සියවසේ ප්‍රාඥයා යන හැඳින්වීම ලද මහා විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින්ගේ ආදරය දිනූ ලීනා කවරෙක්ද?
ඔහු දිනෙක සාපේක්ෂතාව පිළිබඳ සිද්ධාන්තය වැඩි දියුණු කරන තැනැත්තා විය හැකිව තිබිණි. එසේම එතෙක් මෙතෙක් ලියැවුණු වඩාත් ප්‍රකටම සමීකරණය වූ e=mc 2 හි නිර්මාර්තෘ විය හැකිව තිබිණි. එසේත් නැතිනම් ඔහු නූතන ක්වොන්ටම් සිද්ධාන්තයට පදනම දැමූ සහ ඒ වෙනුවෙන් නොබෙල් ත්‍යාගය දිනාගත් තැනැත්තා විය හැකිව තිබිණි. මේ සියල්ලම නිසා ඔහු ‘ලොව විශිෂ්ටතම බුද්ධිමතා’ යනුවෙන් හැඳින්වීමට ද හැකියාව තිබිණි. එහෙත් එල්සා අයින්ස්ටයින් තම හිතවතියකට ප්‍රකාශ කළේ ඇය, තමාගේ කඩවසම් ඥාතියා වූ ඇල්බට්ට ආදරය කළේ තරමක් වෙනස් හේතුවක් නිසා බවයි. “ඒ එයා වයලීනයෙන් මොසාට්ගේ සංගීත ඛණ්ඩ ලස්සනට වාදනය කරන නිසා”
එසේත් නැතිනම් එය එතරම් වෙනස් හේතුවක් නොවීමටද පුළුවන. සංගීතය යනු අයින්ස්ටයින්ගේ විෂයයට බෙහෙවින් දුරස් වූවක් විය. එහෙත් ඔහුගේ සිතිවිලිවල සහ ඔහු කළ සියලු දේවල කේන්ද්‍රය වූයේ එයයි.
“එයාගේ සිද්ධාන්ත ගැන හිතන වෙලාවට සංගීතය එයාට උදව් වුණා” 1919 දී ඔහුගේ දෙවැනි බිරිය බවට පත් වූ එල්සා පැවසුවාය.” එයා එයාගේ අධ්‍යයන කටයුතුවලට යනවා. ආපහු එනවා. පියානෝ එකෙන් ස්වර කීපයක් වාදනය කරනවා. මොනව හරි කෙටි සටහනක් යොදාගෙන ආපහු එයාගෙ වැඩේට යනවා.”
තමා විද්‍යාඥයකු නොවුණා නම්,නිසැකවම සංගීතඥයකු වන බව මේ ශ්‍රේෂ්ඨ භෞතික විද්‍යාඥයා වරක් පවසා තිබිණි.
“සංගීත වාදනයෙන් තොර ජීවිතයක් ගැන මට නම් හිතාගන්නවත් බැහැ” ඔහු පැවසුවේය. “මගේ දවල් හීන ජීවත් කරවන්නෙ සංගීතයයි. සංගීත ඛණ්ඩ තුළින් මම මගේ ජීවිතය දකිනවා. “සංගීතයෙන් මම දැඩි සතුටක් ලබනවා”
එය නියම වශයෙන් ඇවිලවීමට කාලය අවැසි වූ ආදර සම්බන්ධයක් විය. දක්ෂ පියානෝ වාදිකාවක වූ අයින්ස්ටයින්ගේ මව, පෝලීන්, ඔහු වයලීන් වාදනය ඉගැන්වීමට රැගෙන යන විට ඔහු හය හැවිරිදි වියේ පසුවිය. එහෙත් වයස 13 දී ඔහුට මොසාට්ගේ වයලීන් සොනාටා හමුවනතුරු, එම සංගීත භාණ්ඩය ඔහුට කීකරු වූයේ යාන්තමිනි. එම මොහොතේ සිට සංගීතය ඔහුට අත්හළ නොහැකි භාවාවේශයක් බවට පත් විය.
මොසාර්ට් තම ජීවිත කාලය පුරාවටම, අඛණ්ඩව කටයුතු කළේ තම ප්‍රියතම සංයෝජකයා වූ බැච් සමඟිනි. අයින්ස්ටයින්ගේ චරිතාපදාන ලියූ බොහෝ ලේඛකයන් ඉස්මතු කර දක්වන කරුණක් වූයේ බැච්ගේ සහ මොසාට්ගේ සංගීතයේ ඇති සමාන නිර්මලත්වය, සරලභාවය සහ පරිපූර්ණත්වය අයින්ස්ටයින් නිතරම තමාගේ සිද්ධාන්ත වලින්ද බලාපොරොත්තු වූ බවයි. එසේම ඔවුන් සඳහන් කරන්නේ අයින්ස්ටයින් 19 වැනි සියවසේ අගභාගයේ පැවති වැග්නර් වැන්නවුන්ගේ අඩු සංවිධානයක් සහිත වඩා භාවාත්මක සංගීතයට ප්‍රිය නොකළ බවයි.
“ගොඩාක් තැන්වලදී, මම ඔහුට සවන්දුන්නේ අප්‍රිය බවකින් පමණයි.” අයින්ස්ටයින් වරෙක වැග්නර්ගේ සංගීතය ගැන ජර්මානු සංගීත සංයෝජකයකු සමඟ පැවසීය.
ඒ ප්‍රාග් අයි ටියුන් යුගයේ පවා, අයින්ස්ටයින්ට තම සංගීතය භෞතික ආකාරයෙන් රැගෙන යමේ ‘අමුතු රුදාවක්’ තිබිණි. ඔහු තම දිරාපත් වයලීන් පෙට්ටිය නොමැතිව කොහේ හෝ ගියා නම් ඒ ඉතාමත් කලාතුරකිනි. සැමවිටම එතුළ පැවතියේ එකම භාණ්ඩයද නොවීය. තම ජීවිත කාලය පුරා ඔහු වයලීන කීපයකම හිමිකරුවකුව සිටියේය. එහෙත් වඩාත් කල්පනාකාරීව ඔහු ඒ සෑම වයලීනයකටම යෙදුවේ එකම ආදරණීය නාමයකි. ඒ “ලීනා” යන්නයි. ඔහුගේ ගමන් බිමන්වලදී ලීනාවද රැගෙන යන ඔහු යමෙකුගේ නිවෙසේ පැවැත්වුණ සන්ධ්‍යා ශාලිකා සංගීතයකදී එය වාදනය කළේය. එසේම ඔහුට සංගීත මිතුරන් බොහෝ දෙනෙක් විය.
1930 දශකයේදී තම මවු රට වූ නාසි ජර්මනියේ වාසය කිරීමට අකැමැති වූ අයින්ස්ටයින් හා එල්සා යුවළ නිව් ජර්සිවල ප්‍රින්සිටන්වල පදිංචි වූහ. එහිදී ඔවුහු සෑම බදාදාවකම රාත්‍රියේ ඔවුන්ගේ නිවෙසේ ශාලිකා සංගීත සම්භාෂණ පැවැත්වූහ. මළවුන්ගේ දිනවල සන්ධ්‍යාවේදී පිටතට පැමිණි ඔහු පූර්ව සූදානමක් නොමැතිවම වයලීනයෙන් ගීත වාදනය කළේය. එසේම නත්තල් සමයේ දී ඔහු වයලීනය රැගෙන කැරොල් කණ්ඩායම් සමඟ එක් විය.
අයින්ස්ටයින්ගේ වාදනය තහවුරු කළ හැකි පටිගත කිරීමක් නොමැති නිසා, ඔහු කොතරම් දක්ෂයෙක් දැයි යන්න අදටත් අඛණ්ඩව විවාදයට තුඩු දුන් කරුණක් බවට පත්ව තිබේ. එක් ඡායාරූපයක ඔහුව දැක්වෙන්නේ බියකරු ලෙසිනි. තම වයලීනය ලිහිල්ව පහළට එල්ලා ගත් ඔහු වයලීන දණ්ඩ ලම්භකව පිරිමැදීම වෙනුවට, ආනතව වයලීනයේ තත් අතර ගෙන යන අයුරු එහි දැක්වෙයි. වයලීන් ගුරුවරයකු භයින් හැකිලවීමට සමත් වැරදි සියල්ලක්ම ඔහු එම වාදනයේදී සිදු කරයි.
යමක් පිළිබඳ හොඳ සිහියෙන් සිටීම පිළිබඳද අයින්ස්ටයින්ට තිබුණේ අපකීර්තිමත් ඉතිහාසයකි. එක් අවස්ථාවක විශිෂ්ට වයලින් වාදක ෆ්‍රිට්ස් ක්‍රෙයිස්ලර් සමඟ සිවු දෙනකුගෙන් යුත් කණ්ඩායමක් සමඟ ඔහු වාදනයට සහභාගී විය. එහිදී ඔහුට තවත් වරක් පිවිසුම වැරදිණි. ඔහු දෙසට හැරුණු ෆ්‍රීට්ස්
“මොකද වෙලා තියෙන්නෙ, මහාචාර්යතුමා? ඔයාට ගණින්න බැරිද?” යනුවෙන් විමසූ බව සඳහන් වේ.
තවමත්, ලැබෙන සාක්ෂි අනුව එල්සා ඔහුගේ වාදන තත්ත්වය ගැන සෑහීමකට පත්ව නොසිටියා ය. වයස 16 දී, ඇගේ ඥාතියා තම පාසලේදී සංගීත පරීක්ෂණයකට පෙනී සිටියේය.
“අයින්ස්ටයින් යනුවෙන් හඳුන්වන ශිෂ්‍යයා බිතෝවන්ගේ සංගීත ඛණ්ඩවලින් එකක් පිළිබඳ ගැඹුරු හැඟීමක් ඇති කරවන දක්ෂතා පෙන්වයි.” යනුවෙන් පරීක්ෂකවරයා සටහන් කර තිබේ.
ඊට බොහෝ පසු කලෙක ඔහුගේ මිතුරකු අයින්ස්ටයින්ගේ වාදනය ගැන මෙසේ සටහන් කර තිබිණි.
“වඩාත් හොඳ තාක්ෂණයක් සහිත සංගීතඥයන් බොහෝ සිටින නමුත්, මම විශ්වාස කරන අන්දමට, ඔහු තරම් අවංක ලෙස එහෙමත් නැතිනම් වඩාත් ගැඹුරු හැඟීමක් ඇතිවන ආකාරයෙන් වයන කිසිවකු නැහැ.” අයින්ස්ටයින් අවසාන කාලය දක්වාම අඛණ්ඩව වාදනයේ නිරත විය. තම වියපත් වම් අතින් තවදුරටත් ඇඟිලි හැසිරවිය නොහැකි බව වැටහී ගිය විට ඔහු ලීනාව පසෙකින් තැබුවේ ය. එහෙත් ඔහු කිසිවිටෙක සංගීතය රස විඳීම අත්නොහැරියේ ය.
1955 අප්‍රේල් මාසයේ සිදු වූ අයින්ස්ටයින්ගේ මරණයෙන් මාස කීපයකට පසු ප්‍රකාශයට පත් වූ ලියැවිල්ලක, එහි ලේඛක ජේරොම් වේඩ්මන් අපූරු රාත්‍රී සාදයකදී අසන්නට ලැබුණු රමණීය ශාලිකා සංගීතයක් ගැන සඳහන් කර තිබිණි. නිහඬ බව තුළ, ඔහු තමා අසල අසුන්ගෙන සිටි මිනිසාට පැවසුවේ සැබැවින්ම තමා බිහිරි වූ බවයි. “ඔයා එන්න මා එක්ක” අයින්ස්ටයින් පැවසුවේ ය. ඔහු දැඩි අප්‍රසාදයකින් වේඩ්මන්ව සංගීත සාදයෙන් පිටතට කැඳවාගෙන ඉහළ මාලයට රැගෙන ගියේ ය.
එහිදී අයින්ස්ටයින් බින් ක්‍රොස්බි, එන්රිකෝ කෲසෝ සහ තවත් කීප දෙනකුගේ ගීත ඛණ්ඩ වාදනය කර පෙන්වීය. ඔහු වේඩ්මන්ට ඒ එක් එක් ඛණ්ඩ ඔහුගේ සවන්වලට පුහුණුවක් ලෙසින් නැවත ගායනා කරන ලෙස බලකර සිටියේ ය.
ඒ ගායනය පිළිබඳ අයින්ස්ටයින් සෑහීමට පත් වූ විට ඔවුහු නැවත පහත මාලයට පැමිණියහ. එහිදී වේඩ්මන් පුදුමයට පත් කරවමින් ඔහුට බැච්ගේ “Sheep may safely graze” ගීතය ප්‍රථම වරට හොඳින් ගායනා කිරීමට හැකි විය. ඉන්පසු නිවැසියන් විමසුවේ ඔවුන් දෙදෙනා කොහි ගියේද කියායි.
“කොයි කෙනාටද හැකියාව තියෙන්නෙ කියල බලන ලොකුම ක්‍රියාකාරකමේ යෙදිල හිටියා.” අයින්ස්ටයින් පිළිතුරු දුන්නේ ය.
No comments:
Post a Comment