ආනන්ද් මහින්ද්‍රා ඉපදුණේ 1955 මැයි 01 වෙනිදා ඉන්දියාවේ මුම්බායි හීදී. මූලික අධ්‍යාපනයෙන්
අනතුරුව හාවර්ඩ් විශ්වවිද්‍යාලයට ඇතුළත් වන ඔහු 1977 දී උපාධිය ලබයි. 1981 දී
හාවර්ඩ් සරසවියෙන්ම තම එම්.බී.ඒ. උපාධිය සම්පූර්ණ කර ගන්නා ඔහු එම වසරේම මහින්ද්‍රා
ආයතනයේ උප සමාගමක් වන මහින්ද්‍රා යූජින් ස්ටීල් සමාගම සමග එක්වන්නේ එහි මූල්‍ය අධ්‍යක්ෂගේ
විධායක සහායකයෙකු ලෙසයි. 1989 දී එහි සභාපති සහ නියෝජ්‍ය කළමනාකාර අධ්යක්ෂ තනතුරට
පත්වන හේ 1991 අප්‍රියෙල් 4 වැනිදා මහින්ද්‍රා සහ මහින්ද්‍රා සමාගමේ නියෝජ්‍ය
කළමනාකාර අධ්යක්ෂ තනතුරින් පිදුම් ලබයි.
මහින්ද්‍රා සහ මහින්ද්‍රා හී පසුබිම් කතාවද ඉතා රසවත් එකකි. ආනන්ද් ගේ
මුත්තණුවන් විසින් 1945 දී යකඩ අලෙවි ආයතනයක් ආරම්භ කරන්නේ ඔහුගේ සහෝදරයා සහ
මිතුරකු වන ගුලාම් මොහමඩ් සමගය. 1947 ඉන්දියානු නිදහස් දිනය දාට පසුදා මොහමඩ් ආයතනය
හැරයන්නේ පාකිස්ථානයේ පළමු මුදල් ඇමැතිවරයා වශයෙන් වැඩ භාරගැනීම සඳහායි. එනයින් සහෝදරයෝ
දෙදෙන තම සමාගම මහින්ද්‍රා සහ මහින්ද්‍රා ලෙස නම වෙනස් කළහ.
ඔවුන්ගේ වානේ සමාගම අලෙවියේ සිට නිෂ්පාදනය දක්වා විතැන් වන්නේ ඉන්දීය වෙළෙඳපොළට
විලී ජීප් (Willy Jeeps) රථ එකලස් කිරීමේ
බලපත්‍රය නතු කරගනිමිනි. 1963 දී International Harvester සමාගම සමග බද්ධ ව්‍යාපාරයකට එළඹෙන මහින්ද්‍රා සහ මහින්ද්‍රා සමාගම අන්තර්ජාතික
ට්‍රැක්ටර් සමාගමක් ඇරඹීමට කටයුතු කරයි. නමුත් 1971 දී ඔවුන් හා වූ හවුල නිමවෙයි.
1990 මුල් භාගයේදී ගෙවුම් ශේෂ අර්බුදය හේතුවෙන් ආර්ථිකය ලිබරල්කරණය කිරීමට
ඉන්දියානු ආණ්ඩුව තීරණය කරයි. ඒ සඳහා ක්‍රියාමාර්ග ගණනාවක් ක්‍රියාත්මක කරන්නට යෙදුණු
අතර, ඉන්දියාව විදේශ වෙළෙඳ සහ ආයෝජනය සඳහා විවෘත කිරීම, පුද්ගලිකකරණය, පාලන සීමා සහ නීතිරීති ලිහිල් කිරීම සහ බදු ප්‍රතිසංස්කරණය
ඉන් කිහිපයකි.
මේ වෙනස්වීම් සමග පවුල් සමාගමේ සේවා සංස්කෘතිය වෙනස් කරනවාද නැත්නම් රට මුහුණදෙන
නව ජාත්‍යන්තර තරගකාරිත්වය හමුවේ පසු බසිනවාද යන්න මහින්ද්‍රා තීරණය කළ යුතු විය.
සාම්ප්‍රදායිකව දීවාලි උත්සවය වෙනුවෙන් ආයතනය විසින් ලබාදෙන ප්‍රසාද දීමනා වහාම ක්‍රියාත්මක
වන පරිදි ඵලදායිතාව සමග සම්බන්ධ විය යුතු වග ඔහු දැනුම් දුන්නේය. සේවකයෝ තම ඵලදායිතාව
ඔප්පු කළ යුතු විය. මහින්ද්‍රා වහා සේවක ප්‍රජාව ඇමතීය. ඔවුන් කැමති වුවත්, නැති වුවත්
ඉදිරියේදී නොමිලේ දිවා ආහාර ලබා දීමක් සිදු නොවන බව ඔහු පැහැදිලි කළේය.
වෙනස සිදුවිය. පැරණි සේවා පද්ධතිය තුළ 1200කට අධික පිරිස දිනකට එන්ජින් 70
ක් නිපදවූ අතර, 1994 වන විට 760ක් වූ සේවක පිරිසට දිනකට එන්ජින් 125ක් නිපදවිය හැකි
විය.
ලෝකයේ ප්‍රමුඛතම ඔටෝමෝටිව් නිෂ්පාදකයන් සමග තරග කිරීම සඳහා තම සමාගම ලෝකව්‍යාප්ත
කිරීමට මහීන්ද්‍රා කටයුතු කළේය. 1995 දී මහින්ද්‍රා ෆෝර්ඩ් ඉන්දීය සමාගම නිර්මාණය
කිරීම සඳහා මහින්ද්‍රා සමාගම ෆෝර්ඩ් මෝටර් රථ සමාගම සමග 50 ට 50 බද්ධ ව්‍යාපාරයකට
එළැඹිණ. එම බද්ධ ව්‍යාපාරය සිතූ පරිදි සාර්ථක නොවූ අතර, ඔවුන්ගේ පළමු නිෂ්පාදනය වන,
the Ford Escort අලෙවිය දුර්වල වූයේ
වසර 5 කට පසු එය නවතා දමන්නට සිදුවෙමිනි.
බද්ධ ව්‍යාපාරයේ වැඩි අයිතිය ෆෝර්ඩ් වෙත පැවරුණු අතර, 1998 දී ඔවුන් තම අයිතිය
72% දක්වා ඉහළ නැංවූ අතර, සමාගමේ නම ෆෝර්ඩ් ඉන්දියා පුද්ගලික සමාගම ලෙස වෙනස් විය.
නූතන මෝටර් නිෂ්පාදනයට නොගැලපෙන ක්‍රියාවලියක් ලෙස මහින්ද්‍රා මේ ක්‍රියාවලිය දුටුවේය.
ඉදිරියට.................
No comments:
Post a Comment