සෙල්ෆි කියන්නේ උමතුවක් .
මෙහෙම පවසන්නේ මනෝ විද්‍යාඥයන් දෙදෙනෙක්.
“International Journal of Mental Health and
Addiction" නම් වූ මනෝ විද්‍යාත්මක පර්යේෂණ සඟරාවට පර්යේෂණ පත්‍රිකාවක් සම්පාදනය
කරන මොවුන්, උමතුවක් විදියට මෙහෙම සෙල්ෆි ගන්න
මිනිස්සු පෙළඹෙන්නේ ඇයි කියන එකට හේතු දක්වලා තියෙනවා.
ඒ පර්යේෂණ පත්‍රිකාව නම් කරලා තියෙන්නේ An
Exploratory of ‘Selfitis’and the Development of theSelfitis Behavior Scale කියලා. තැනක් නිනව්වක් නැතිව සෙල්ෆි
ගන්න එක , ඒවා ෆේස් බුක් ඉන්ස්ටග්රම් වගේ සමාජ ජාල වලට මුදා හරින එක කරන්නේ පහත
දැක්වෙන හේතුන් නිසයි කියලා තමන්ගේ පර්යේෂණ පත්‍රිකාවෙන් ඔවුන් කියනවා.
පළවෙනි එක පරිසර සාධක. ඒ කියන්නේ සෙල්ෆි ගන්න අය
හිතනවා තමන් දිවි ගෙවන පරිසරය තමන්ට ඉතා හොඳින් ග්‍රහණය කරගන්න සෙල්ෆිය කියන එක
උදව් වෙනවා කියලා.
දෙක තමයි සමාජයේ තියෙන තරගකාරී බව. තම මිතුරු
මිතුරියන්ට වඩා කැපී පෙනෙන්න උවමනා උනාම. අනිත් අයට ඉහලින් විරුද්ධ ලිංගිකයන්
ආකර්ෂණය කරගන්න එහෙම ඕන උනාම , තමන්ගේ සමාජ තත්ත්වය වගේම සමාජ පිළිගැනීම ඉහළ නංවා
ගෙන ප්‍රකට පුද්ගලයෙක් වීමේ අනවරත ආසාව.
ඊළඟට සෙල්ෆි අරගෙන බෙදා හැරලා අන් අයගේ අවධානය
දිනාගැනීමේ දැඩි උවමනාව.
මුඩ් එක නැත්නම් තමන්ගේ මනෝභාවය වෙනස් කරගන්නත්
සෙල්ෆි උපයෝගී කරගන්නවලු. ආතතිය අඩු කරගන්නවලු. මානසික සතුට වැඩි කරගෙන ස්වයං
තෘප්තියක් ඇති කරගන්න සෙල්ෆි උදව් වෙනවා කියලා සමහරු විශ්වාස කරනවා.
තමන් තුල තියෙන කළකිරීම් , හීනමාන අඩු කරගෙන
ස්වයං විශ්වාසය ගොඩනගා ගන්න සෙල්ෆි උදව් කරගන්න සමහරු තමන් ගන්න සෙල්ෆිය දිහා බලලා
ධන සිතුවිලි වගා කරගන්න පුළුවන් කියලා අදහනවා.
මිනිස්සු කැමතියි කල්ලි ගැහෙන්න. එහෙම තමන්ගේම
කියලා කණ්ඩායමක්, සම පදස්ථ කොට්ඨාශයක් එක්ක සෙල්ෆි අරගෙන එකී කල්ලිය තුල තමන් කෙරේ
පිළිගැනීමක් ඇති කරගන්න සෙල්ෆි ගන්න අය කැමතියි කියලා මේ පර්යේෂණ පත්‍රිකාවෙන් තව
දුරටත් කියනවා.
සෙල්ෆයිටිස් ආසාදිතයන්ගෙන් 34%ක් ම සාමාන්‍ය
මට්ටමේ (Broaderline) සෙල්ෆි පිස්සන්. 40.5% ක් පුද්ගලයන් තදබල(Acute Selfitis) විදියට මේ රෝගයෙන් පිඩා විඳිනවා. 25.5%
දුස්සාධ්‍ය සෙල්ෆයිටිස් (Chornic) වලින් පිඩා විඳිනවා ලු.
උදාර එස්. සී. විලත්ගමුව
අන්තර්ජාලය ඇසුරිනි.
2018.02.15
No comments:
Post a Comment