1. මමිකරණය
මේ රස්සාව
තිබ්බේ ඊජිප්තුවේ. මමිකරණය කියන්නේ කෘත්‍රිම ක්‍රමයකට මළ සිරුරු කල්තබා ගැනීමකට.
මේ ක්‍රමය ඊජිප්තුව පුරා බොහොම ජනප්‍රිය වෙලා තිබුණා. ඒ දවස්වල මමිකරුවන්ට තිබ්බේ
පුදුම ඉල්ලුමක්. මෙහෙම සිරුරු මමිකරණය කරන්න නම් ශරීරයේ තියෙන ඉඳින් ගලවලා අයින්
කරන්න ඕන. ඒ වගේම සිරුරෙන් මොළයත් ගලවලා අයින් කරන්න ඕන. මේ පිළිකුල් සහගත අප්‍රසන්න
ක්‍රියාව සඳහා සති ගණනක් ගතවෙනවා. සමහර වෙලාවට මාස ගාණක්. මෙහෙම මළ සිරුරු එක්ක
ගනුදෙනු කරන හින්දා සාමාන්‍ය සමාජය මමිකරුවන්ව සමාජෙන් කොන් කරලා තිබුණා.
2. පව් අනුභව කිරීම
පව් අනුභව කිරීමෙන් අරුත් ගන්වන්නේ
මිය යමින් ඉන්න මනුස්සයෙක්ගේ ආත්මය පිරිසිඳු කිරීමක්. දහ නව වැනි සියවස තුල මේ
චාරිත්‍රය බොහොම පතල වෙලා තිබුනා. බැලු බැල්මට මේ රස්සාව නරක එකක් නෙමෙයි. ඒත්
රාජකාරිය විදියට කරන්න තිබ්බ දේ තමයි පිළිකුල් සහගත.
මැරිච්ච
මනුස්සයෙකුගේ සිරුර පිරිසිදු කරලා, හැම පවකින්ම ඔහුව හෝ අයව නිදහස් කරන්න නම්,
පවුලේ අය විසින් මැරුණු මනුස්සයාගේ ශරීරය මත තියෙන පාන් කැබැල්ල පව් අනුභව කරන්නා
විසින් කෑමට ගන්න ඕන. එහෙම කලාම , මියගිය පුද්ගලයාගේ සියලුම පව් වෙනත් කෙනෙක්
විසින් අනුභව කළා වෙනවා. ස්කොට්ලන්තය තුල දහ අටවන සහ දහ නවවන සියවස් තුල ඉමහත්
ජනප්‍රියව පැවති මේ චාරිත්‍රය, සමාජයේ දුගී දුප්පත්ව වෙසෙන අසරණ මිනිස්සු
කොට්ඨාශයක් බිහි කළා. ඔවුන්ව තවත් අසරණ කළේ මෙහෙම පව් අනුභව කරනවාට ඔවුන්ට ගෙව්වේ
බොහොම අඩු මුදලක් නිසා. මිනිස්සු විසින්ම පහත හෙලා දමපු ඔවුන්ව අනෙක් මිනිස්සු
කැඳවා ගත්තේ කෙනෙක් මැරුණාම විතරයි.3. කුඩල්ලන් එකතු කිරීම
දහ නව වෙනි
සියවස තුල තවත් ජනප්‍රිය රැකියාවක් තමයි කුඩල්ලන් එකතු කිරීම. වෛද්‍ය ප්‍රතිකාරවලට
යොදාගැනීම සඳහා තමයි මෙහෙම කුඩල්ලන්ව එකතු
කරලා තියෙන්නේ. මේ රස්සාව කරන මනුස්සයාගේ කාර්යයභාරය වුනේ කුඩල්ලන් වැඩිපුර ඉන්න
පැතිවලට ගිහිලා පුළුවන් තරම් කුදල්ලෝ එකතු කරගන්න එක. ගොඩක් විට ඔවුන් කුදල්ලෝ
ඇල්ලුවේ තමන්ගේ කකුල ඇමක් විදියට පාවිච්චි කරලා. ඒ කියන්නේ කකුලේ ලේ බොන්න කූදැල්ලා
ආවම ඌව අල්ලගන්නවා. මේක හරිම භයානක වැඩක්. දවසකට ලේ පයින්ට් කියක් නම් කුඩල්ලෝ මේ
මිනිස්සුන්ගෙන් උරා ගන්නවා ඇතිද?
4. රජ්ජුරුවන්ගේ පස්ස පිහ දැමීම
අද අපිට මේක
හිනායන වැඩක් උනාට , මිට බොහෝ කාලෙකට ඉස්සෙල්ලා මේ රස්සාව බොහොම ගරු කටයුතු
රස්සාවක් විදියටයි සළකලා තියෙන්නේ. ඒ දවස්වල රජවරු හිතලා තියෙන්නේ තමන්ගේ පස්ස
තමන් විසින්ම පිහගන්න එක එච්චර හොඳ දෙයක් නෙමෙයි කියලයි. රජ්ජුරුවෝ යන යන තැන
වැසිකිලි පුටුව අරගෙන යන එක වගේම රජුගේ වැසිකිළි කටයුත්ත ඉවරවුනාම ඔහුගේ පස්ස
පිසින එක පසුපස පිසින්නාගේ රාජකාරිය. ඒ වගේම රජ්ජුරුවන්ගේ මළපහ පරික්ෂා කරලා රජුගේ
සෞඛ්‍ය තත්ත්වය පිරික්සන එකත් ඒ රාජකාරියේම කොටසක්. තාක්ෂණය දියුණු නැති කාලෙක මේක
හාස්‍යජනක රස්සාවක් නෙමෙයි , එපා කරපු හිරිකිත රස්සාවක් නෙවෙයිද?
5. විපින්ග් බෝයි වැඩේ
උඩ කියපු ඒවා තරම් පිළිකුල් රස්සාවක්
නොවුනත් මේක අමානුෂික වගේම එපා කරපු රස්සාවක් වෙන්නේ, පැරණි බ්‍රිතාන්‍යයේ
කුමාරවරුන් වෙනුවෙන් කායික දඬුවම් දරාගන්න මේ විපින්ග් බෝයිට සිද්ධවෙලා තිබුණු
හින්දයි. කුමාරයාගේ ක්‍රීඩා සහකාරයා වුනු තැනැත්තා තමයි මේ විපින්ග් බෝයි වැඩේ
කළෙත්. කුමාරයා හා විපින්ග් බෝයි ගජ මිතුරෝ. කුමාරයා එක්ක එකට ඉගෙනගන්නත් මේ
විපින්ග් බෝයිට මුල ඉඳලම අවස්ථාව ලැබෙනවා. ඒත් ඉතින් ගුටි කන්න ගියාම මේ රස්සාව
එපා වෙන එක අහන්නත් දෙයක්ද?
No comments:
Post a Comment