අපේ ගමේ මීට අවුරුදු ගානකට කලින් අක්කර 35ක රබර් ඉඩමක් විකුණුව රබර් මිල වැටුණු කාලෙකදි. අවුරුද්දක් දෙකක් ගිහින් අපි දැක්ක ඒ හිස් ඉඩමෙ ටික ටික තේ හිටවන්න ගන්නව.
කලු මිටි මැදිවියේ හාදයෙක් උදේ කොහෙදෝ ඉඳන් බස් එකේ ඇවිත් කි. මි. 2ක් පයින් ඇවිත් වත්තෙ වැඩ කලා මුලදි. පස්සෙ ටික ටික ගමේ කුලී කාරයො කීප දෙනෙකුත් ඕකෙ වැඩකලා. ඔය කාලෙදිම අපේ ගමට ඉඩම් අරන් අලුතින් පදිංචියට ආව බොගවන්තලාව පැත්තෙ තේ වත්තක වැඩ කරපු හාදයෙක්. මිනිහ නිතරම කිව්ව ඔය වත්තෙ තේ හරියන්නෙ නෑ කියල.
හැබැයි අර කලු කොට හාදය දිගටම වැඩ කලා. මිනිහ දුර ඉඳල ආවට ගමේ එවුන්ට කලින් උදේ වැඩට ආව. ගමේ උන් ගියාට පස්සෙයි වැඩ ඇරිල යන්නෙ. නිවාඩු දාට එහෙමත් මිනිහ සෝට ගහන් වැඩ කරනව අපි දැකල තියෙනව.
මිනිහ තමයි මාසෙ අන්තිමට කට්ටියගෙ පඩි සල්ලි බේරන්නෙත්.
ඔය කාලෙදි මම කැම්පස් එකේ හිටියෙ. අහල පහල පොඩි එවුන්ට (o/l maths)
පංති කලා නොමිලේ.
ඔය වත්තෙ වැඩ කරන අයගෙ ලමයි කීප දෙනෙකුත් මගෙ පංතියට ආව. මම පංති කරනව කියල අර කලු කොට හාදය එයාලගෙන් දැනගෙන දවසක් මට කීව පුතා මහන්සිය දෙන්නම් මගේ දුවට ගෙදරට ඇවිත් පංති කරන්න කියල.
මම එවෙලෙ කල්පණා කලා ජීවිතේට රු 60ක් දීල ත්‍රීවිල් එකේ නොයන එකා මට කීයක් දෙයිද කියල.
දවස් කීපයක් කිව්වට පස්සෙ මම ඕකට ගියා පාර හොයාගෙන.කිරිඳිවැල පැත්තෙ ගෙවල් ඒකගෙ.
ගියාට පස්සෙයි දන්නෙ ඒ කලු කොට හාදය අර වත්තෙ අයිති කාරය කියල.අපි හිතන් උන්නෙ ඌ අයිති කාරය වැඩට දාපු එකාය කියල.
ඒකට තව තේ පොල් අන්නාසි වතු එහෙමත් තිබුන. මම පංති කලේ බාල දුවට. ලොකු පුතයි දෙවෙනියයි උපාධිය කරන්න ඔස්ට්‍රේලියා ගිහින්.
හැබැයි ගෙදර වාහනයක් තිබුනෙ නෑ.
ඔයා පෝස්ට් එකේ දාපු ප්‍රශ්නෙට මේ කතාවත් ගලපල බලන්න අදහසක් ගන්න.
ලෝකෙට ණය වෙලා වාහනේ යන මිනිස්සු ඉන්න රටේ වෙනස් විදියකට ජීවත්වෙන මිනිහෙක්.
බුද්ධි නන්දන කහඳවල