රුසියානු
නාවික හමුදා අද්මිරාල් ෆේබියන් ගොත්ලෙබ් සහ අද්මිරාල් මිකයිල් ලසරෙෆ් විසින් ඇන්ටාක්ටිකාව
සොයාගන්නේ 1920 දී පමණ.
විකිපීඩියා විශ්වකෝෂය පවසන තොරතුරු අනුව මුල්ම යුරෝපිය ජාතිය ලෙස රුසියානුවන් විසින් ඇන්ටාක්ටිකාව
සොයාගත්තත් වසර දහස් ගණනක් ප්‍රචලිත පුරාවෘත්ත අනුව ඊට සමාන “ටෙරා ඔස්ට්‍රාලිස් “ නම් විශාල භුමි ප්‍රදේශයක්
තිබිලා තියෙනවා.
ටෙරා
කියන්නේ භුමිය . ඔස්ට්‍රාලිස් කියන්නේ දකුණු එහෙම නැත්නම් දක්ෂිණ කියන එක.
පුරාවෘත්ත
නම් ඕන තරම් තියෙන්න පුළුවන්. ඒවායේ ඇත්ත නැත්ත වෙන ම සලකා හොයා බැලිය යුතු
කරුණක්. එත් මේ අපි කියන්න යන්නේ.. එකී පුරාවෘත්ත සනාථ කරන අභිරහස් සිතියම්
කිහිපයක් ගැන.
සැතපුම්
සිය ගණනක් දුරට මුහුද පවා අයිස් වලින් වැසුණු ඇන්ටාක්ටික් භුමිය නවීන රේඩාර්
සිතියම් කරණයෙන් හැරෙන්න නියම විදියට සිතියම් ගත කරන්න පුළුවන් වෙලා තිබුනා කියලා ඔබට සිතන්න
පුලුවන්ද?
මේ
තියෙන්නේ “පිරි රෙයිස් සිතියම “
16
වෙනි සියවසේ ඔටෝමාන් එහෙම නැත්නම් තුර්කි අධිරාජ්‍යයේ සුපතල දේශ ගවේෂකයෙක් වෙච්ච පිරි
රෙයිස් නොහොත් අද්මිරාල් පිරි ඉමන් හාජි මෙමද් විසින් 1513 දී මේ සිතියම නිර්මාණය
කරලා තියෙනවා.
මේක
හම්බවුනේ 1929 දී තුර්කියේ ඉස්තාන්බුල් නුවර පැරණි රජ මාලිගයක තිබිලා.
සිතියමේ
කොටසක් ඉරිලා විනාශ වෙලා තිබුනත්, ඉතිරියේ අප්‍රිකාව දකුණු ඇමරිකාව හා යුරෝපය නියම
විදියට ස්ථානගත කරලා ඇඳලා තිබුනා.
මේ
සිතියමෙන් ඇන්ටාක්ටිකාව කියන භුමිය නිශ්චිතව හඳුනාගන්න වසර 300කට විතර ඉස්සෙල්ලා
එහි උතුරු දිග වෙරල පෙදෙස නිසි ලෙස
නිරුපනය කරලා තිබුණු බව විශේෂඥයන විස්මයෙන් කියා සිටිනවා.
පිරි
රෙයිස් ගේ සිතියම් විස්තරය අනුව ඔහු මේ සඳහා උපයෝගී කරගෙන තියෙන්නේ ඔටෝමන් රාජකීය
පුස්තකාලයේ තිබුණු ඉපැරණි සිතියම් සමුහයක්.
ඔහුගේ
සිතියමට මහා ඇලෙක්සැන්ඩර් රජුගේ සමයේ සිතියමක් වගේම ක්‍රිස්ටෝපර් කොලොම්බස්ගේ
සිතියමකුත් ප්‍රයෝජනයට ගත්ත කියලා ඔහු කියනවා. නමුත් ඒ සිතියම් දැනට අස්ථානගත
වෙලා.
මේ
සිතියම සර්ව සම්පුර්ණ එකක් නෙමෙයි.
එත්
ඇන්ටාක්ටිකාව කියලා රටක් ගැන කවුරුවත් නොදන්නා කාලෙක මේක ඇඳපු එක වගේම
ඒ
සඳහා ඊටත් වඩා ඉපැරණි සිතියම් ප්‍රයෝජනයට ගැනීම ත් ඉතා විස්මිතයි.
රෙයිස්
ගේ සිතියමට එල්ලවන ප්‍රධාන විවේචනය
දකුණු
ඇමරිකාව විශාලත්වයෙන් වැඩියි. එහි
කෙලවර ඇන්ටාක්ටිකාව එක්ක යාවෙනව. ඒ
විවේචන ලේසියෙන්ම බිඳින්න පුළුවන්.
රෙයිස්
ම කියන විදියට මේක අඳින්න ඔහු උදව් කරගත්තේ ඉපැරණි සිතියම්.ගොඩක්විට ඒ සිතියම් වල
ඇන්ටාක්ටිකාව ඇතුලත් කරගෙන නැතිව ඇති.
ඒ
වගේම පිරි රෙයිස් ගේ සිතියමේ ඔහු නිවැරදිව යුරෝපය දකුණු ඇමරිකාව හා අප්‍රිකාවේ අක්සාංශ
පෙන්වා තිබෙනවා. ඉපැරණි සිතියමවල ඒවා නිවැරදිව ඇඳ තිබුනා නම් ඇන්ටාක්ටිකාව පමණක්
වැරදි වෙන්නට හේතුවක් නැහැ.
ඔරෝන්ටෙයස්
ෆිනේයස් කියන්නේ ප්‍රංශ ජාතික සිතියම් ශිල්පියෙක් වගේම ගණිතඥයෙක්.
ඔහුගේ
සිතියමෙත් ඇන්ටාක්ටිකාව පැහැදිලිව දක්වා තිබෙනවා.
එකේ
තියෙන විශේෂත්වය තමයි ගංගා ඇලදොළ කඳුවැටි ආදිය මෙහි පැහැදිලිව සටහන් කරලා තිබීම. මේක
පුරාවෘත්ත වල අහපු දක්ෂිණ දේශය හිතින් මවාගෙන ඇඳපු එකක් ද නැත්නම්
හිමෙන් තොර අතීතයක ගස් වල කඳු වැටි සහිත ඇන්ටාක්ටිකාව සටහන් කරපු ඉපැරණි සිතියම්
පාදක කරගෙන ඇඳපු එකක් ද කියන එක නම් ගැටළුවක්.
ෆිනේයස්
මේ පෙන්වන්නේ ඇන්ටාක්ටිකාව නෙමෙයි ඔස්ට්‍රේලියාව කියලා සමහරු කියනවා. ඔහු
ගණිතඥයෙක්. සැතපුම් 4000ක් දුරින් තියෙන ඔස්ට්‍රේලියාව දකුණු ඇමරිකාවට සැතපුම්
1000ක් වගේ ලඟින් ලකුණු කරලා තියෙන්නේ ඇයි?
නාවික
තරණයේදී මග කියන Maritime Navigation ගැන පොත් ගොඩක් ලියපු ගණිතය
, තාරකා විද්‍යාව වගේ විෂයයන් ගැන පොත් ගොඩක් ලියපු සඳේ
ආවාටයක් පවා ඔහු නමින් නම් කරවපු ෆිනේයස් ට මේ වගේ බරපතලා වැරද්දක් වෙන්න පුලුවන්
කියලා හිතන්න පුලුවන්ද?
ගැස්ටාලිඩ්
1548 දී ඇඳපු සිතියම් පෙළ , ලෝකයේ එතෙක් නිර්මාණය කරපු නිවැරදිම සිතියම් පෙළ කියා
හඳුන්වනවා.
ගැස්ටාලිඩ්
ගේ සිතියම දිහා බලන්න. එකෙත් ඇන්ටාක්ටිකාව තියෙන්නේ දකුණු ඇමරිකාවට බොහොම ලඟින්.
ෆිනේයස්
ට වගේම ඔහුටත් වැරදුනාද? නැත්නම් ඔහු ෆිනේයස්ගේ ආභාෂය ලැබුවද? එහෙමත් නැත්නම්
ඔහුත් ඉපැරණි සිතියම් පාදක කර ගත්තද?
16
වන සියවසේ හිටපු ගැස්ටාලිඩ් 19 වන සියවසේ හොයාගත්ත ඇන්ටාක්ටිකාව මේ තරම් නිවැරදිව
සටහන් කලේ කොහොමද?
අන්තර්ජාලය ඇසුරින් සකස් කලේ
උදාර එස්. සී. විලත්ගමුව