අපි මෙහෙම පටන්ගමු.
විජය කුමාරයා ලංකාවට එනකොට අයතුල්ලා අල් කුවේණි, ටෙහෙරාන් නුවර කපු කටිමින් උන්නා.
අය තුල්ලා අල් කුවේණි |
"ශ්‍රී" ලංකාවෙන් වෙච්ච කෙනිහිලිකම් එක්ක කුවේණි ව අතෑරපු විජය, චන්ද්‍රිකා එක්ක "මහජන"යා පැත්තට එකතුවුනා.
සිංහලයා පැවැත එන්නේ විජයගෙන් කිව්වට ඇත්තටම විජයගෙන් පැවැත එන්නේ ඔය දරු දෙන්නා.
චිත්තරාජ |
කාලය ගතවෙලා යද්දි කාලගෝල වැදි රජ්ජුරුවො තමන්ගෙ ප්‍රාණ සම මිත්‍ර මනමේ කුමරුන් එක්ක දඩයමේ යද්දි හරියට ම සීගිරිය ගාව ගල් ලෙනක රජකම් කරපු චම්පික, ගම්මන්පිල එපා කියද්දි ගල් ලෙන බිඳලා ලෙන් දොර ඇරගෙන එළියට ඇවිල්ලා කාලගෝල ,මනමේ දෙන්න එක්ක සාකච්චා කළේ ලක්දිව අග රජු බලයෙන් පහ කරන්න.
කාලගෝල |
ඉන් පස්සෙ තමයි පොළොන්නරුවෙ පරාක්‍රම සේනානායක සමුද්‍රය ළඟ තියෙන අරලිය මාළිගාවෙදි ගොවියා පුතු මෛත්‍රීපාල සේනානායක සිරිසේන රජ කරවීමේ රාජකීය කුමන්ත්‍රණය සිද්ධ වෙන්නෙ.
මේ කුමන්ත්‍රණයට එවකට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ නිත්‍ය නියෝජිත නවනීදන් වැල්ලගේ ත් සහභාගී වුනා කියලයි ආරංචිය ගියේ.
දුටුගැමුණු කුමාරයා මුලදී මේ කුමන්ත්‍රණයට එකතුවුනේ නෑ. නමුත් කඩුවෙල ජන පවුරක් හදාගෙන උන්නු වෛද්‍ය බුද්ධදාස ප්‍රාදේශීය රජතුමා නම් සහයෝගය දුන්නලු.
ඔය කුමන්ත්‍රණයේ මහ මොළකාරයා කියලා සැලකෙන්නේ විජය කුමාරයා යක්කු එක්ක සටන් කරද්දී පාන අල්ලපු චාතුර් සේනා මහා සෙනෙවිතුමා.
2015 ජනවාරි 8 වෙනිදා මේ කුමන්ත්‍රණය ජයගෙන ලක්දිව හිටපු අග රජ බලයෙන් පහවුනාම එක විප්ලවයක් කියලා අපිට හිතුනලු.
උදාර එස්. සි. විලත්ගමුව
No comments:
Post a Comment