2018 නොබෙල් සාම ත්‍යාගය හිමිවූයේ දෙදෙනෙකුට සම සමවය. එක් අයෙක් කොංගෝවේ නාරිවේදය පිළිබඳ විශේෂවේදී වෛද්‍යවරයෙකු වන ඩෙනිස් මුක්වේගේය. කොංගෝ ජනරජයේ ලිංගික ප්‍රචණ්ඩත්වයට ගොදුරු වූවන්ට ප්‍රතිකාර කිරීම උදෙසා ඔහුට මෙවර නොබෙල් සාම ත්‍යාගය හිමිවිය.
අනෙකා නාදියා මුරාද් ය. ඈ අපේ කතා නායිකාවයි. මේ ඇගේ කතාවයි.
1993 දී උපත ලද නාදියා මුරාද් ඉරාක මානව හිමිකම් ක්‍රියාකාරිනියකි. ඇය ඉරාකයේ යදිසි ගෝත්‍රික යුවතියකි. යදිසි යනු ඉරාකයේ සුළු ජාතික ජන කොටසකි. ඈ දිවි ගෙවූ දුෂ්කර පරිසරය, සමාජ පසුබිම, උගත්බවෙන් අඩුකම, දරිද්‍රතාව මඬිමින් සිතේ දිරිය පමණක්ම සහිතව මේ ආ දිගු ගමන සිතා ගන්නටවත් නොහැකි සත්‍ය කතාවකි.
"නදියා මුරාද් යනු යුද අපරාධවල ගොදුරකි. තමා ගොදුර බවට පත්වීම ලජ්ජාවට පත්ව නිහඬවීමෙන් නිමාකිරීම ඇය ප්‍රතික්ෂේප කළාය. ස්වකීය විඳවීම තුළින් අන්‍යයන්ගේ දුක් පීඩා වලදීත් ඉදිරියට යාමේ දිරිය ඇය පෙන්නුම් කළාය."
ඒ නොබෙල් කමිටුව ඇයට දුන් හේතු පාඨයට පිවිසුනු හැටිය.
2014 සැප්තැම්බර් මුල අයි.එස්. අයි.එස් ත්රස්තයෝ ඇය ජීවත්වූ ගම වටකොට එය ලේ විලක් බවට පත් කළහ. ඇගේ මව, සහ සහෝදරයන් 06 දෙනාම ඝාතනය වූ අතර, ඇය ඇතුළු සහෝදරියන් 06 දෙනාම ජීවග්රහයෙන් අල්ලා ගැනිණ. ඇය ඇතුළු අල්ලාගන්නා ලද 6700 ඉක්මවන ස්ත්‍රී ඉරාකයේ අයිඑස් පාලනය ක්‍රියාත්මක වන මොසුල් නගරයට ප්‍රවාහනය කෙරුණේ ලිංගික වහලියන් ලෙසය.මොසුල් හී ගෙයක රඳවා සිටි කාලය තුළ ඇය ඇතුළු කාන්තාවන්ට ත්රස්තයෝ බෙහෙවින් අඩත්තේට්ටම් කළහ. සිගරට් කොළවලින් පුලුස්සා අතින් පයින් පහරදෙන ලදහ. දූෂණය කරන ලද වාර ගණන කිව නොහැකි තරම් වූ අතර ඒවා දරාගත නොහී ඈ ක්ලාන්තව ඇද වැටුණු වාරද බොහෝය.
2014 නොවැම්බර් මාසයේදී වාසනාවකට ඈ ඉන් මිදී පලායන්නට සමත් වූවාය. ඉසිස් බල පෙදෙසින් බැහැර කාරුණික කාන්තාවක් ඇයට උදව් උපකාර කළාය. කෙටි කාලයකට ඇගේ සෙවණේ නැවතී සිට ඉරාකයේ දහුක් ප්‍රදේශයේ සරණාගත කඳවුරකට පැමිණීමට ඇය සමත්වූවාය. එහි කන්ටේනරයක් ඇගේ සුරක්ෂිත නිවහන බවට පත් කරගත්තාය.
ඈ ඇගේ සටන පටන්ගත්තේ එහි සිටය. 2015 පෙබරවාරි මාසයේ තම ප්‍රථම මාධ්‍ය හමුවට ඈ එක්වූයේ බෙල්ජියමේ ප්‍රමුඛතම පුවත්පත වූ 'ල ලිබ්රෙ' සමඟය. ඉන් ඇගේ කතාව මුළු ලොවටම නිරාවරණය විය. මේ අතර නිරිතදිග ජර්මනියේ පාලක සභාව ඉරාකයේ කාන්තාවන් 1000 කට රැකවරණය දෙන්නට කැමත්ත පළ කළ අතර ඊට එක්වූ නාදියා ද ජර්මනියේ පදිංචියට ආවාය.
ඇගේ සටන ආරංචි වූ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයෙන් 2015 දෙසැම්බර් 15 දින නාදියාට කැඳවීමක් ලැබිණ. ඒ සභාව ඉදිරියේ අයිඑස් ත්රස්තයන්ගේ නිරුවත ලොවටම කියා පෑ නාදියා ත්රස්තයන්ගේ මිනිස් ජාවාරම සහ සවායා නම්වූ ලිංගික වහලියන්ගේ විස්තරයක් ද ලොවට හෙළි කළාය.
ඇගේ සටනේ සහයෙන් සහ ඈට සහය පිණිස බොහෝ දෙනා ඉදිරිපත් වීම විශේෂත්වයකි. අමාල් ක්ලුනි නම් නීතිවේදිනිය මගින් ඇය විසින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ අයිඑස් සංවිධානයට එදිරිව නඩු පවරන ලද අතර, අයිඑස් සංවිධානය ෆේස්බුක් වැනි සමාජජාලා හරහා ලිංගික වහලියන් වෙන්දේසි කිරීම සිදුකරන බව පෙන්වාදීමෙන් පසු ඇගේ ජීවිතයට වන තර්ජනය දෙගුණ තෙගුණ විය.
2016 සැප්තැම්බර් මාසයේදී .ඇය ඇරඹූ Nadia's Initiative සඳහා අනුග්‍රාහකත්වය දරන්නේ බ්‍රිතාන්‍ය ජාතික සහ අමෙරිකානු ද්විත්ව පුරවැසි මාධ්‍යවේදිනියක වන ටීනා බ්‍රවුන් ය. වතිකානයට යන නාදියා එහිදී ශුද්ධෝත්තම පාප් වහන්සේ බැහැදැක අයිඑස් ග්‍රහණයේ තවමත් පසුවන යසිඩි ගෝත්‍රිකයන් සහ වෙනත් සුළු ආගමික කණ්ඩායම් ගැනද, ලිංගික වහලියන් ගැනද උන්වහන්සේ දැනුම්වත් කළාය.
ඇය විසින් රචනා කරන ලද ... නම් ග්‍රන්ථය මගින් ඇගේ කතාව සවිස්තරව කියවිය හැකි අතර එය ඉස්ලාමීය රාජ්‍යයට එරෙහි ඇගේ සටන බව ඇය කියයි.
නොබෙල් ත්‍යාගය ලැබීමෙන් පසු ඇය කළ කතාව තවත් ලිපියකින්.
No comments:
Post a Comment