිපිට කොච්චර නම් මරලා තියෙනවාද? ඒ මරපු අයගෙන් එකම එක කොල්ලයි අඬ අඬා කිව්වේ අනේ මාව මරන්න එපා කියලා. මාව අතහරින්න මම සේරම කියන්නම් කියලා. ඒත් ඒ තරුණයාට ජීවිත දානය දෙන්න තරම් එතැන උණුවන සිතක්‌ තිබුණේ නැහැ. එයාවත් යවන්න ඕනෙ ලෝකෙට යෑව්වා. කනත්තට ගෙනා හැම තරුණයෙක්‌ම බිම වාඩි කරලා හරියටම ඉස්‌මුදුනට වෙඩි තියනවා. ශරීරයේ පදාසියක්‌ම ගැලවිලා යනවා. ඒ වෙඩි තියන්න එන අයට ද හොඳ පළපුරුද්දක්‌ තිබුණා ඒ දේ හරියටම කරන්න. මම ඇස්‌ දෙකෙන් දැකපු නිසා මේවා බොරු නෙමෙයි. සමහරක්‌ අයගෙ පණ ගිහිනුත් නැහැ. ඒත් උස්‌සලා ආදාහනාගාරයට දානවා."

ඒ සෑම තරුණ ඝාතනයකට වඩා එදා රෝහණ විඡේවීර සහෝදරයාගේ ඝාතන සිද්ධිය ගුණතිලකගේ සිතට තදින් කි¹ බැස්‌සේය.

ඒ සිද්ධිය මට දරා ගන්න බැරිව ගියා. මේ මනුෂ්‍යයා මෙහෙම මැරෙන්න ඕනා පුද්ගලයෙක්‌ නොවේ. ඒ වුණාට මේ ආත්මයේදී එයා ඒ විදිහට මැරුණා. නැවත සංසාරයේදී මේ වගේ අකල් මරණයක්‌ අත්නොවේවා කියා පින්දහම් කරන්න ඕනා කියලා හිතලා මට රොනී මහත්තයා දීපු සල්ලිත් මගේ සේවකයාට දීලා එයාට දීපු සල්ලිත් දාලා නැති බැරි අයට මොනවහරි අරන් දෙන්න කියලා මම කිව්වා. ඒත් ඒ මනුෂ්‍යා දීපු දානමානයක්‌ නැහැ. ඒ සල්ලිත් යටිමඩි ගහගෙන තිබුණා. මම ඕවා අහන්න ගියේ නැහැ. මම හිතාගත්තා පින්දහම් කරනවා නම් තනියෙන්ම කරනවා කියලා.

මේ ඉර හඳ යට හමුවී..........







මේ ඉර හඳ යට හමුවී
ආදරයෙන්.......
කතා කරපු අය......
සෙනේ වඩපු අය.....
ළඟපාතකවත් නෑ.....


අද ඔබ කොතැනද
අද මා කොතැනද
දන්නේ නෑ නුඹ මටත් හොරා.......
ජීවන මහමග සටන් වැදී ඇත.........
නාඳුනනා පෙම්වතුන් වෙලා...........


දැන හඳුනාගත් කාලේ ඉඳලා
ළබැඳි දයාවෙන් සිටිය නිසා...........
අප වෙනුවෙන් අප නමින් හෙලන්නට
හෙටටත් කඳුළක් ඉතිරි වෙලා.........





ජීවිතේ හරිම පුදුමාකාරයි

.

මේ ජීවත් වෙච්ච කාලෙට කොයිතරම් නම් දෙනෙක් හමුවෙන්න




ඇතිද?




පාසලේ,පන්තියේ,කාර්යාලයේ........




කොහොම වෙන්වෙලා ගියත්......




ගොඩක් අයගෙ හිත්වල




මතකයක් වෙන්න




මට පුළුවන් වෙච්ච එක ගැන මට සතු‍ටුයි.




ඒ සුන්දර මනුස්සකම




මගේ ළඟ තියෙනවා කියලා






මට හිතෙන නිසා...




......

අසුන්දර රාජකාරි අතරට




පොඩ්ඩක් හරි සුන්දරත්වය මුසුකරන්න

මම කටයුතු කළා නේද

කියලා හිතෙනකොට

සතුටක් ජනිත වෙනවා හිත තුළ........




පසුපෙළ සිසුවෙකුගෙන්- කතෘ අඣාතයි.



කොට බිත්තියෙන් වට කොට සැදු සිර කුටිය තුළ
සිර කරනු බැරි සිතිවිලි රැසක උරුමකරුවා මං
කවදාවත්ම නො ඉස්සෙන අත් ඇති
පසුපෙළට අණසක පතුරුවන
පදක්කම් අහිමි නායකතුමන් මං

අකුරු ඉලක්කම් දත්
ඉදිරි පෙළ සිසුන් හා බැඳි
පාඩම් කියා දෙන විට
ඔබේ දෑසට හසු නොවන
අසරණ දරුවනට සහනයක් ගෙන එන
විහිළුකාරයා මං

ප්‍රගති සටහන මත
රතු කොළ කහ වර්ණ සියල්ලම දරාගත්
කළු තිත් පෙළට හිමිකම් කියන
අමනයා නොවේ ද මං
ජීවිතයේ මුල් වරට මම ඔබෙන් විමසමි
පාසල හා මගේ ඇසුරට
හය වසක් ගෙවී ඇති මුත්
මට අකුරු කියා දෙනු බැරි
ඔබ හට උරුම කළු තිත
කොහි සටහන් වේ ද ගුරුතුමනි........

කතෘ අඣාතයි

සඳක් සේ බැසයන්න2-නිලන්ත සත්සර සමරජීව


අපේ ජීවිත කොල්ලකාගෙන හිතාගන්න බැරි
දුරකින් උත්තරීතර මැටි පහනක් දල්වල ඒ දිහා බලාවිපිළිසර හැඟුම් මැව්වෙ අපිමයි.හිත් සොහොන් කොත වටේට තුත්තිරි වැවෙනවා වළක්වන්නට බෑ අපිට කවදාවත්ම.

"අයියේ හරි කම්මැලියි අනේ නවල් එකක්වත් හොයලා දෙනවකෝ"

"නවල් කියවන්නෙ ඇයි පාඩම් කරල ඉවරද?"'

මම නංගියා ළඟින් ඉඳගත්ත.ඇස් පිහාටුවක බර දරාගන්ඩ බැරුව නෙත් පෙති පරවුණා.

"සටහන් පොතුයි පාට පාට ටියුට් තොගයයි මේසෙ උඩ.මට මේ හැමදෙයක්ම එපා වෙලා අයියේ.හිත ප්‍රශ්න වලින් පිරිලා,පුපුරු ගහනවා.ඒත් කාටද මේවා කියන්නේ?උදේ පිටත්වෙලා ආපහු ගෙදර එන්නේහොඳටම රෑ වෙලා.ඊට පස්සෙ ගවුම හෝදලා පැයෙන් පැයට මිරිකන්ඩ ඕනෙ වේලගන්ඩ.අම්මටයි තාත්තටයි කියන්ඩ පුළුවන් ප්‍රශ්න නෙමෙයි දැන් කාලේ කෙල්ලෙකුට තියෙන්නේ"

 චූටි නංගි හීල්ලුවා.

මසිත කඩා වැටුණා.

මේ පුංචි කෙල්ලගෙ ආත්මෙට ළංවෙන්න උත්සාහ කළේ නෑ මම.මගේ දුක ගැන හිතුවා මිසක්.

ජීවිතේ දුකක්.මේක තමයි සමස්ත මානවීයත්වයේම ඇත්ත.ඒත් පුංචි කෙල්ලෙකුගේ අහිංසක හිතක් අද්දර බක පණ්ඩිත තර්ක වැඩක් නෑ.


ඇයි පැටියෝ..කියන්න..මට කියන්න.මං ඔයා ගැන හොයලා බැලුවේ නෑ තමයි.මගෙයි වැරැද්ද.මගේඅඳුරු ලෝකෙට සාප කරනවා ඇරෙන්ඩ පණ අදින ඔයාලගේ ලෝකෙ ගැන හිතුවෙ නෑ මම.කියන්න නංගියේ මුකුත් කරන්න බැරි වුණාට මම අහගෙනවත් ඉන්නම්."'

නංගි මගේ ඇඟට තුරුල් වුණා.කඳුළු කැට උරහිසට දැනුණා.ඉකි ගහ ගහ එය ඇති වෙනකම් ඇඬුවා.

"මම ඉන්නෙ හුඟාක් දේවල් තෙරපගෙන අයියේ.මට තියෙන්නේ එක සුදු ගවුමයි,පාට ගවුම් දෙකයි.යට ඇඳුමේ ඉඳන් හතර වටේට අණ්ඩ දාල අඳින්නේ,මට ඔයාට කියන්ඩ ලැජ්ජ නෑ.මාසෙ අග වෙනකොට මඉන්නේ හරිම බයෙන්.හයියෙන් ඇවිදින්නෙවත් නෑ.ගැණු ළමයෙකුට ඕනෙම කරන දෙයක් ගන්ඩවත් තාත්තට කරදර කරන්න බෑ.මං දන්නවා ඒගොල්ලො විඳින දුක.අයිය දන්නෙ නෑ මම බිග් ගර්ල්කෙනෙක් වෙච්ච දවසේ තාත්තා අරන් දුන්න චේන් එකත් මම උගස් කෙරුවා"'

නංගිගේ ඉකිගැහිල්ල වැඩි වුණා.ඒ දුක දරාගන්ඩ තරම් දැඩි හිතක් තිබුණේ නෑ මට.අපි දෙන්නගේ ඉකිගැහිල්ල හුඟාක් දැඩි වුණා. ප්‍රචණ්ඩ හුළඟක් තරම් රළු නොවුනට අපේ හිත් සදාකාලික නියංසායකට අහුවුණා වගේ.

"අඬන්න එපා පැටියෝ.හැමදෙයක්ම හරි යාවි.මට හිතෙනවා දැන් මමත් රස්සාවල් හෙව්වා ඇති කියලා"

'ඇයි?

පොඩි එකීගෙ ඇස් ලොකු වුණා.

"ක්ලාස් එකේම බ්‍රයිටා වෙච්ච වසන්තයා නුගේගොඩ සුපර් මකට් එක ඉස්සරහ කමිස විකුණනවා.ආනන්දේ ඩිබෙටින් කරපු ජාලියත්‍රීවිලර් එකක් එලවනව.නිකැළැල්,අයිස් පැකට් හදනව.මම විතරක් තාම අම්මලට කඳුළු එකතු කරනවා.ඒ මොනවා වුනත් මට ඔයාගෙ දුක දරාගන්ඩ බෑ නංගියේ."'

හිත වාවගන්ඩ බැරිවුණා මට.

කම්මුලට ගලාගෙන ගියපු කඳුළු බිංදුවල පාර මකාගන්ඩ බැරිවෙයි මට කවදාවත්ම.

අම්මගේ පෙරැත්තට පාන් පෙති දෙකක් කෑවේ අඬන කඳුළු හංගගෙන

ඊටත් පස්සේ අතේ තිබුන අන්තිම රුපියලත් අරගෙන නුගේගොඩට ගියේ අරමුණක් නැතිව.

සරසවි බුක්ෂොප් එකේ ගතකරපු වාසනාවන්ත තත්පරයක්වත් අමතක කරන්න හිත දෙන්නෙ නෑ කොහොමටවත්.

සුපර් මාකට් එක ඉස්සරහ වසන්තයා හිටියෙ නෑ.176කට නැගලා බොරැල්ලට ටිකට් අරගෙන කාසල් එක ඉස්සරහින් බැස්සේ හිතේ තනිවුන නිර්මාණ පිටුව ඒ පරිසරය හින්දා.

ඇත්තටම අඳුර පිරිච්ච හදවතින් මම අදත් මේ තාර පාරට,ගහකොළ වලට විතරක් නෙමෙයි හමාගෙන එන සුළං පොදකට පවා ආදරෙයි.
/spanspan class= style=

Click & Earn

'සාර්ථක' මිනිහෙක්ට වාහනයක් තියෙන්නම ඕනද? (සාර්ථක මිනිහෙක්ගෙ කතාවක්)

අපේ ගමේ මීට අවුරුදු ගානකට කලින් අක්කර 35ක රබර් ඉඩමක් විකුණුව රබර් මිල වැටුණු කාලෙකදි. අවුරුද්දක් දෙකක් ගිහින් අපි දැක්ක ඒ හිස් ඉඩමෙ ටික ටික ...

Check it